වෙළද කටයුතු පිළිබඳ ඇමතිතුමා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ අපේ වෙළද කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ නිල ෆේස් බුක් ගිනුමේ පලකරන ලද සටහනක් .
    එහි දැක්වෙන්නේ දේශිය ටයර් කර්මාන්තය රැක ගන්න ආනයන සීමා පැනවීමක් කළයුතුයි කියලා .


    පලමු කාරණය මෙලෙස මෙවැනි කරුණු මාධ්‍යට නිරාවර්ණය වීමෙන් අනවශ්‍ය ඉල්ලුමක් ඇතිවෙලා ටයර් මිල අනවශ්‍ය ලෙස ඉහල යන්න පුළුවන්. මේක ඒකපාර්ශිකව ගන්න තීරණ විද්‍යාත්ම දත්ත විශ්ලේශනක් නොකොට වෙළදපල දත්ත දිහා බලන්නෙ නැතුව එක පාර්ශවයක් විසින් ඉදිරිපත් කරන කරුණු සලකලා බලලා තමා මෙවැනි තීන්දු තීරණ ගැනෙන්නේ .පාරිබොගිකයන් වෙනුවෙන් මොන පාර්ශවයන්ස කතා කලේ කරුණු ඉදිරිපත් කලේ.



    මතකද ටයිල් වලට වෙච්ච වැඩේ ගිය රජයත් දේශිය කර්මාන්තය නගා සිටුවනවා , ඩොලර් ආරක්ශාකරගන්න ඔනේ කියන ලේබල් එක ගහලා ආනයන තහනම් කරා එමගින් අතිවිශාල ඒකාදීකාරියක් හැදුවා . මිනිස්සුන්ට රු 200 යට ගන්න තිබ්බ ටයිල් කැටේ 2000 කට ගන්න සිද්ද උනා . හැබැයි ටයිල් නිශ්පාදනයට අවශ්‍ය තාපය ලබාගන්නේ LP gas වලින් ඒක තනිකරම ආනයනික භාන්ඩයක . හැබැයි කවුරුත් ඒවලට යන ඩොලර් ගැන කතා කලේ නෑ අවසානයේදි ටයිල් මාෆියාවක් හදලා පාර්බෝගිකයා ගසෑකැමට ඉඩ හැරියා . ඒ ටයිල් සමාගම් ඒ කාලවකවානුවේදී දැවැන්ත ලාබ ලැබුවා ඒකෙන් ගොඩගියෙ සුලුතර පිරිසක් පමනයි .


    දැනුත් සිද්ද වන්න යන්නෙ ඒකද?

    මෙම් තීරණ වලින් ඇතිවෙන වෙළදපල ඒකාදීකාරිය විසින් කෘතිම හිගයක් ඇතිකිරීමට හැකි එමගින් මිල ඉතා ඉහල අගයකට ඔවුන්ට ගෙනයාමට හැකි මොකද මිනිස්සුන්ට තෝරාගැනීමක් නැති නීසා . මේය ඉතා නරක තීන්දුවක් වෙවි , වෙළදපල තුළ ටයර් හිගයක් මතු වීමටත් නිශ්පාදනවල ප්‍රමිතිය බාල වීමටත් මෙය බලපානවා මොකද තරගයක් නැති තැනක ඔවුන් ප්‍රමිතිය ගැන තකන්නැති නිසා .


    රජයක් විදියට තීන්දු තීරණ ගැනීමේදී මීටවඩා ක්‍රමවත් හා විද්‍යාත්මක දත්ත මත පදනම් වී කරනවනම් ඇතිවන අනවශ්‍ය ප්‍රතිවිපාක අවම කරගන්න පුළුවන් . හැම විටම පාරිබෝගිකයා ආරක්ශා කරගැනීමේ දෘෂ්ඨියෙන් ප්‍රශ්න දිහා බලන්න ඔනේ .


    පරණ පාරවල් වල පරණ බස් එකේම අලුත් බොඩ් ලෑල්ලක් ගහගෙන ගියාට ඒ ගම අලුත් නව ගමනක් වෙන්නෑ .


    අපිට නැවත නැවතත් කියන්නෙ වෙළඳපලට අනවශ්‍ය අතපෙවීම් නතර කරන්න .


    මිල අඩුකරන්න නම් සැපයුම හා තරගය වැඩිකරන්න නීති හදන්න

    දේශිය කර්මාන්ත නගා සිටුවන්න නම් ඔවුන් ලෝකයට විවෘත වෙන්න දෙන්න තරග කරන්න ඉඩ දෙන්න

    ඩොලර් හොයන්න නම් ටයර් අපනයනය සදහා වෙළඳපලවල් සොයා දෙන්න )G to G trade agreement ) අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීම පසෙකලා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරන්න


    යුනියන් රන් කරපු උපාධියක් ගහගත්තු පලියට මොලේ එන්නේ නැහැ
    යුනියන් ආණ්ඩුවක් හදල එකෙන් මිනිස්සු හිතනවානම් රට ෆොසත් වෙයි කියල එහෙමනම් එක නියමයි



    GgN0sXSXYAAyzao
     
    • Like
    Reactions: Naughty_kiththa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    මුන් අඩුම ගෙදර බඩුමල්ලක්වත් තමන්ගේ සල්ලි වලින් ගත්තු එවුන් නෙමෙයි. ජීවිත කාලෙම පිනට කාපු මුන්ට බලය ගියහම ඔහොම තමයි


    #වසංගතයක්SriLanka2025
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරන්න ගිහින් වැරදුනාට පස්සෙ විවේචනය කරා නම් පුතාණෝට චන්ද ටිකක් කඩාගන්න පුළුවන් වෙයි.

    Zzz Ok GIF by Jim Gaffigan
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    කරන්න ගිහින් වැරදුනාට පස්සෙ විවේචනය කරා නම් පුතාණෝට චන්ද ටිකක් කඩාගන්න පුළුවන් වෙයි.
    අපි එහෙම කුහක නෑ සහෝදරයා.. කෙලවෙන්නෙ පොදුවෙ රටටම
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රටක් හදන්න බැහැ යුනියන් කාරයෝ එක්ක
    මිනිස්සු ඒක ඉගෙනගන්නකොට යන්න රටකවත් මේ පාර ඉතුරු වෙන්නේ නැහැ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ෆෙරෙන්ටිනෝ නමෝල් ගේ, ඌට බිස්නස් දෙන්න යන්නේ එහෙනම්. රහස් ගිවිසුම් ඇති, බාල ජරා ටයර් දාන්න නම් එපා. Shocks and suspension ඔක්කොම විනාශ වුණා ගල් ටයර් කාර් එකට දාලා . customer care complaint කරපුවාම කෝල් එනවා, මට තත්පර 20ක්‌ විතර කතා කරලා, උන් කයිය ගහනවා, කෝල් eka කට් නොකර. විනාඩි 2ක්‌ විතර ලයින් එකේ තියල කට් කරනවා. උඩට report ගහනවා ඇති problem solved කියලා.
     
    • Like
    Reactions: Hapuwa

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    first improve quality and then the demand will increase . If not good quality products can seek exports.
    Low quality products cannot be saved by tariff barriers.
    Mrs B did this and failed . We have short memories.
     
    • Like
    Reactions: tha123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඡන්ද ව්‍යාපාරයේදී දුන්න උදව්වලට ප්‍රතිඋපකාර කරන්නත් එපායේ..