සමුපකාර ජන්දයද ඇතැම් විට උණුසුම් මුහුණුවරක් ගනු ලබනවා. කොටපොල විවිධ සේවා සමුපකාර ජන්දය පිලිබදව විවිධ කතාබහක් සමාජය තුල පැතිර යන නිසා එහි සත්‍ය අසත්‍යතාවය සෙවීම සදහා Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.
-copied-
සමාජ මාධ්‍ය සටහන්
Lanka C News වෙබ් අඩවිය පහත පරිදි වාර්තා කර තිබිණි.
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ බලවේග විසින් සහාය දුන් පිරිස ජයග්‍රහණයක් ලබා ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද පාර්ශ්වය ඉන් විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබේ.
නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධුර 39ක් දිනා ගනිද්දී ජයග්‍රාහී කණ්ඩායම ආසන 55ක් ජයග්‍රහණය කර ඇත.
ඉන් වැඩිම කොටසක් ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කොටපොල සුරැකීමේ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර ඒ අනුව සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබේ.
මුලාශ්‍ර -https://lankacnews.com/%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%b4%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7/
හිරු news .lk වෙබ් අඩවිය ද මෙය තහවුරු කර තිබිණි.
දෙනියාය සමුපකාරය ජවිපෙට ජය
ආසන 65 ක ප්‍රමාණයක් හිමිකරගෙන ජවිපෙ එහි ජය තහවුරු කර ඇති බව එහි වැඩි දුරටත් සදහන් වන අතර එය පහත දිගුව හරහා ඔබට පරිශීලනය කිරීමේ හැකියාව ඇත.
https://www.hirunews.lk/290188/දෙනියාය-සමුපකාරය-ජවිපෙට-ජයක්-ගෙනදෙයි
තොරතුරු විමර්ශනය - Fact Check
අප මේ පිලිබදව සමුපකාර දෙපාර්තමේන්තුවෙන් ජන්දය භාර නිලධාරී ලෙස පත් කරන ලද ෂර්ලි ඉන්දික මහතාගෙන් විමසීමක් කරන ලදී.
මේ පුවත සම්පුරණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක්. ජන්දය කිසිම දේශපාලන පක්ෂයකට අදාලව නාම යෝජනා භාර දීමක් සිදු වන්නේ නැ. එක් එක් පුද්ගල නමින් ජන්දයට ඉදිරිපත් වන අතර මා හට නිළ වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ අදාළ ප්‍රාදේශිකයක් සදහා තේරී පත් වූ නියෝජිතයාගේ නම පමණයි. ජන්දය පවත්වා දින 14 ක් තුළ ඔවුන් සභාව රැස් කර අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීම සිදු කළ යුතු වනවා. එහිදී කුමන පුද්ගලයා එහි සභාපතිත්වයට පත් වන්නේ ද යන්න සභාවේ බහුතර කැමැත්ත මත තීරණය වන්නේ. එම නිසා විවිධ පක්ෂ වල නම් සදහන් කරමින් මේ පැතිර යන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් වනවා.
අප මේ පිලිබදව කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපති මනෝජ් ජයවර්ධන මහතාගෙන් විමසීමක් සිදු කරන ලදී.
කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය නියෝජිත ධුර 100 කින් සමන්විත වන අතර එමගින් බහුතර පක්ෂපාතිත්වය හිමිවන කණ්ඩායමට එහි බලය හිමි වනවා. දින 14 ක් ඇතුලත පවත්වන සභා රැස්වීම තුලදී කවුද සභාපති, අධ්යක්ෂ මණ්ඩල නියෝජිතයන් කවුරුද යන්න තීරණය වන්නේ. මා මෙහි පළමු වරට සභාපති ධුරයට පත් වන විට මට පක්ෂව නියෝජිත ධුර 43 ක් පමණයි හිමි වුනේ. නමුත් බහුතර කැමැත්ත මත මා එහි සභාපතිත්වයට පත් වුණා. මාගේ කාලය තුල දකුණු පළාත තුල පසුපසින්ම සිටි සමුපකාර සමිතිය, අංක 1 ස්ථානය දක්වා ඔසවා තැබීමට හැකියාව ලැබුණා . මෙහිදී අප කිසිදු පක්ෂ භේදයකින් තොරව එකා මෙන් කටයුතු කරා. මට සහය දැක්වූ පිරිස අතර සියලුම පක්ෂව වල නියෝජිතයන් සිටියා. මෙවර මට පක්ෂව දැනට 51 දෙනෙකු පක්ෂව සහය දෙන අතර මහා සභා රැස්වීමේදී ස්වාධින නියෝජිතයන්ගේ සහය සමගින් ආසන්න වශයෙන් නියෝජිත ධුර 60 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි වන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ මේ සාර්ථක කළමනාකාරිත්වය අවුල් කිරීම සදහා යම් නියෝජිතයන් ඉදිරිපත් කළ ද ඔවුනට හිමිව තිබෙන්නේ නියෝජිත ධුර 30 ක පමණ ප්‍රමාණයක්.
නමුත් මෙහි ඇති කණගාටුදායක පුවත වන්නේ තවමත් අවසන් ප්‍රතිපලය වත් ප්‍රකාශයට පත් නොකළ අවස්ථාවක විවිධ දේශපාලන පක්ෂ විසින් අසත්‍ය ප්‍රකාශ කරමින්, මාධ්‍යට අදහස් දක්වමින් කරුණු දැක්වීමයි.
අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ බහුතර කැමැත්තෙන් පසුගිය පාලන සමය තුළ මෙහි කළමනාකාරිත්වය ඉටුකළ නිලධාරීන් කිසිදු පක්ෂ භේදයකින් තොරව එළබෙන පාලන කාලය තුල දී ද කටයුතු කරන අතර අනාගතය තුළ වඩාත් සාර්ථක ශක්තිමත් සමුපකාර සමිතියක් බවට කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය පත් කරන බවයි.
නිගමනය
දෙනියාය සමුපකාර සමිතියේ ජවිපෙට ජය යනුවෙන් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වල පලවන පුවත් සියල්ල අසත්‍ය වේ. මෙහිදී කිසිදු දේශපාලන පක්ෂයකට ජය හිමිවීමක් සිදු නොවූ අතර සියළු පක්ෂ නියෝජිතයන්ගේ සහය ඇතිව බහුතර බලයක් සහිතව වත්මන් පාලන අධිකාරිය විසින්ම ඉදිරි කාලය තුළ මෙහි කළමනාකාරිත්වය සිදු කරනු ලබයි.