ඤාණසාර_කුණුහරුප

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
ඤාණසාර_කුණුහරුප


ඤාණසාර අධිකරණ බිමේදී කුණුහරුප කියයි… පොලීසියට පැමිණිල්ලක්
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද උසාවි භූමියේදී හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට 'පර බල්ලා' කියා බැන වැදී ඇතැයි වාර්තා වේ.

ඥානසාර හිමියන්ට එල්ලවී තිබු චෝදනාවක් සම්බන්ධයෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකදී ඇතිවූ මත ගැටුමක් මෙම බැන වැදීමට හේතුවී ඇතැයි ද පැවසේ.
නඩුව විභායකට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් විත්ති කුඩුවට නංවන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ගුණරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාගෙන් බලවත් ඉල්ලීමක් කලද විනිසුරුවරයා එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළේය.

අධිකරණය තුලදී සැකකරු පුජ්‍ය පක්ෂයේ අයකු වුවද ඔහුට විශේෂ අනුග්‍රහයක් දැක්විය නොහැකි බවට නීතිඥ ගුණරත්න මහතා එහිදී තර්ක කළේය.
මෙහිදී මහේස්ත්‍රාත් වරයා කියා සිටියේ, නීති පොතේ එසේ සඳහන්ව ඇතත්, වැඩකිරීමේදී තමා කටයුතු කරන්නේ ප්‍රයෝගික තත්වය සැලකිල්ලට ගනිමින් බවයි. එය වරදක් නම් තමාට එරෙහිව ඉහල අධිකරණයකට පැමිණිලි කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා, ගුණරත්න මහතාට දැනුම් දුන්නේය.
ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීමේ චෝදනා මත බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හය නමක් අද අධිකරණයට ඉදිරිපත් කළහ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ, ''ඔයාලගේ ලොක්කා මට බල්ලා කියලා බැන්නා '' යයි නීතිඥ ගුණරත්න මහතා තමන්ට අධිකරණ භූමියේදී පැවසු බවයි.

එහිදී '' උන්වහන්සේ බනින්න ඇත්තේ බල්ලෙකුට වෙන්න ඇති' යයි කියා තමා ඔහුට පැවසු බවද විතානගේ මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත.
මේ අතර ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙලෙස ඤාණසාර හිමියන් විසින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනේ යයි නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා එහිමියන්ට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.
අදාල නඩුව සඳහා වටරැක විජිත හිමිගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී ඒ අසලින් සිටි ඥානසාර හිමියෝ පහත් වචනයකින් තමන්ට බැණ වැදුණු බව පැමිණිල්ලේ දැක්වෙයි.


10402823_238062213070749_6204825141576109087_n.jpg