ඥානසාර_හිමි

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
ඥානසාර හිමි අධිකරණයේදී ‘පොXXXX කියා කෑගැසුවා‘ -මහේස්ත්‍රාත් සාක්ෂි දෙයි

SLFP-Logo.jpg



ඥානසාර හිමි අධිකරණයේදී
‘පොXXXX කියා කෑගැසුවා‘
-මහේස්ත්‍රාත් සාක්ෂි දෙයි



හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම ආරම්භ කරමින් එහි පළමුවැනි සාක්කිකරු
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණය හමුවෙහි මෙසේ කියා තිබේ.

‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා.
2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක්
සිදු වූවා.එහිදී කරුනු දැක්වීම් විමසා මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා.ටිකකින් වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ සමඟම විශේෂ දෙයක් සිදු වුනා. අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට
ගත්තා.



මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ කෑගසමින් සිටියා. අධිකරණයේ
අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ.
මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට පැවසුවත් එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා.
එම ප්‍රකාශය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා.
එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ පොxxxයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.

මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේනීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා.
එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිබුණා.
එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.‘‘
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,929
    4,581
    113
    පුන්නියාට පුන්නියා කියන්නේ නැතුව ටිනා කියන්නද නන්ගී
     
    • Like
    Reactions: vito

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඥානසාර හැබැයි ගොඩක් උදව් කරා නේද මහින්දව ගෙදර යවන්න.:lol:වැඩේ කියන්නේ බයියෝ තාම ඥානසාරට කඩේ යන එකනේ..:D:D:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකට අතිරේකව පල්ලි කෝවිල් ගිනිතියපු නඩු ගොඩක් තියෙනවා.මේ ඔක්කොම තීන් දු එනකොට වසර 40ක් වත් හිරේ තපින්න වෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුන්නියාට පුන්නියා කියන්නේ නැතුව ටිනා කියන්නද නන්ගී
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පුන්නියාට පුන්නියා කියන්නේ නැතුව ටිනා කියන්නද නන්ගී
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පුන්නියාට පුන්නියා කියන්නේ නැතුව ටිනා කියන්නද නන්ගී