ඥානසාර හිමියෝ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113



    බොහෝ නින්දා අපහාස මැද දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් හෙළිදරව් කරන ලද කාරණා අද වන විට සත්‍යය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.
    බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු සිය විහාරස්ථානය වෙත ආපසු පැමිණ එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිමියන් මේ බව සඳහන් කළහ.
    ඉදිරි කාලයේදී ඉතාම ඉවසිලිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
    වසර ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද තමන් වහන්සේට දැන් හොඳටම මහන්සි යයිද කී ඥානසාර හිමියන් මින් ඉදිරියට තමන් වහන්සේ බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතය ගෙන යාමට කල්පනා කර ඇතැයි කියා සිටියහ.
    භික්ෂුවක් වශයෙන් සහ සිංහලයෙක් වශයෙන් තමන් මේ රටට කළ යුතු යුතුකම් සිදු කර අවසන් බව ද පැවසූ උන්වහන්සේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි වුවත් එසේ කළ හැකි වන්නේ රටක් තිබුණොත් පමණක් යයි ද අවසන් වශයෙන් සඳහන් කලහ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ ඔබවහන්සේගේ නායකත්වය සහ පෞර්ෂ්‍යය රටට අවැසිම මොහොතයි
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ටික දවසකින් කියයි මහජනතාවගෙ දැඩි ඉල්ලීම නිසා ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරනව කියල

    :lol::lol::lol: