ඥානසාර හිමිට පොදු සමාවදීමට එරෙහි පෙත්සම විභාගයට ගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැළිගොඩ මහතාගේ බිරිඳ වන

    සන්ධ්‍යා එනැළිගොඩ මහත්මිය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඥානසාර හිමියන්ට පොදු සමාව දීමට අදාළ ලිපි ගොනුව සති හයක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට ඊයේ (04දා) නියම කළේය.



    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණ. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්තැළිගොඩ මහත්මිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති අතර, ජනාධිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින්ද තවත් පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

    දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය. විරෝධතා තිබේ නම් දෙසැම්බර් 13වැනිදාට පෙර ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මැයි 06වැනිදා පැවැත්වීමට නියම කළේය.
     
    • Haha
    Reactions: Bitter Truth