ජ'පුර සරසවියට මේ වන විට මුහුණපෑමට සිදු වී ඇත්තේ ද කොටියා කෑ කතාවට ම සම වූවකි. අන්තරේ ක්‍රියා කලාපය හා නවක වධයේ අඳුර මිනිසුන් හොඳින් හඳුනාගෙන ඇති බැවින් සරසවිය අභ්‍යන්තරයේ දී සිසුනට සිදුවන අඩන්තේට්ටම් සියල්ල ම එකී මාතෘකා හරහා කාලාන්තරයක් තිස්සේ මිනිසුන් හට හොඳින් කා වැදී ඇත.
එබැවින් ඕනෑ ම සරසවියක නවකයින්ට සිදුවන තාඩණ පීඩන මුළු මහත් සමාජය විසින් ම පිළිකුල් සහගතව හෙළාදැකීමට බඳුන් වීම වළකාලිය නොහැක්කක් වී ඇත. ඊට පිළිගත හැකි විසඳුම් සරසවිය තුලින් හෝ ඉදිරිපත් නොවීමත් ඊට ලබා දෙන විසඳුම් සඳහා විරෝධය සරසවිය තුලින් ම එල්ල කිරීමත් ඔවුන් විසින් විහින් ම සරසවියේ සායම යවා ගැනීමට හේතු පාදක වී ඇත.
එහෙයින් නවකයෙකු හට මරණීය ආබාධයක් ඇති කල ටයරය හා සබැඳෙන සියළු ක්‍රියා පද හමුවේ ජ'පුර ජ්‍යේෂ්ඨ සිසුහූ වැරදිකරුවෝ වන්නේත්, එලෙස හංවඩු ගැසෙන්නේත් ඊට දායකවන්නන්ගේ පෙර සහ වර්තමාන අදූරදර්ශී සහ මුග්ධ ක්‍රියාකලාපයන් හේතුවෙනි.