ටයර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටයර් දමා පිළිස්සූ සිරුර අසල ලේ ගෑවුණ කාපට් එකක්........

    ටයර් දමා පිළිස්සූ තරුණයෙකුගේ යැයි සැක කළ හැකි මළ සිරුරක් ඊයේ(26) මීරිගම අලව්ව මාර්ගයේ කණ්ඩලම,අඹේපුස්ස ගොවිපොළ අසල තිබී මීරිගම පොලිසිය විසින් සොයා ගෙන ඇත. වාහන කුළියට දෙන ආයතනයකින් ලබාගත් රථයක් යොදා මෙම තරුණයා වෙනත් පළාතක දී පැහැර ගෙන මරා, අඹේපුස්ස ගොවිපොළ අසලට ගෙනැවිත් ටයර් දමා ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි. හඳුනාගත නොහැකි ආකාරයට තරුණයාගේ මුහුණ පුළුස්සා ඇතැයි පොලිසිය කියයි.මළ සිරුරේ මූලික විමර්ෂණවලදී මරා දමා ඇති තරුණයා වයස අවුරුදු 25ක පමණ අයෙක් බව පෙනී ගොස් ඇත. ඔහුගේ උඩුකයට වස්ත්‍රයක් නැතත් නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සපත්තු ජෝඩුවක් පැළඳ සිට ඇත. මෙම මළ සිරුර අසල ලේ තැවරුන කාපට් එකක් තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාපට් එක අයත් යැයි සැක කරන ජීප් රථයක් ද සොයා ගෙන ඇත. ඒ සපුගස්කන්ද ප්‍රදේශයෙනි. සපුගස්කන්ද ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ මෙම ජීප් රථයේ ද ලේ සළකුණු ගණනාවක් තිබූ අතර එම ජීප් රථය පෑලියගොඩ පොලිසියේ නිලධාරින් විසින් මීරිගම පොලිසියට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී තිබේ. මෙම මළ සිරුර තවම හඳුනා ගෙන නැති අතර එය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    2012 අගෝස්තු 27 ~ගුණසේකර අධිකාරි - අලව්ව~