ටයර් සංස්ථාව විකිණීම විකිණීම

monson

Well-known member
  • May 7, 2007
    25,630
    28,625
    113
    ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක් සහ ටියුබ් 240,000ක්. සැලසුම අනුව, දෙවන අදියරේදී කම්හලේ ධාරිතාවය වසරකට ටයර් 360,000ක් සහ ටියුබ් 350,000ක් දක්වා ඉහළ යනවා.

    දෙවන අදියර දක්වා යන්න අපේක්ෂා කරන්නේ දේශීය ඉල්ලුම විශාල ලෙස වැඩි වුනොත් හරි අපනයන වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වුනොත් හරි පමණයි. පළමුවැන්න වෙන්න ලොකු ඉඩක් තිබුණේ නැහැ. ඒ වෙද්දී තිබුණු දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම සපුරන්න පළමු අදියරේ ධාරිතාවය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. කොහොම වුනත්, අපනයන වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය සැලසුමේ තිබුණා.

    ඔය කාලය වෙද්දී ලංකාවේ ඉතාම දියුණු ටයර් නැවත පිරවීමේ කර්මාන්තයක් තිබුණා. ඒ වගේම බයිසිකල් ටයර් හා ටියුබ් හදන වැඩේත් සාර්ථකව සිදු වුනා. ඔය දෙකම සිදු වුනේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන්. නමුත් ලොකු වාහන වල ටයර් රට ඇතුළේ නිපදවීමක් සිදු වුනේ නැහැ.

    රජය මුල් වී සෝවියට් දේශයේ තාක්ෂණික සහායෙන් කැළණියේ ටයර් කම්හල හැදුවේ රටේ ටයර් අවශ්‍යතාවය රට ඇතුලෙන්ම සපුරා ගැනීමේ අරමුණින්. බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී, 1958 පෙබරවාරි මාසයේදී ලංකාව හා සෝවියට් දේශය අතර අත්සන් කළ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමෙන් මේ සඳහා ඉඩකඩ විවර වී තිබුණා.

    ටයර් නිෂ්පාදනය ලංකාව විසින් පටන් ගත යුතුවම තිබුණු කර්මාන්තයක්. ඒ වෙද්දී ලංකාවේ ප්‍රධානම අපනයන තුන වුනේ තේ, රබර් සහ පොල්. ඇත්තටම ලොකු අවුලක් නොවුනත්, ලංකාවෙන් රබර් අපනයනය කරලා ඒ රබර් වලින් හැදිය හැකි ටයර් නැවත ලංකාවට ආනයනය කරන එකේ බොහෝ දෙනෙකුට පෙනෙන අවුලක් තිබුණා.

    ටයර් නිෂ්පාදනය ලංකාවට වාසිදායක කර්මාන්තයක් වුවත් දේශීය හෝ විදේශීය ආයෝජකයෝ ඒ වෙද්දී කර්මාන්තයට අත ගහලා තිබුණේ නැහැ. තෙල්, වතු, බැංකු, රක්ෂණ, බස් සමාගම් හිටිවනම රජයට අරගෙන තිබුණු පසුබිමක පෞද්ගලික ආයෝජකයින් විසින් ඔය වගේ අවදානමක් ගැනීමේ ඉඩකඩක් තිබුණෙත් නැහැ. පැවති සමාජවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ රජය මුල් වී ටයර් නිෂ්පාදනය පටන් ගැනීම කළ හැකිව තිබුණු හොඳ දෙයක්.

    සමාජවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ ධනවාදී ක්‍රමයට ලාබ ඉලක්ක කිරීමක් නැහැ. නමුත් එයින් අදහස් වෙන්නේ ලාබ නොලබා පාඩුවට වැඩ කරනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිදහස් වෙළඳපොළක් නැති නිසා ලාබයත් තීරණය කරන්නේ රජය විසින්මයි. පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ රජය විසින්ම තීරණය කරනවා. ඒ අනුව, භාණ්ඩ හා සේවා නිපදවා පාරිභෝගිකයන්ට සපයන එක කරන්නෙත් රජය විසින්මයි. මේ වැඩේ කරන්නේ රජයේ මධ්‍යගත සැලසුමකට අනුව. එහි ලඟා කරගත යුතු නිෂ්පාදන ඉලක්ක තිබෙනවා.

    සමාජවාදී ක්‍රමයට මිල තීරණය කරන්නේ පිරිවැය මත පදනම්වයි. දැන් මිල සූත්‍ර ක්‍රමය කියා කියන්නෙත් ඔය ක්‍රමයටම තමයි. මෙහිදී වෙන්නේ යන වියදම ගණනය කරලා ඒකට අවශ්‍ය කරන ලාබය එකතු කරන එක. රජය සංස්ථා ටයර් වල මිල තීරණය කළෙත් ඔය ක්‍රමයට. ඔය ක්‍රමයට මිල තීරණය කරද්දී කවදාවත්ම පාඩු වෙන්නේ නැහැ. පිරිවැය කොයි තරම් වැඩි වුනත් රජයට පුළුවන් ඊට වඩා වැඩි මිලක් අය කරන්න. සමාජවාදී ක්‍රමයකදී ලාබ හෝ පාඩු රාජ්‍ය ව්‍යවසායයක කාර්යක්ෂමතාවය පිළිබඳ නිර්ණායකයක් නොවෙන්නේ ඔය නිසා.

    හැබැයි ඔය විදිහට ලංකාවේ ටයර් හැදුවත් ඒ ටයර් වලට ආනයනික ටයර් එක්ක මිලෙන් හෝ ගුණාත්මක භාවයෙන් තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, ආනයනික ටයර් වලට වෙළඳපොළ විවෘතව තිබුණානම් ඔය අවශ්‍ය මිලට ටයර් විකුණන්න බැරි වෙනවා. ඒ නිසා, රජය විසින් ආනයන නවත්වලා ලංකාවේ වෙළඳපොළ මුළුමනින්ම ලංකා ටයර් සංස්ථාවට විවෘත කරලා දුන්නා. ඊට පස්සේ ටයර් ගන්නවානම් ඉතින් සංස්ථාවේ ටයර්ම තමයි.

    ඔය වාසිය නිසා ටයර් සංස්ථාවට පහසුවෙන්ම ලංකාවේ මුළු වෙළඳපොළම අල්ලගන්න පුළුවන් වුනා. නමුත්, ඔය ක්‍රමයට ටයර් අපනයනය කරන්න බැහැ. අපනයනය කරද්දී වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්න වෙනවා. රට වහගෙන ටයර් විකුණන්න පුළුවන් රට ඇතුළේ පමණයි.

    කම්හලේ ධාරිතාව තිබුණත් අපනයන ඉල්ලුමක් නැතිව ටයර් හදලා වැඩක් නැහැ. ඒ නිසා ටයර් හැදුවේ රටේ දේශීය ඉල්ලුම සපුරන්න අවශ්‍ය ප්‍රමාණයට පමණයි. සැලසුමේ පළමු අදියරේ ඉලක්ක වලටත් යන්න බැරුව දෙවන අදියරේ ඉලක්ක ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසාම, වියදම් කරලා හදපු ලොකු ධාරිතාවක් තිබුණු කම්හලෙන් ධාරිතාවයේ තරමට ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. හැබැයි පිරිවැය මත ලාබ ආන්තිකයක් එකතු කරලා මිල නියම කරපු නිසා පාඩු වුනේ නැහැ.

    කම්හලේ ධාරිතාව තිබුණත්, අවශ්‍ය අච්චු නැතිකම නිසා (ඇණවුම් කර අවශ්‍ය වෙලාවට ලබා ගත නොහැකි වීම නිසා), ඉල්ලුම තිබෙන ඇතැම් ටයර් වර්ග අවශ්‍ය වෙලාවට හදන්න බැරි වීමේ ප්‍රශ්නයකුත් ඇති වෙනවා. මේ නිසා, රට තුළ ටයර් හිඟයක් ඇති වී ටයර් සංස්ථාවේ ප්‍රධානම පාරිභෝගිකයා වන ලංකා ගමනාගමන මණ්ඩලයට 1973දී ටයර් ආනයනය කරන්න සිදු වෙනවා. ආනයන පාලනය කිරීමද මෙයට බලපානවා. සංස්ථා ටයර් දේශීය නිෂ්පාදනයක් කියා කිවුවත් එහි පිරිවැයෙන් 75%ක්ම ආනයනික අමුද්‍රව්‍ය.

    ඔය මොනවා වුනත් රාජ්‍ය ඒකාධිකාරයකට ලාබ ලබන්න පුළුවන්. 1973දී කාර් ටයරයක මිල රුපියල් 105 සිට 157 දක්වා 57%කින් වැඩි කරනවා. ලොරි ටයරයක මිල රුපියල් 645 සිට රුපියල් 840 දක්වා වැඩි කරනවා. එහෙම මිල වැඩි කරලා පාඩු ආවරණය කරගන්නවා.

    1974 වෙද්දී ටයර් සංස්ථාව ටයර් 172,155ක් දක්වා නිෂ්පාදනය වැඩි කරනවා. නමුත් විකිණෙන්නේ ටයර් 157,268ක් පමණයි. ඒක තමයි ඉල්ලුම. වැඩිපුර හදන ටයර් ගබඩා වල ඉතිරි වෙනවා. රටේ ටයර් වලට ඊට වඩා ඉල්ලුමක් නැහැ. අපනයනය කරන්න තරම් තරඟකාරිත්වයකුත් නැහැ. ඕක තමයි සාර්ථක සංවෘත ආර්ථික ක්‍රමයක් වුනත් අනිවාර්යයෙන්ම ගිහින් හිරවෙන තැන.

    ලංකාවනම් හිරවෙන්නේ නිකම්ම නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුයකුත් එක්ක. මොකද අපනයන ආදායම් ප්‍රමාණවත් නැහැ. කොයි තරම් ආනයන පාලන කළත් එක සීමාවකින් එහාට ආනයන පාලනය කරන්නත් බැහැ.

    දැන් ඔය සංස්ථා ටයර් හදන්න යන පිරිවැයෙන්ම වුනත් 75%ක් ගිහින් තියෙන්නේ ආනයනික අමුද්‍රව්‍ය වලට. ලංකාවේ කුඹුරු වල වී වැවුවත්, පෝර, කෘෂිරසායන, ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර, ඒවාට ඉන්ධන, ගොවියා ලෙඩ වුණාම බෙහෙත් ටික ආනයනය කළේ නැත්නම් දේශීය වී නිෂ්පාදනයක් නැහැ. ඒ ආනයන ටික කරගන්නවත් විදේශ විණිමය නැත්නම් අනිවාර්ය ගෙවුම් ශේෂ අර්බුදයක්.

    හැත්තෑ හතේදී ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් වෙන්නේ ඉහත කී සාර්ව ආර්ථික උපාය මාර්ගය වැරදිලා කාලයක් තිස්සේම ගෙවුම් ශේෂ අර්බුද වලින් බැට කෑවට පස්සේ. මෙහිදී ප්‍රධාන ඉලක්කයක් වන්නේ හඳුනාගත් අපනයන නිෂ්පාදන ඉලක්ක කර ගනිමින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම. ඇඟලුම් වගේම රබර් නිෂ්පාදනත් ඔය හඳුනාගත් අපනයන නිෂ්පාදන ලැයිස්තුවේ ඉහළින්ම තිබෙනවා.

    අපනයන වෙළඳපොළ ඉලක්ක කරන්නනම් වෙළඳපොළ තරඟයට විවෘත වෙන්න වෙනවා. ඒ කියන්නේ ආනයන වලට ඉඩ හරින්න වෙනවා. ඔය වැඩේ කරද්දී මෙතෙක් රජය විසින් ආරක්ෂා කළ, තරඟකාරී නැති, සංස්ථා ටයර් වගේ නිෂ්පාදන වලට තරඟ කරන්න බැරි වෙනවා. ඊට පස්සේ කලින් වගේ ලාබ ලබන්න බැහැ. එක්කෝ මේ ආයතන කාර්යක්ෂම විය යුතුයි. නැත්නම් දිගින් දිගටම බදු මුදල් යොදවමින් නඩත්තු කළ යුතුයි.

    පළමුවැන්න වෙන්නේම නැහැ කියා කියන්න බැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන ටිකෙන් ටික කාර්යක්ෂම වුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා. ගොඩක් වෙලාවට මේ වැඩේ වෙන්නේ නැහැ. එවිට ඉතිරි වන විකල්පය බදු මුදල් යොදවමින් නඩත්තු කරන එක. මෙවැනි ආයතනයක් විකුණා දමන එක ඊට වඩා ලාබයි. එයින් බදු ගෙවන්නන්ගේ මුදල් ඉතිරි වෙනවා.

    ලංකා ටයර් සංස්ථාව කැළණි ටයර් වෙන්නේ 1992දී ඔය විදිහට රුපියල් මිලියන 400කට පෞද්ගලික ආයෝජකයෙකුට විකිණුවාට පස්සේ. නමුත් සේවක විරෝධය නිසා එම සමාගමට කම්හලේ වැඩ පටන් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශාල කාලයක් කම්හල වසා තබනවා. ඒ කාලයේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. කොහොම හරි මාස ගණනාවකට පසු කම්හල නැවත අරිනවා.

    ලංකා ටයර් සංස්ථාව පෞද්ගලීකරණය කළා කියලා රටට හානියක් වෙලා නැහැ. එය පිහිටවපු අරමුණු සියල්ලම මේ වෙද්දී ඉටුවෙලා තිබෙනවා වගේම කම්හල ආරම්භයේදී පැවති සමාජවාදී ආකෘතිය ඇතුළේ ඉටු කරගත නොහැකි වූ ඉලක්කද මේ වෙද්දී ඉටු වී තිබෙනවා.

    ලංකා ටයර් සංස්ථාව පිහිටුවීමේ පළමු ඉලක්කය වූයේ රටට අවශ්‍ය ටයර් රට තුළම හදාගන්න එකයි. දෙවන ඉලක්කය ටයර් අපනයනය කිරීමයි.

    මේ වෙද්දී පෞද්ගලික සමාගම් ගණනාවක් විසින් රට ඇතුළේ ටයර් හදනවා. රටේ ටයර් නිෂ්පාදනය ටයර් ඉල්ලුම ඉක්මවා ගිහින් තිබෙනවා. වැඩිපුර හදන ටයර් ගබඩා වල ගොඩ ගැහෙන්නේ නැහැ. ඒ ටයර් ලෝකය පුරාම යනවා. පළමු ඉලක්කයට අමතරව කලින් ක්‍රමයට කවදාවත් ඉටු කර ගත නොහැකි වූ දෙවන ඉලක්කයද ඉටු වෙලා.

    රටට අවශ්‍ය ටයර් රට ඇතුළේම හැදෙනවා කියන එකෙන් ආනයන සිදු නොවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. සෑම වසරකදීම ලංකාව යම් ටයර් ප්‍රමාණයක් ආනයනය කරනවා. නමුත්, ඊට වඩා බෙහෙවින්ම වැඩි ටයර් ප්‍රමාණයක් අපනයනය කරනවා. අපනයන තරඟකාරිත්වය තියෙන්නේම ආනයන වලට ඉඩ තිබෙන නිසා.

    රටක නිෂ්පාදනයක් සිදු විය යුතුයි. රටකට ජාතික ආර්ථිකයක් තිබිය යුතුයි. නමුත් එයින් අදහස් වන්නේ ආර්ථිකය සංවෘත කළ යුතු බව නෙමෙයි. ඇමරිකානු ආර්ථිකය ලෝකයේ තිබෙන වඩාත්ම විවෘත ආර්ථිකයක් වුවත් ඒ අතරම වඩාත්ම සංවෘත ආර්ථිකයක්ද වෙනවා. සංවෘත වී තිබෙන්නේ ආර්ථිකය සංවෘත නොකර විවෘතව තැබීම තුළ ඇති වී තිබෙන තරඟකාරිත්වයත් එක්කයි. ප්‍රාග්ධනය රටෙන් ගෙන යන්නට ඉඩ නොදෙන රටවල ප්‍රාග්ධනය එක්රැස් නොවන්නේත්, නිදහසේ ප්‍රාග්ධනය රැගෙන යා හැකි රටවලම ප්‍රාග්ධනය එක්රැස් වන්නේත් මේ ක්‍රමයටමයි.

    පහත තිබෙන්නේ පසු ගිය වසර වල ලංකාව ටයර් අපනයනයෙන් උපයා ඇති විදේශ විණිමය ප්‍රමාණයි.

    2011- $353,093,054
    2012- $331,104,946
    2013- $347,761,446
    2014- $356,593,951
    2015- $301,600,028
    2016- $318,976,001
    2017- $329,075,904
    2019- $338,835,164
    2020- $297,334,676
    2021- $438,949,581
    2022- $445,114,557

    ඉහත අපනයන ආදායමෙන් (2022දී) 40%ක්ම ($178,845,717) ලැබී තිබෙන්නේ ඇමරිකාවෙන්. ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ප්‍රංශය යන රටවල් පිළිවෙලින් ඊළඟට සිටින රටවල් හතයි. පසුගිය වසර තුළ ලංකාව විසින් $1,651,159ක ටයර් ආනයනය කර තිබෙනවා.

    GRI Tires
    https://gritires.com/

    Camso Loadstar
    https://camso.co/

    FERENTINO Tyres
    https://ferentino.com/

    CEAT Kelani
    https://www.ceatsrilanka.com/

    දැන් ඉතින් මාලිමා NPP වෙස්මූණ දාගත්ත පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි යල් පැනපු ජෙප්පෝ කෙස් පැලෙන කුහක තර්ක දදා නැට්ට උස්සන් එයි :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ සල්ලිවලින් 99%ක් ආපහු පිටරටට (අයිති සමාගමේ) ගියා වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: Kavindu1221

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඉකොනෝමැට්ටා කාගේ හරි කොන්ත්‍රාත් එකකට ඔය ලිපි සිංහලෙන් ලියන්නේ.

    ...

    මොකක්ද මේ ඇඩ්වකාටා​

    FB_IMG_1679790919187.jpg

    මීට වසර කීපයක පෙර නොතිබූ අලුත් ප්‍රපංචයක් ලංකාවේ පහල වී තිබේ. ඒ සිංහලයෙන් වැඩ කරන, සිංහලයෙන් ප්‍රචාරන කටයුතු කරන දක්ෂිණාංශික බුද්ධි මණ්ඩපවල බිහිවීමයි. මේ අතර කැපී පෙනෙන්නේ Advocata නම් සංවිධානයයි. මෙම සංවිධානය සිංහලයෙන් වැඩ කරන්නට පටන් ගෙන මේ වනවිට ගතව තිබෙන්නේ සුලු කාලයකි. මේ කාලය තුළ සැලකිය යුතු බලපෑමක් කිරීමට ඔවුන් සමත් වී තිබෙන අතර, එය ඔවුන්ගේ උත්සවවල ප්‍රධාන අමුත්තා ලෙස රටේ විධායක ජනාධිපති සහභාගීවන මට්ටමේ බලපෑමකි. ආර්ථිකය ගැන කථා කරන සංවාදවල මෙම සංවිධානයේ ප්‍රකාශකයෙක් වන ධනනාත් ප්‍රනාන්දු නැමැත්තා නිරන්තරයෙන් පෙනී සිටී.

    දේශපාලඥයන්ගේ ‘වගවීම’ පිළිබඳ කථා කරන ලිබරල්වාදීන් කිසිවෙක් හදිසියේ ප්‍රාදුර්භූත වී තිබෙන Advocata බඳු ආයතන ගැන ප්‍රශ්න අසන්නේ නැත. මේ සංවිධාන මොනවාද? ඒවාට මුදල් ලැබෙන්න් කොහෙන්ද? ආකර්ෂණීය ප්‍රචාරක කටයුතු කරගෙන යාමට තරම් ධනයක් මොවුන්ට ලැබී ඇත්තේ කොහොමද? එලෙස මුදල් සම්පාදනය කරන පිරිස්වල අරමුණු මොනවාද? සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම්, මහජන මතයට බලපෑම් කරන මෙබඳු පිරිස් ගැන මෙම ප්‍රශ්න ඇසිය යුතු වේ.

    Advocata යනු ඇට්ලස් ජාලය (Atlas Network) නම් අන්තර්ජාතික බුද්ධි මණ්ඩප ජාලයේ එක් පාර්ශවකරුවෙකි. මෙම සංවිධානය නඩත්තු වන්නේ එම ජාලය හරහාය. සරලව කිවහොත්, ලංකාවේ රජයේ සේවකයන්ට පඩි ගෙවීම ප්‍රශ්න කරන ධනනාත් ප්‍රනාන්දුට පඩි ලැබෙන්නේ ඇට්ලස් ජාලයේ ආධාරයෙනි.

    ඇට්ලස් ජාලය යනු ලොව නව ලිබරල් අදහස් ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන, දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප අතර ප්‍රමුඛයෙකි. Atlas Economic Research Foundation ලෙස 1981 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය, රටවල් 100කට අධික සංඛ්‍යාවක ස්වාධීන, ලාභ නොලබන සංවිධාන 480කට වැඩි සංඛ්‍යාවක ගෝලීය ජාලයක් බවට පරිණාමය වී ඇත. මෙම ජාලය තම හවුල්කාර සංවිධානවලට අරමුදල්, පුහුණුව සහ ජාලකරණ අවස්ථා සපයන අතර, එය ප්‍රචාරක කටයුතු, අධ්‍යාපනය හා පර්යේෂණ හරහා නිදහස් වෙළඳපොළ අදහස් ප්‍රවර්ධනය කරයි.

    ඇට්ලස් ජාලය බඳු නව ලිබරල් බුද්ධි මණ්ඩපවල බිහිවීම 1970 ගණන්වල සිට බටහිර රටවල සිදුවූයේ එවකට අධිපතිව පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පරාජයට පත් කිරීමේ අරමුණිනි. අද නව ලිබරල් අදහස් ලෙස සැලකෙන — ආර්ථික හා සමාජ යහපතේ පරම නිර්ණායකය වෙළඳපොළ බවට වූ මතවාදය මුලින් ඉදිරිපත් කලේ ෆෙඩ්‍රික් හයෙක්, මිල්ටන් ෆ්‍රීඩ්මාන් වැනි බුද්ධිමතුන් පිරිසක් විසිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර රටවල ප්‍රචලිත වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, එනම් රජය ආර්ථිකයට මැදිහත්වීම සමාජවාදය තරම්ම නරක දෙයක් ලෙසත්, ලිබරල්වාදයේ මූලික ඇගයුම්වලින් පීලි පැනීමක් ලෙසත් ඔවුහු එය සැලකූහ. 1950, 60 ගණන්වල මොවුන්ගේ මෙවැනි අදහස් සැලකුණේ ඉතා ආන්තික අදහස් ලෙසට පිළිගැනිණ.

    ඩේවිඩ් හාර්වි නම් බ්‍රිතාන්‍ය ජාතික ශාස්ත්‍රඥයා පෙන්වා දෙන ලෙසට, එවකට පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පොදු සම්මුතිය පරදවා නව ලිබරල් අදහස් ජයග්‍රහණය කිරීම සඳහා ඇට්ලස් ජාලය වැනි බුද්ධි මණ්ඩප කළ මෙහෙය අති මහත්ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද වූ ධනපති පන්තිය මත ඉහළ බදු අය කිරීම, ධනය ප්‍රතිව්‍යාප්තිය ආදී ප්‍රතිපත්ති නිසා උරණව සිටි මහා පරිමාණ ධනවතුන්ගේ අනුග්‍රහය මෙබඳු බුද්ධි මණ්ඩප වෙත ලැබුණි. දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු ආදී වූ ‘මත සම්පාදකයන්’ දක්ෂිණාංශික ආර්ථික අදහස් කෙරෙහි දිනාගැනීම මෙම ආයතනවල අරමුණ විය. ‘ස්වාධීන’ පර්යේෂණ ආයතන ලෙස පෙනී සිටිමින්, එක්තරා ධාරාවක මතවාදයක් ප්‍රචාරය කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය විය.

    ඇට්ලස් ජාලයේ නිර්මාතෘ ඇන්ටනි ෆිෂර් බ්‍රිතාන්‍ය ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු ඇට්ලස් ජාලය හරහා ඔහුගේ ලිබටේරියන් මතවාදය ප්‍රවර්ධනය කිරීමට තම මුදල් භාවිත කළේය. ආර්ථිකයට රජය මැදිහත් වීම හානිකර බවත් නිදහස් වෙළඳපොල ක්‍රමයක් සමෘද්ධිය සඳහා මාවත බවත් ඔහු විශ්වාස කළේය. ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙන යාම සඳහා, ෆිෂර් ඇට්ලස් ආර්ථික පර්යේෂණ පදනම ආරම්භ කළ අතර එය පසුව 1981 දී ඇට්ලස් ජාලය බවට පත් විය. ඇට්ලස් ජාලය හරහා, ඇන්ටනි ෆිෂර්ට තම මතවාදය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීමට සහ බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණවලට බලපෑම් කිරීමට හැකි විය. කෙසේ වෙතත්, විවේචකයින් තර්ක කරන්නේ මහජන මතය හැඩගැස්වීම සඳහා ෆිෂර් මුදල් භාවිත කරන බවත්, ඔහු මහජනතාවට වග නොකියන දේශපාලන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කරන බවත්ය. ෆිෂර්ගේ නිදහස් වෙළඳපොල ක්‍රමයක් පිළිබඳ දැක්ම පාරිභෝගිකයන් සහ පරිසරය නියාමනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ රජයේ කාර්යභාරය නොසලකා හරින බව ද ඔවුහු තර්ක කරති.

    ඇට්ලස් ජාලය ගෝලීය නිදහස් වෙළඳපළ බුද්ධි මණ්ඩප ජාලයක් නිර්මාණය කිරීමේදී සාර්ථක වී ඇති අතර, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලී කෙරෙහි සංවිධානයේ බලපෑම පිළිබඳව සැලකිලිමත් වේ. ඇට්ලස් ජාලය පිළිබඳ පවතින එක් ප්‍රශ්නයක් වන්නේ එම සංවිධානයට අරමුදල් සපයන මූලාශ්‍රය සහ එහි ක්‍රියාකාරකම්වල විනිවිදභාවය නොමැතිකම පිළිබඳ ගැටලුවයි. මෙම සංවිධානය වෙත දුම්කොල සමාගම්වල අනුග්‍රහය ලැබෙන බවත්, තෙල් හා ගෑස් සම්බන්ධව කටයුතු කරන මහා පරිමාණ සමාගම්වල අනුග්‍රාහකත්වය හිමිවන බවත් වාර්තා වී තිබේ. ඔවුන්ගේ උද්දේශන කටයුතු කෙරෙහි මෙම අනුග්‍රහයන් බලපෑම් කරයි. ඔවුන් විසින් ප්‍රචලිත කරන බාධා නොමැති ගෝලීය වෙළඳාම යන අදහස මෙබඳු මහා පරිමාණ සමාගම්වල වාසිය සඳහා ද හේතු වන්නකි.

    තවත් වැදගත් කරුණක් වන්නේ ඇට්ලස් ජාලය තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය කෙරෙහි බලපෑම් කරන ආකාරයයි. මෙම සංවිධානයේ හවුල්කාර සංවිධාන රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ආකාරයට උපදේශනය, අධ්‍යාපනය, පර්යේෂණ සහ ව්‍යාප්තිය වැනි විවිධ ක්‍රියාකාරකම්වල නිරත වේ. සමහර රටවල, විශේෂයෙන්ම පෞද්ගලීකරණය සහ නියාමනය ඉවත් කිරීම වැනි ක්ෂේත්‍රවල රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ඇට්ලස් ජාලය බලපා තිබේ. එංගලන්තයේ ගාඩියන් පුවත්පත හෙලිදරවු කොට තිබෙන ලෙස, ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ව්‍යාපාරය, බ්‍රිතාන්‍යෙය් බ්‍රෙක්සිට් ව්‍යාපාරය හා ලතින් ඇමරිකාවේ වාම විරෝධී ආණ්ඩු උද්ඝෝෂණ යනාදිය සමග ඇට්ලස් ජාලයට සබඳතා පැවැතී ඇත. 2021 කියුබාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, 2019 බොලිවියාවේ දක්ෂිණාංශික දේශපාලන කුමන්ත්‍රණය, 2021 ඉක්වදෝර හා පෙරුවියානු මහ මැතිවරණය යන අවස්ථාවල වාමාංශික අදහස්වලට විරුද්ධව, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් තනමින් ඇට්ලස් ජාලයට අදළල සංවිධාන මැදිහත් වූ බවට ද අනාවරණයන් පවතී.

    මේ වනවිට ලංකාව තුළ දියත් වී තිබෙන, ලංකාවේ පැවැති සුබසාධන රාජ්‍යයේ අවශේෂ ද විනාශ කොට දමන සමාජ ප්‍රතිවිප්ලවයේ පුරෝගාමී වැඩ කොටසක් Advocata ආයතනය සහ එබඳු දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප විසින් සිදු කරමින් සිටී. එහෙත් එය සිදු කරන්නේ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණ සපයන නාමයෙනි. ගෝලීය වශයෙන් බලවත් ප්‍රාග්ධනයක ආධාර ලබන පිරිසක් එම ධන බලය යොදාගෙන රටේ පාලකයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මහජනතාවගේ මොල ශුද්ධ කිරීම සරලව තැකිය යුතු කටයුත්තක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අති මූලික ප්‍රශ්නයකි. එම නිසා මෙබඳු සංවිධානවලින් පූර්ණ පාරදෘශ්‍යභාවය ඉල්ලා සිටීම — ඒවා විගණනය කිරීම හා ඊට අදාළ තොරතුරු සියල්ල මහජනයාට හෙලිදරවු කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතාන්ත්‍රික අරුතින් ගත කළ අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය යුතුය.

    රාජිත අනුරාධ පෙරේරා විසින් prathivada.lk වෙබ් අඩවියට රචිත ලිපියකි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ සල්ලිවලින් 99%ක් ආපහු පිටරටට (අයිති සමාගමේ) ගියා වෙන්න බැරිද?
    ගහන බදු ටික, සේවකයෝ ගත්ත වැටුප් ටික, මෙන්ටෙන්ස් වලට, ලංකාවේ අමුදද්‍රව්‍ය වලට ගෙවපු ගණන් ටික රට යන්න විදියක් නෑනේ මචං
    ඒ ටික 1% ක් වෙන්නත් විදියක් නෑනේ මචං
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මන් දන්න විදිහටනම් වෙන්නේ. අපේ රටේ ටයර් වලට හොද ඉල්ලුමක් තියනවා. එක නිසා ගොඩක් උන් කරන්නේ මෙහේ උන්ට ටයර් හදන එක නෙමේ export කරන එක. මෙහේ වගේ අඩු ගනන් වලට දේන්න ඔනේත් නෑ හොද ඉල්ලුමක් තියන නිසා. රටේ අවශ්‍යතාවට import කරන එක කරන්නේ චිනේ වගේ රටවලින්.
    අනික ඔකේ කියලා තියන වා වගේ එක ලොකු ආයතන දෙකක් හා පොඩි පොඩි ආයතන කිපයක් පමනයි වැඩි පුර දේශිය අමුද්‍රව්‍ය පවිච්චි කරන්නේ. අනිත් උන් material import කරන එක තමා කරන්නේ. එවා ඉතින් රටට පාඩුයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වනවිට ලංකාව තුළ දියත් වී තිබෙන, ලංකාවේ පැවැති සුබසාධන රාජ්‍යයේ අවශේෂ ද විනාශ කොට දමන සමාජ ප්‍රතිවිප්ලවයේ පුරෝගාමී වැඩ කොටසක් Advocata ආයතනය සහ එබඳු දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප විසින් සිදු කරමින් සිටී. එහෙත් එය සිදු කරන්නේ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණ සපයන නාමයෙනි. ගෝලීය වශයෙන් බලවත් ප්‍රාග්ධනයක ආධාර ලබන පිරිසක් එම ධන බලය යොදාගෙන රටේ පාලකයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මහජනතාවගේ මොල ශුද්ධ කිරීම සරලව තැකිය යුතු කටයුත්තක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අති මූලික ප්‍රශ්නයකි. එම නිසා මෙබඳු සංවිධානවලින් පූර්ණ පාරදෘශ්‍යභාවය ඉල්ලා සිටීම — ඒවා විගණනය කිරීම හා ඊට අදාළ තොරතුරු සියල්ල මහජනයාට හෙලිදරවු කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතාන්ත්‍රික අරුතින් ගත කළ අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය යුතුය.
    සුබසාදන සහන රාජ්‍ය අවශේෂ නෙවෙයි නෂ්ටාවසේසත් නැති කරන්න ඔනා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක් සහ ටියුබ් 240,000ක්. සැලසුම අනුව, දෙවන අදියරේදී කම්හලේ ධාරිතාවය වසරකට ටයර් 360,000ක් සහ ටියුබ් 350,000ක් දක්වා ඉහළ යනවා.

    දෙවන අදියර දක්වා යන්න අපේක්ෂා කරන්නේ දේශීය ඉල්ලුම විශාල ලෙස වැඩි වුනොත් හරි අපනයන වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වුනොත් හරි පමණයි. පළමුවැන්න වෙන්න ලොකු ඉඩක් තිබුණේ නැහැ. ඒ වෙද්දී තිබුණු දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම සපුරන්න පළමු අදියරේ ධාරිතාවය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. කොහොම වුනත්, අපනයන වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය සැලසුමේ තිබුණා.

    ඔය කාලය වෙද්දී ලංකාවේ ඉතාම දියුණු ටයර් නැවත පිරවීමේ කර්මාන්තයක් තිබුණා. ඒ වගේම බයිසිකල් ටයර් හා ටියුබ් හදන වැඩේත් සාර්ථකව සිදු වුනා. ඔය දෙකම සිදු වුනේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන්. නමුත් ලොකු වාහන වල ටයර් රට ඇතුළේ නිපදවීමක් සිදු වුනේ නැහැ.

    රජය මුල් වී සෝවියට් දේශයේ තාක්ෂණික සහායෙන් කැළණියේ ටයර් කම්හල හැදුවේ රටේ ටයර් අවශ්‍යතාවය රට ඇතුලෙන්ම සපුරා ගැනීමේ අරමුණින්. බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී, 1958 පෙබරවාරි මාසයේදී ලංකාව හා සෝවියට් දේශය අතර අත්සන් කළ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමෙන් මේ සඳහා ඉඩකඩ විවර වී තිබුණා.

    ටයර් නිෂ්පාදනය ලංකාව විසින් පටන් ගත යුතුවම තිබුණු කර්මාන්තයක්. ඒ වෙද්දී ලංකාවේ ප්‍රධානම අපනයන තුන වුනේ තේ, රබර් සහ පොල්. ඇත්තටම ලොකු අවුලක් නොවුනත්, ලංකාවෙන් රබර් අපනයනය කරලා ඒ රබර් වලින් හැදිය හැකි ටයර් නැවත ලංකාවට ආනයනය කරන එකේ බොහෝ දෙනෙකුට පෙනෙන අවුලක් තිබුණා.

    ටයර් නිෂ්පාදනය ලංකාවට වාසිදායක කර්මාන්තයක් වුවත් දේශීය හෝ විදේශීය ආයෝජකයෝ ඒ වෙද්දී කර්මාන්තයට අත ගහලා තිබුණේ නැහැ. තෙල්, වතු, බැංකු, රක්ෂණ, බස් සමාගම් හිටිවනම රජයට අරගෙන තිබුණු පසුබිමක පෞද්ගලික ආයෝජකයින් විසින් ඔය වගේ අවදානමක් ගැනීමේ ඉඩකඩක් තිබුණෙත් නැහැ. පැවති සමාජවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ රජය මුල් වී ටයර් නිෂ්පාදනය පටන් ගැනීම කළ හැකිව තිබුණු හොඳ දෙයක්.

    සමාජවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ ධනවාදී ක්‍රමයට ලාබ ඉලක්ක කිරීමක් නැහැ. නමුත් එයින් අදහස් වෙන්නේ ලාබ නොලබා පාඩුවට වැඩ කරනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිදහස් වෙළඳපොළක් නැති නිසා ලාබයත් තීරණය කරන්නේ රජය විසින්මයි. පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ රජය විසින්ම තීරණය කරනවා. ඒ අනුව, භාණ්ඩ හා සේවා නිපදවා පාරිභෝගිකයන්ට සපයන එක කරන්නෙත් රජය විසින්මයි. මේ වැඩේ කරන්නේ රජයේ මධ්‍යගත සැලසුමකට අනුව. එහි ලඟා කරගත යුතු නිෂ්පාදන ඉලක්ක තිබෙනවා.

    සමාජවාදී ක්‍රමයට මිල තීරණය කරන්නේ පිරිවැය මත පදනම්වයි. දැන් මිල සූත්‍ර ක්‍රමය කියා කියන්නෙත් ඔය ක්‍රමයටම තමයි. මෙහිදී වෙන්නේ යන වියදම ගණනය කරලා ඒකට අවශ්‍ය කරන ලාබය එකතු කරන එක. රජය සංස්ථා ටයර් වල මිල තීරණය කළෙත් ඔය ක්‍රමයට. ඔය ක්‍රමයට මිල තීරණය කරද්දී කවදාවත්ම පාඩු වෙන්නේ නැහැ. පිරිවැය කොයි තරම් වැඩි වුනත් රජයට පුළුවන් ඊට වඩා වැඩි මිලක් අය කරන්න. සමාජවාදී ක්‍රමයකදී ලාබ හෝ පාඩු රාජ්‍ය ව්‍යවසායයක කාර්යක්ෂමතාවය පිළිබඳ නිර්ණායකයක් නොවෙන්නේ ඔය නිසා.

    හැබැයි ඔය විදිහට ලංකාවේ ටයර් හැදුවත් ඒ ටයර් වලට ආනයනික ටයර් එක්ක මිලෙන් හෝ ගුණාත්මක භාවයෙන් තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, ආනයනික ටයර් වලට වෙළඳපොළ විවෘතව තිබුණානම් ඔය අවශ්‍ය මිලට ටයර් විකුණන්න බැරි වෙනවා. ඒ නිසා, රජය විසින් ආනයන නවත්වලා ලංකාවේ වෙළඳපොළ මුළුමනින්ම ලංකා ටයර් සංස්ථාවට විවෘත කරලා දුන්නා. ඊට පස්සේ ටයර් ගන්නවානම් ඉතින් සංස්ථාවේ ටයර්ම තමයි.

    ඔය වාසිය නිසා ටයර් සංස්ථාවට පහසුවෙන්ම ලංකාවේ මුළු වෙළඳපොළම අල්ලගන්න පුළුවන් වුනා. නමුත්, ඔය ක්‍රමයට ටයර් අපනයනය කරන්න බැහැ. අපනයනය කරද්දී වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්න වෙනවා. රට වහගෙන ටයර් විකුණන්න පුළුවන් රට ඇතුළේ පමණයි.

    කම්හලේ ධාරිතාව තිබුණත් අපනයන ඉල්ලුමක් නැතිව ටයර් හදලා වැඩක් නැහැ. ඒ නිසා ටයර් හැදුවේ රටේ දේශීය ඉල්ලුම සපුරන්න අවශ්‍ය ප්‍රමාණයට පමණයි. සැලසුමේ පළමු අදියරේ ඉලක්ක වලටත් යන්න බැරුව දෙවන අදියරේ ඉලක්ක ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසාම, වියදම් කරලා හදපු ලොකු ධාරිතාවක් තිබුණු කම්හලෙන් ධාරිතාවයේ තරමට ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. හැබැයි පිරිවැය මත ලාබ ආන්තිකයක් එකතු කරලා මිල නියම කරපු නිසා පාඩු වුනේ නැහැ.

    කම්හලේ ධාරිතාව තිබුණත්, අවශ්‍ය අච්චු නැතිකම නිසා (ඇණවුම් කර අවශ්‍ය වෙලාවට ලබා ගත නොහැකි වීම නිසා), ඉල්ලුම තිබෙන ඇතැම් ටයර් වර්ග අවශ්‍ය වෙලාවට හදන්න බැරි වීමේ ප්‍රශ්නයකුත් ඇති වෙනවා. මේ නිසා, රට තුළ ටයර් හිඟයක් ඇති වී ටයර් සංස්ථාවේ ප්‍රධානම පාරිභෝගිකයා වන ලංකා ගමනාගමන මණ්ඩලයට 1973දී ටයර් ආනයනය කරන්න සිදු වෙනවා. ආනයන පාලනය කිරීමද මෙයට බලපානවා. සංස්ථා ටයර් දේශීය නිෂ්පාදනයක් කියා කිවුවත් එහි පිරිවැයෙන් 75%ක්ම ආනයනික අමුද්‍රව්‍ය.

    ඔය මොනවා වුනත් රාජ්‍ය ඒකාධිකාරයකට ලාබ ලබන්න පුළුවන්. 1973දී කාර් ටයරයක මිල රුපියල් 105 සිට 157 දක්වා 57%කින් වැඩි කරනවා. ලොරි ටයරයක මිල රුපියල් 645 සිට රුපියල් 840 දක්වා වැඩි කරනවා. එහෙම මිල වැඩි කරලා පාඩු ආවරණය කරගන්නවා.

    1974 වෙද්දී ටයර් සංස්ථාව ටයර් 172,155ක් දක්වා නිෂ්පාදනය වැඩි කරනවා. නමුත් විකිණෙන්නේ ටයර් 157,268ක් පමණයි. ඒක තමයි ඉල්ලුම. වැඩිපුර හදන ටයර් ගබඩා වල ඉතිරි වෙනවා. රටේ ටයර් වලට ඊට වඩා ඉල්ලුමක් නැහැ. අපනයනය කරන්න තරම් තරඟකාරිත්වයකුත් නැහැ. ඕක තමයි සාර්ථක සංවෘත ආර්ථික ක්‍රමයක් වුනත් අනිවාර්යයෙන්ම ගිහින් හිරවෙන තැන.

    ලංකාවනම් හිරවෙන්නේ නිකම්ම නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුයකුත් එක්ක. මොකද අපනයන ආදායම් ප්‍රමාණවත් නැහැ. කොයි තරම් ආනයන පාලන කළත් එක සීමාවකින් එහාට ආනයන පාලනය කරන්නත් බැහැ.

    දැන් ඔය සංස්ථා ටයර් හදන්න යන පිරිවැයෙන්ම වුනත් 75%ක් ගිහින් තියෙන්නේ ආනයනික අමුද්‍රව්‍ය වලට. ලංකාවේ කුඹුරු වල වී වැවුවත්, පෝර, කෘෂිරසායන, ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර, ඒවාට ඉන්ධන, ගොවියා ලෙඩ වුණාම බෙහෙත් ටික ආනයනය කළේ නැත්නම් දේශීය වී නිෂ්පාදනයක් නැහැ. ඒ ආනයන ටික කරගන්නවත් විදේශ විණිමය නැත්නම් අනිවාර්ය ගෙවුම් ශේෂ අර්බුදයක්.

    හැත්තෑ හතේදී ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් වෙන්නේ ඉහත කී සාර්ව ආර්ථික උපාය මාර්ගය වැරදිලා කාලයක් තිස්සේම ගෙවුම් ශේෂ අර්බුද වලින් බැට කෑවට පස්සේ. මෙහිදී ප්‍රධාන ඉලක්කයක් වන්නේ හඳුනාගත් අපනයන නිෂ්පාදන ඉලක්ක කර ගනිමින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම. ඇඟලුම් වගේම රබර් නිෂ්පාදනත් ඔය හඳුනාගත් අපනයන නිෂ්පාදන ලැයිස්තුවේ ඉහළින්ම තිබෙනවා.

    අපනයන වෙළඳපොළ ඉලක්ක කරන්නනම් වෙළඳපොළ තරඟයට විවෘත වෙන්න වෙනවා. ඒ කියන්නේ ආනයන වලට ඉඩ හරින්න වෙනවා. ඔය වැඩේ කරද්දී මෙතෙක් රජය විසින් ආරක්ෂා කළ, තරඟකාරී නැති, සංස්ථා ටයර් වගේ නිෂ්පාදන වලට තරඟ කරන්න බැරි වෙනවා. ඊට පස්සේ කලින් වගේ ලාබ ලබන්න බැහැ. එක්කෝ මේ ආයතන කාර්යක්ෂම විය යුතුයි. නැත්නම් දිගින් දිගටම බදු මුදල් යොදවමින් නඩත්තු කළ යුතුයි.

    පළමුවැන්න වෙන්නේම නැහැ කියා කියන්න බැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන ටිකෙන් ටික කාර්යක්ෂම වුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා. ගොඩක් වෙලාවට මේ වැඩේ වෙන්නේ නැහැ. එවිට ඉතිරි වන විකල්පය බදු මුදල් යොදවමින් නඩත්තු කරන එක. මෙවැනි ආයතනයක් විකුණා දමන එක ඊට වඩා ලාබයි. එයින් බදු ගෙවන්නන්ගේ මුදල් ඉතිරි වෙනවා.

    ලංකා ටයර් සංස්ථාව කැළණි ටයර් වෙන්නේ 1992දී ඔය විදිහට රුපියල් මිලියන 400කට පෞද්ගලික ආයෝජකයෙකුට විකිණුවාට පස්සේ. නමුත් සේවක විරෝධය නිසා එම සමාගමට කම්හලේ වැඩ පටන් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශාල කාලයක් කම්හල වසා තබනවා. ඒ කාලයේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. කොහොම හරි මාස ගණනාවකට පසු කම්හල නැවත අරිනවා.

    ලංකා ටයර් සංස්ථාව පෞද්ගලීකරණය කළා කියලා රටට හානියක් වෙලා නැහැ. එය පිහිටවපු අරමුණු සියල්ලම මේ වෙද්දී ඉටුවෙලා තිබෙනවා වගේම කම්හල ආරම්භයේදී පැවති සමාජවාදී ආකෘතිය ඇතුළේ ඉටු කරගත නොහැකි වූ ඉලක්කද මේ වෙද්දී ඉටු වී තිබෙනවා.

    ලංකා ටයර් සංස්ථාව පිහිටුවීමේ පළමු ඉලක්කය වූයේ රටට අවශ්‍ය ටයර් රට තුළම හදාගන්න එකයි. දෙවන ඉලක්කය ටයර් අපනයනය කිරීමයි.

    මේ වෙද්දී පෞද්ගලික සමාගම් ගණනාවක් විසින් රට ඇතුළේ ටයර් හදනවා. රටේ ටයර් නිෂ්පාදනය ටයර් ඉල්ලුම ඉක්මවා ගිහින් තිබෙනවා. වැඩිපුර හදන ටයර් ගබඩා වල ගොඩ ගැහෙන්නේ නැහැ. ඒ ටයර් ලෝකය පුරාම යනවා. පළමු ඉලක්කයට අමතරව කලින් ක්‍රමයට කවදාවත් ඉටු කර ගත නොහැකි වූ දෙවන ඉලක්කයද ඉටු වෙලා.

    රටට අවශ්‍ය ටයර් රට ඇතුළේම හැදෙනවා කියන එකෙන් ආනයන සිදු නොවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. සෑම වසරකදීම ලංකාව යම් ටයර් ප්‍රමාණයක් ආනයනය කරනවා. නමුත්, ඊට වඩා බෙහෙවින්ම වැඩි ටයර් ප්‍රමාණයක් අපනයනය කරනවා. අපනයන තරඟකාරිත්වය තියෙන්නේම ආනයන වලට ඉඩ තිබෙන නිසා.

    රටක නිෂ්පාදනයක් සිදු විය යුතුයි. රටකට ජාතික ආර්ථිකයක් තිබිය යුතුයි. නමුත් එයින් අදහස් වන්නේ ආර්ථිකය සංවෘත කළ යුතු බව නෙමෙයි. ඇමරිකානු ආර්ථිකය ලෝකයේ තිබෙන වඩාත්ම විවෘත ආර්ථිකයක් වුවත් ඒ අතරම වඩාත්ම සංවෘත ආර්ථිකයක්ද වෙනවා. සංවෘත වී තිබෙන්නේ ආර්ථිකය සංවෘත නොකර විවෘතව තැබීම තුළ ඇති වී තිබෙන තරඟකාරිත්වයත් එක්කයි. ප්‍රාග්ධනය රටෙන් ගෙන යන්නට ඉඩ නොදෙන රටවල ප්‍රාග්ධනය එක්රැස් නොවන්නේත්, නිදහසේ ප්‍රාග්ධනය රැගෙන යා හැකි රටවලම ප්‍රාග්ධනය එක්රැස් වන්නේත් මේ ක්‍රමයටමයි.

    පහත තිබෙන්නේ පසු ගිය වසර වල ලංකාව ටයර් අපනයනයෙන් උපයා ඇති විදේශ විණිමය ප්‍රමාණයි.

    2011- $353,093,054
    2012- $331,104,946
    2013- $347,761,446
    2014- $356,593,951
    2015- $301,600,028
    2016- $318,976,001
    2017- $329,075,904
    2019- $338,835,164
    2020- $297,334,676
    2021- $438,949,581
    2022- $445,114,557

    ඉහත අපනයන ආදායමෙන් (2022දී) 40%ක්ම ($178,845,717) ලැබී තිබෙන්නේ ඇමරිකාවෙන්. ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ප්‍රංශය යන රටවල් පිළිවෙලින් ඊළඟට සිටින රටවල් හතයි. පසුගිය වසර තුළ ලංකාව විසින් $1,651,159ක ටයර් ආනයනය කර තිබෙනවා.

    GRI Tires
    https://gritires.com/

    Camso Loadstar
    https://camso.co/

    FERENTINO Tyres
    https://ferentino.com/

    CEAT Kelani
    https://www.ceatsrilanka.com/

    දැන් ඉතින් මාලිමා NPP වෙස්මූණ දාගත්ත පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි යල් පැනපු ජෙප්පෝ කෙස් පැලෙන කුහක තර්ක දදා නැට්ට උස්සන් එයි :lol:

    හරියට කියපන්. මේවා විකුනන්නේ රනිල්ගෙ උවමනාවටද රාජපස්සලාගෙ උවමනාවටද? @monson
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගහන බදු ටික, සේවකයෝ ගත්ත වැටුප් ටික, මෙන්ටෙන්ස් වලට, ලංකාවේ අමුදද්‍රව්‍ය වලට ගෙවපු ගණන් ටික රට යන්න විදියක් නෑනේ මචං
    ඒ ටික 1% ක් වෙන්නත් විදියක් නෑනේ මචං
    50% walata wadi wei da adu wei da?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    හරියට කියපන්. මේවා විකුනන්නේ රනිල්ගෙ උවමනාවටද රාජපස්සලාගෙ උවමනාවටද? @monson
    බයියන්ගෙ ජාටික සම්බත් ගාය හොඳ කරන්නත් එක්ක විකුනන එක හොඳයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    50% walata wadi wei da adu wei da?

    හරි කියමුකෝ 50% 50% කියලා... හොඳ නැද්ද..​

    සමිති හරක් නෑ​

    සමිති හරක් නැති නිසා දනගැස්සිලි නෑ​

    අතිරික්ත සේවකයෝ නෑ ඒහින්දා ආයතන ලාභ ලබනවා..​

    ලාබ ලබන නිසා තෙල් සංස්ථාව වගේ පාඩු වල වගකීම භාණ්ඩාගාරයට නෑ​

    ඉතින් අපේ බදු නාස්තියකුත් නෑ..​

    ඉතින් වින් වින් කේස් එකක්​

    හෙට කරන්න යන ක්ෂනික වර්ජනයට ටයර් සංස්ථාවෙන් ඇතුලත් වෙන්න සේවකයොත් නෑ...​

    ටයර් සංස්ථා වෘතිය සමිති නායකයන්ට වැඩනොකර කකුලෙන් අදිනවට පඩි දෙන්න ඕනේත් නෑ​

    @topkollek පාට කණ්නාඩි ගලවල බැලුවොත් ලංකාවටත් වාසි... බදු ගෙවන උන්ටත් වාසි ඕක විකුනපු නිසා​

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හරි කියමුකෝ 50% 50% කියලා... හොඳ නැද්ද..​

    සමිති හරක් නෑ​

    සමිති හරක් නැති නිසා දනගැස්සිලි නෑ​

    අතිරික්ත සේවකයෝ නෑ ඒහින්දා ආයතන ලාභ ලබනවා..​

    ලාබ ලබන නිසා තෙල් සංස්ථාව වගේ පාඩු වල වගකීම භාණ්ඩාගාරයට නෑ​

    ඉතින් අපේ බදු නාස්තියකුත් නෑ..​

    ඉතින් වින් වින් කේස් එකක්​

    හෙට කරන්න යන ක්ෂනික වර්ජනයට ටයර් සංස්ථාවෙන් ඇතුලත් වෙන්න සේවකයොත් නෑ...​

    ටයර් සංස්ථා වෘතිය සමිති නායකයන්ට වැඩනොකර කකුලෙන් අදිනවට පඩි දෙන්න ඕනේත් නෑ​

    @topkollek පාට කණ්නාඩි ගලවල බැලුවොත් ලංකාවටත් වාසි... බදු ගෙවන උන්ටත් වාසි ඕක විකුනපු නිසා​

    මට කතාකරන්න ඕන වුනේ හොඳ නරක නෙවෙයි. ඔය ඉලක්කම්වල නිරවද්‍යතාව
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලස්සනට negative points විතරක් highlight කරලා තියෙනවා. මේ කර්මාන්තය නිසා ඇතිවු රැකියා, රටට ලැබුනු තාක්ෂණය වගේ දෙවල් හිතාමතාම යට ගහලා කගේ හරී agenda එකකට ලිපිය ලියපු බව පැහැදිලි. හොදයී දැන් කියන්නේ රජය කිසිම වයාපාරියක් නොකර සියල්ල පුද්ගලික තරගකාරී වෙලදපොලේ යන්න ඉඩ දෙන්න කියලා නේ. කොරලා බලන්නකෝ, සියල්ල විකුණු පසු තෙරෙයී. තියෙන සම්පත් වලින් ප්‍රයොජ්‍රන ගන්නේ නැතුව වත්ත බද්දට දිලා ඇස්සට දත නිසවන ජාතියක් වීම වැඩි ඇතක නොවේ.
     
    • Like
    Reactions: Xi Jinping

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ‍යුනියන් එකක් නැති නිසා - පඩි වැඩි කරගන්න බැරිවා/ඕටි ගන්න බැරිව හැලි ලියනවා

    ලස්සනට negative points විතරක් highlight කරලා තියෙනවා. මේ කර්මාන්තය නිසා ඇතිවු රැකියා, රටට ලැබුනු තාක්ෂණය වගේ දෙවල් හිතාමතාම යට ගහලා කගේ හරී agenda එකකට ලිපිය ලියපු බව පැහැදිලි. හොදයී දැන් කියන්නේ රජය කිසිම වයාපාරියක් නොකර සියල්ල පුද්ගලික තරගකාරී වෙලදපොලේ යන්න ඉඩ දෙන්න කියලා නේ. කොරලා බලන්නකෝ, සියල්ල විකුණු පසු තෙරෙයී. තියෙන සම්පත් වලින් ප්‍රයොජ්‍රන ගන්නේ නැතුව වත්ත බද්දට දිලා ඇස්සට දත නිසවන ජාතියක් වීම වැඩි ඇතක නොවේ.
    දියිනුයි කියන රටවල 100% රජයෙ ලාබ ලබන ව්‍යාපාර කියපම්! අපිත් ආසායි දැන ගන්න!
    ------ Post added on Jun 7, 2023 at 12:26 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    FYA

    Loadstar eke weda karala thiyenwa & GRI eke interview gihin thiyenwa, apith ekka ekata weda karapu colleague kenek eke weda kara, 2 years.

    Loadstar eka hadanne heavy duty category ekata tyre
    mulin patangaththe sinhala owner kenek.
    passe eka group dekak athata giya,dan Micheline lata ayithi,

    GRI ekath hodata preform karana company ekak.
    anik ewa gana danne na,

    rate wadiwennath one me wage investor la.
    nathuwa rate tax walin duwana bankoloth state owned company neme,

    Atlas eka dan Hemas conglomerate ekata ayithi.