ඥානසාර අත්අඩංගුවට?
බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස මුස්ලිම් සංවිධාන කිහිපයක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලිමට නියමිතව ඇත.
මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකදී අදාළ මුස්ලිම් සංවිධාන මේ සම්බන්ධව සාකච්ඡා කොට ඇති අතර වත්මන් රජය පිහිටුවිමත් සමග අදාළ ඉල්ලීම සිදුකිරිමට සැරසුනද මුස්ලිම් ඇමැතිවරු කිහිප දෙනෙකු මේ සදහා මුල්වේය යන අදහසේ සිටි බැවින් එය ප්‍රමාද වූ බවද ඔවුන් සදහන් කර සිටියේය.
එහෙත් මේ වන තෙක් ඔවුන් විසින් එය සිදුනොකිරිම හේතුවෙන් තම සංවිධාන විසින් එයට මුල්වූ බවද මුස්ලිම් සංවිධාන එකමුතුව සදහන් කර සිටි.
අලුත්ගම ධර්ගා නගරයේ ඇති වූ බිහිසුණු සිද්ධියට මූලික වගකිව යුත්තා වන්නේ ගලබොඩඅත්තේ ඥානසාර බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවැති රජය විසින් මොහු පෝෂණය කළ බැවින් අදාළ අපරාධයන්ට මුල්වූ මෙම පුද්ගලයා අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට දඩුවම් ලබාදීම සදහා වන කටයුතු තම සංවිධානයන්හි මූලිකත්වයෙන් සිදුවන බවද ඔවුන් අවධාරණය කොට සිටියේය.

Code:
http://sinhala.theindependent.lk/index.php/news2/4849-2015-01-26-10-23-47