ඥානසාර හිමිට වරෙන්තු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

    මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

    එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

    ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තමා සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබීය.

    ඒ අනුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
     
    • Love
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,449
    12,580
    113
    Ohio, USA
    BBstcwP.png