mata nam sirawatama adenawa banz.....!!!!
80, 90 ගණන් වල ඉපදිලා හැදිච්ච වැඩිච්ච් එකෙක් ඉන්නවනං ඒ කාලේ තිබුණ පට්ට කාටූන් ටික අමතක කරන්න බෑ. අමතක වෙන්නෙ කොහොමද? ඒ කාලේ කන්න බොන්න අමතක වුණත් රුපවාහිනී චැනල් එකේ දොස්තර හොඳහිත යන වෙලාව නං ඔලුවේ ගලේ කෙටුව වගේ තියෙනව. දොස්තර වගේද පිස්සු පූසා, ඇයි හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය?
දැන් ඉතින් ටයි මාමත් නැති වුණා. රටට සුවිසල් සිනා කන්දරාවක් ගෙනත් දුන්න ඒ උත්තමයට තමන් කරපු වැඩ ගැන සතුටු වෙන්න මිනිස්සු වචනෙන් හරි සංග්‍රහ කරන්න ඇති කියල මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් ආයි දවසක පිස්සු පුසා හරි, හා හා හරි හාවා හරි, ටයි මාමාගෙ නම ගහපු වැඩසටහනක් පෙන්නන කොට (බයවෙන්න එපා, අනිවා ආයි පෙන්නනවා. ඒවා කල්ප කාලාන්තරෙකට වලංගුයි, අවලංගු නෑ. ඒවාට ගහන්න බෑ, ගහන්න ඒවා හදලත් නෑ, හදන්න මිනිස්සුත් නෑ.) ඒ මනුස්සය මතක් කරලා තුං සිත පහදවල, හිත සන්තෝසෙන්, පිං වත් දෙමු.
ළමා ලොවට නොමියෙන මතක සටහන් රැසක් තිළිණ කල ටයි මාමා යන ආදර නාමයෙන් ඔබ අප සැම හඳුනන ටයිටස් තොටවත්ත මහතාණෙනි ඔබට නිවන් සුව . . …
Last edited: