ඥානක්කාගේ අදෝනාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gnanage toilet hodana @zaliya sonnya mehe wara


    සාත්තු සේවිකා රැකියාවෙන් සහ වැලි ගොඩ දාලා බ්‍රෝකර් වැඩ කරලා ඥානක්කා කෝටි ගණනක ආදායමක් හොයලා
    • ඥානක්කාට කාලි මැණියොයි පත්තිනි මැණියොයි දෙන්නම ආරූඪ වෙනවලු
    • ඒ වේලාවට කරන දේවල් මතක නෑලු‍

    image_3951f9cbf9.jpg
    ඥ‌ානක්කා නොහොත් වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී මෙරට පුවත් මවන්නියක් ලෙස පසුගිය කාලයේ දැකගත හැකි වූවාය. ඥානක්කා පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් රට හමුවේ තම දුක කියමින් හඬා වැටුණාය. ඒ තමන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේපොළ ගිනි තබා විනාශ කිරීම නිසා ඇති වූ සිත් තැවුලෙනි. ඇය මෙලෙස මාධ්‍ය හමුවේ හඬා වැටෙමින් කියා සිටියේ තමන් ජීවිත කාලයටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේපොළ විනාශ වී ඇති බවය. ඇය පවසන පරිදි කිසිදු දේශපාලනඥයෙකුගෙන් කිසිවක් අරගෙන නැත. වෙනත් අයගෙන්ද ඇය කිසිදු දෙයක් අරගෙන නැත. ඇය මෙතෙක් ආදායම උපයාගෙන තිබුණේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලෙනි.

    දහඩිය මහන්සියෙන් උපයා ගන්නවා කියන්නේ තම ස්වෝත්සාහයෙන් මුදල් හම්බ කිරීම බව අපේ පැරැන්නන්ගේ මතයයි. එසේ උපයා ගත් මුදලේ වංචනිකව වෙනත් අයෙකු රැවටීමෙන් හොරකම් කිරීමෙන් නීතියට පටහැනිව උපයා ගත් මුදල් නැත. එම මුදල් සියල්ලම මහත් කැපවීමෙන් දුක් මහන්සි වී සර්ව සාධාරණව උපයා ගන්නා ධනය බව පැරැන්නෝ කියති. එලෙස උපයා ගන්නා මුදල් දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් ලෙස හැඳින් වූවාට වරදක් නැත.

    එහෙත් ඥානක්කා පවසන පරිදි දහඩිය මහන්සියෙන් මේ වෙනතෙක් උපයාගෙන ඇති මුදල කොතෙක්ද දන්නේ ඇය පමණි. දහඩිය මහන්සියෙන් උපයා ගත්තා යැයි කියන මුදලින් ලබාගත් දේපොළවල වටිනාකමද අප දන්නේ ද නැත. ඒ නිසා මේ ඉපයීම ගැන සියලු‍ වටිනාකම් මේ වන විට කොතෙක් ද කියා කවුරුත් නොදනී. එහෙත් පසුගියදා විනාශ වූ දේපොළ වටිනාකම පමණක් රුපියල් කෝටි විසි හයක් පමණ වෙතැයි පැවසේ.

    ඥානක්කා පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු රැසක් අනාවරණය කළාය. ඇය මෙතෙක් උපයා ඇති මුදල් සිය දහඩිය මහන්සියෙන් ඉපැයූ බව ද එම සාකච්ඡාවේදී කියැවුණි. කිසිදු දේශපාලකයෙකුගෙන් මම එක රුපියලක්වත් අරගෙන නෑ. කිසිම කෙනෙක් මගේ ඉදිරි පිටට කිසිම දෙයක් ගෙනාවත් මම කවදාවත් කිසිම දෙයක් අරගෙන නෑ.
    මට එහෙම ඕන නෑ. මම හරි මහන්සියෙන් නැගිටපු අම්මා කෙනෙක්. ඒ නිසා මගේ ළඟට ආපු දේශපාලකයෝ නෙමෙයි දුප්පත් මිනිස්සු මට කියනවා සැලෙන්න එපා ගේ හදලා දෙන්නම් කියා. මම මේ තැනට ආවේ ගොඩක් දුක් විඳලා. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. මගේ දරුවන්ට උගන්වලා මේ තරම් දුර ආවා නම් මගේ හෘද සාක්ෂිය තමයි හොඳම සාක්ෂිය. මම ශක්තිමත්ව නැගිටපු අම්මෙක්. ඇය මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියාය.


    ඥානක්කා මේ කියපු කාරණා ඇත්ත නම් ඇය ගැන ආඩම්බර විය හැකිය. නමුත් දැන් ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සාස්තර කීමය. ඇය දහඩිය මහන්සියෙන් උපයා ගත්තා යැයි කියා කියන මේ සා ආදායමක් ඉපැයූවේ සාස්තර කීමෙන් බව අනුරාධපුර ජනතාවගේ මතයයි. අනුරාධපුර ජනතාව පවසන පරිදි සාස්තර කීමට පෙර ඇය රැකියාව ලෙස කළේ අනුරාධපුර මහ රෝහලේ සාත්තු සේවිකාවක් ලෙසය. එසේ සේවය කරන කාලයේ ඇයගේ මූලික වැටුප රුපියල් 15,000ක් පමණ බවත් සියලු‍ දීමනා ද සමග රුපියල් 20,000-25000 ක පමණ වැටුපක් ලබන බව ඇය සමග සේවය කළ එම රෝහලේම සුළු සේවිකාවක ද කියා සිටියාය.

    පසුව ඇය දුරකතන ක්‍රියාකාරණියක ලෙස සේවය කළත් ඇයගේ වැටුප විශාල ලෙස වැඩි වූයේ නැති බව ඥානක්කා සමග සේවය කළ සේවිකාව පැවසුවාය. එසේ නම් මේ වෙන විට රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇත්තේ ඥානක්කා පවසන පරිදි ඇය කළ අනෙක් රැකියා වලින්ද දන්නේ නැත. එම රැකියා ලෙස ඇයම පෙන්වා දෙන්නේ වැලි ගොඩ දැමීම සහ තැරැව්කරුවෙකු ලෙස කළ රැකියාය. එම රැකියාවලින් උපයාගත් ආදායම ද සමග ඇය මේ වන විට විශාල අදායමක් උපයා ගත්තා විය හැකිය.

    සාස්තර කීමට පටන් ගන්නා කාලයේ ඇය පදිංචිව සිටියේ දැනට පදිංචි වී සිටින ස්ථානයේය. එය කුඩා නිවසකි. දේවාලයද තිබී ඇත්තේ පොඩියට බව අනුරාධපුර ජනතාවට නම් රහසක් නොවේ.
    අනුරාධපුර පැත්තේම සාස්තර කීමට ප්‍රසිද්ධ හිමි නමක් සිටියලු‍. එම හිමියන් සාස්තර කීමේදී සාස්තර ඇසීමට එන අයගේ නම් කියා අඬගසනවලු‍. හරියටම සාස්තර කියනවලු‍. අනුරාධපුර ජනතාව නම් කියන්නේ එහෙමය. මේ හිමි නම දැන් අපවත් වී ඇත. නමුත් එම හිමිනමගේ සාස්තර කීමේ ආභාෂය ඥානක්කා ගත්තලු‍. ඥානක්කා සාස්තර කියන විට නම කියා අඬ ගහනවා කියන්නේ ඒකලු‍. නමුත් සිදු වෙන්නේ සාස්තර කියන විට එළියට එන ඥානක්කා දුව හෝ බෑණා කරන්නේ ඔවුනට හිතූ හිතූ තැන්වලින් පැමිණ ඉන්න අයට අඬ ගසා මෑණියෝ අඬගසනවා කියා කියනවලු‍. ඒ පුද්ගලයා සාස්තර අහන්න පෙරම හිත වෙනස් කරන්නේ එහෙමලු‍ යැයි අනුරාධපුර ජනතාව

    ඥානක්කා පවසන පරිදි වාර්තා වූයේ සාස්තර කියන විට ඇය අරගෙන ඇත්තේ පඬුරු ලෙස වෙන් කළ රුපියල් විස්සක් පමණි. ඇය කියන පරිදි වෙනත් කිසිදු වරදානයක් කාගෙන්වත් අරගෙන නැත. අප දන්නා තරමට සාස්තරකරුවෝ ළඟට සාස්තර ඇසීමට විවිධ තරතිරමේ අය එති. දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, නිලමේවරු, ස්වාමින් වහන්සේලා, වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ ආදී විවිධ අය එති. මේ අය සාස්තර ඇසීමෙන් පසු තම වැඩේ ටක්කෙටම හරි නම් විවිධ දේ සංතෝසම් වශයෙන් ලබා දෙති. එම සංතෝසම දෙන්නේ එක්කෝ මුදල්වලනි. නැත්නම් යාන වාහනවලිනි. නැත්නම් ගෙවල් දොරවල්වලිනි. එලෙස ලබා දෙන සංතෝසම සුළු පටු නැත.

    ඥානක්කා සතුව ඇති කෝටි ගණනක මුදල් එලෙස ලැබුණ ඒවාද අප දන්නේ නැත. අනුරාධපුර ජනතාව පෙන්වා දෙන පරිදි කඩ පනහෙන් කඩයක් තිබෙනවාලු. තවත් නිවසක් තිබෙනවාලු. මේ මෑතකදී ඥානක්කාගේ පුතා ප‍දින්නේ සුඛෝපභෝගී වාහනයක්ලු. ඒකේ ගමන් බිමන් ගියේ රාජ්‍ය ලාංඡනය පවා ගහගෙනලු‍. පහුගිය කාලයේ රටේ කලබල ඇති වෙනකොට සුඛෝපභෝගී වාහනය හංගලලු‍. තවම එළියට නම් අරගෙන නැතිලු‍ යැයි අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.



    image_9d6d128711.jpg


    උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඥනක්කා පිළිගන්නා අයුරු. පසකින් දියවඩන නිලමේ නිලංග දෑල, හිටපු අමාත්‍ය මහින්ද‌නන්ද අලුත්ගමගේ සහ චතුරිකා සිරිසේන ද සිටී.


    ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇති ඉඩමට අදාළ පැවරුම් දෙකක් ඇති බවය. ඉන් එක් පැවරුමක් වනුයේ අනුරාධපුර, ඥ‌ාණිකුලම - විජේරිස්වත්ත ලිපිනයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ අබයරත්න වික්‍රමසිංහ යන අයට පැවරුම් කර අංක 229 මගින් මෙම ඉඩමේ කොටසක් පවරා දී ඇත. ඉඩමේ අනෙක් කොටස අනුරාධපුර සුචරිතගම යහලේගම පදිංචි වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී යන අයගේ පුතෙකු වන අනුරාධපුර, ඉසුරුපුර, නිදහස් මාවත, අංක 246 ලිපිනයේ පදිංචි කුමාරසිංහ ආරච්චිලාගේ අනුරුද්ධ නලීන් කුමාර ජයසූරිය යන අයට නැවත පවරා දී ඇති බවය. තවද මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මා විසින් නිර්දේශ හෝ එකඟතාවයන් ලබා දී නොමැති බවද දන්වා සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් දන්වා ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_00faba27b5.jpg



    ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇති ඉඩමේ පළමු පැවරුම අනුව ඉඩම හෙක්ටයාර බින්දුවයි දශම තුනයි එකයි පහක (0.315) විශාලත්වයෙන් යුතු ඉඩමක් බව පළමු පැවරුමේ පෙන්වා දෙයි.
    නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතා මීට පෙරද තහවුරු කර සිටියේ ඥානක්කා හෝටලය හදන්න සැලැසුමක් අනුමත නොකර වැඩේ පටන්ගෙන තිබූ බවය. ඉදිකිරීම් අනවසරයි කියා පැමිණිලි ආව නිසා ඉඩමේ හිමිකම ගැන ෆයිල් එකක් දාන්න කිව්වම එය නොදා නැවත හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කළ බව කුමාරදාස මහතා පෙන්වා දෙයි.. ඒ අනුව උතුරු මැද ආණ්ඩුකාරවරයා ද මේ ගැන දැනුවත් කළ බව නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතා කියා සිටියේය.
    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මීට පෙර අප වෙත සනාථ කළේ ඥාණක්කාගේ හෝටලය රක්ෂිත කොටසට අයත් යැයි කියා ඉදිකිරීම් නවතා දමන ලෙස කීවත් එම ඉල්ලීම පසෙකලා හෝටලය ඉදිකළ බවය. ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇත්තේ වාරිමාර්ග රක්ෂිතයේ නොවෙන බව කියා මේ අය අයිතිය පෙන්විය යුතුයි. එසේ පෙන්වන්නට අපොහොසත් වූවොත් නීතිපතිවරයා වෙත යොමු කොට නඩු දමන බවය.

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගෙන් ද මේ ගැන විමසීමේදී මීට පෙර සනාථ කළේ හෝටලය ඉදිකොට ඇත්තේ වැව් රක්ෂිතයේ නම් නඩු පවරා ඉවත් කළ හැකියි කියාය.

    මේ වන විට රජයේ සෑම නිලධාරියෙක්ම සහ ප්‍රාදේශීය දේශපාලකයින්ද තහවුරුකර සිටින්නේ ඥානක්කාගේ හෝටලය් ඉදිකොට ඇත්තේ වැව් රක්ෂිතයේ බවය. නමුත් ඇයට නීතිය ක්‍රියාත්මක ෙවන්නේ නැත. ඒ ඈ පිටුපස තිබෙන දේශපාලන හයිය නිසා බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.
    ඥානක්කා දේශපාලකයන්ගෙන් සහ අනෙක් අයගෙන් මුදල් නොගත්තා යැයි කියන්නේ ඒ නිසා විය හැකිය. ඇය හෝටලයේ කොටසක් ගොඩනගා ඇත්තේ නීතියට පටහැනිව බව රාජ්‍ය නිලධාරීන්ගේ තහවුරු කිරීම්වලින් මනාව පැහැදිලි වෙයි. එසේම ඇය පවසන පරිදි විටෙක ඇයට කාලි මැණියෝද, විටෙක පත්තිනි මෑණියෝද ආවේශ වෙයි. ඉන්පසු කරන කියන දෙයක් ඇයට මතක නැති බවද ඥානක්කා පසුගියදා පවසා තිබුණි. සමහර විටෙක සාස්තර ඇසීමට එන අය ඇයට යම් ආධාරයක් සංතෝෂමක් ලබා දී ඇත්තේ කාලි මෑණියන් හරි පත්තිනි මෑණියන් හරි ආරූඪ වී සිටින මොහොතක විය යුතුය. ඒ නිසා ඇය කියන පරිදිම ඒ සිදුවීම ඇයට මතක නැතුවා විය හැකිය. නමුත් සිහිය ආපු වේලේ මේ සා විශාල මුදලක් තමන්ට ලැබුණේ දේවාරූඪය ආපු වේලේ යැයි ඥානක්කා සිතනවා විය හැකිය. එනිසා මෙම මුදල් දහඩිය මහන්සියෙන් උපයනවා යැයි කීවේ ඒ නිසා දැයි අප ෙනාදනී.


    දැන් ඥානක්කාට සාත්තර කීමට බැරිලු‍. දකුණු පළාතේ හාමුදුරු නමක් සමග එකතුව භූතයෙකු අල්ලා හරි හරියට වැඩ කළාලු‍. භූතයා පහුගිය දෙසැම්බරයේදී දේවාලය අතහැර ගියාලු‍. තවත් භූතයන් හිටියත් පෙර භූතයා මෙන් වැඩකරන්න බැරිලු‍ යැයි අනුරාධපුර ජනතාව කියන කතාවකි. ඥානක්කාගේ සාස්තර බොරු බව පිළියන්දල ප්‍රදේශයේ වාහන සේල් හිමිකරුවෙකු ද කියා සිටියි. තම වාහන සේල් එකේ වාහන නොවිකිණෙන නිසා ඥානක්කා ළඟට ගිය බවත් ඒ සඳහා ලක්ෂ ගණනක මුදල් නාස්ති වූ බවද එම වාහන සේල් හිමියා අප වෙත කීය.
    ------ Post added on May 31, 2022 at 1:21 AM

    වසරක් පමණ ගියේ වාහන ටික විකුණා ගැනීමට ඥානක්කා ලවා ගුරුකම් වැඩක් කර ගැනීමටය. නමුත් ඒ වෙන තෙක් එකදු වාහනයක්වත් විකුණා ගැනීමට බැරි වූ බව එම ව්‍යාපාරිකයා පවසයි. ඥානක්කා සාස්තරකීම ඇත්ත දැයි බැලීමට අනුරාධපුර තරුණ පිරිසක් මීට කාලයකට ඉහතදී දේවාලයට ගොස් තිබේ. දේවාලයට පූජා කිරීමට වැටකෙයියා මල් මිලදීගත යුතුය. මේ එක් මලක් රුපියල් තුන් දහසක් දී මිලදී ගැනීමට සිදු වූ බව එම තරුණයන් ද විමසා සිටින ලදී. ඥානක්කා දහඩිය මහන්සියෙන් හම්බ කරන්නේ එලෙස යැයි එම තරුණයෝ ද කියති.
    ------ Post added on May 31, 2022 at 1:21 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    මේකි එක්ක රට රවට්ටන්න ගොන්පාට් දාන්න කලින් දාඩිය දාන්න අරිනවා ඇති ඕකට. හරිනේ එතකොට කියපු දේ. දාඩිය මාන්සියෙන් හම්බ වෙලා තියෙන්නෙ 🤭
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අනාගතය හරියට කියන සීන් එකක් තියෙන්නේ. ඇමතියෙක් කීවේ ඕක. අං ගිලපු ඇමතිලා අන්දන්න බෑ දේවාල‍ෙකට හරි කපුවෙකුට. වැඩේ හරියටම හරි නම් විතරයි උන් යන්නේ. කොහොම හරි අනාගතය කියන සීන් එක ඇත්ත.
     
    • Haha
    Reactions: Cypress and shenat

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    අනාගතය හරියට කියන සීන් එකක් තියෙන්නේ. ඇමතියෙක් කීවේ ඕක. අං ගිලපු ඇමතිලා අන්දන්න බෑ දේවාල‍ෙකට හරි කපුවෙකුට. වැඩේ හරියටම හරි නම් විතරයි උන් යන්නේ. කොහොම හරි අනාගතය කියන සීන් එක ඇත්ත.
    rate anagathe unta kyla nadda bn, gewal giniganna ewa ehema
     
    • Haha
    Reactions: aneasarayana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටෙලිෆෝන් ඔපරේටර් කරේ දුමින්ද දිසානායකගෙ තාත්තා බර්ටි. :lol: ඒ පත්වීම ගැනත් හෙව්වනම් ඕකිව හිරේ යවන්න පුලුවන් වෙයි
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදා වැරදිලා මිනිස්සුන්ට තමයි කාලි ආවේශ වෙලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: Cypress

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Me gani Pau yako. Daduwam denna oni gota- lrt railway system nawaththuwata
    My3- norochchole power plant
    Ranil- wiyawastha kumanthana
    Wenama court dala daduwam denna oni.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    අනාගතය හරියට කියන සීන් එකක් තියෙන්නේ. ඇමතියෙක් කීවේ ඕක. අං ගිලපු ඇමතිලා අන්දන්න බෑ දේවාල‍ෙකට හරි කපුවෙකුට. වැඩේ හරියටම හරි නම් විතරයි උන් යන්නේ. කොහොම හරි අනාගතය කියන සීන් එක ඇත්ත.

    බේරෙ වැවේ නාන එක, ගෙවල් ගිනි ගන්න එකත් කලින් කියලලුද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දියවඩනයාව පන්නලා දාන්න ඔය පොටො එකම ඇති
    වැඩක් නැ. ඕකා තිරුපති ගිහින් බිම පෙරලි පෙරලි දෙයියො වදින්නෙ. මයිනගෙ යාලුවා නිසා ඉන්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අනාගතය හරියට කියන සීන් එකක් තියෙන්නේ. ඇමතියෙක් කීවේ ඕක. අං ගිලපු ඇමතිලා අන්දන්න බෑ දේවාල‍ෙකට හරි කපුවෙකුට. වැඩේ හරියටම හරි නම් විතරයි උන් යන්නේ. කොහොම හරි අනාගතය කියන සීන් එක ඇත්ත.
    ඒකිගේ අනාගතේ පේනවා ඇති සුපිරියට. අඩෝ උඹලා දන්නවා ද ලංකාවේ ලොකුම mineral sands / ඉල්මනයිට් export කරන සමාගමක් ඕකිට තියෙනවා.... හූ හූ. .... ගෙවල් ගිණි තියලා වට්ටන්න නේද බැලිවේ....🤣
     
    • Wow
    Reactions: banda065