කරන්න එපා.
මෙතන වෙන උන් එපා කියද්දි මම කරලා බලනවා කියලා කරා බලාපොරොත්තු වෙච්චි තරම් ප්‍රතිපල නෑ.
මුලින්ම කරේ යූ ටියුබ් වීඩියෝ දාන පට්ට කොලිටි එකෙක්ව ගෙන්නලා කරගන්න බැලුවෙ. මූ අද එන්නම් හෙට එන්නම් කිය කිය ඉඳලා පස්සෙ මඟ ඇරියා.
ඊටපස්සෙ මම පේන්ට් ජොබ් කරන එකෙක්ව අල්ලගෙන ඌට පඩි දීලා කම්පැනි එකෙන් ඉන්ස්ට්‍රක්ශන් අරගෙන කළා. උඩ තට්ටුවට තෝරගත්තු පාටත් එක්ක නම් ලොකු අවුලක් නෑ.
ඒත් පහල තට්ටුව නම් බොක ගොඩක් උනා. ගෙදර පෙනුම එහෙමම විනාසයි. එන එන එකා ඒකමයි අහන්නෙ. ඒක කපන වෙලේ මට වෙන වැඩක් සෙට් වෙලා තිබ්බා. මූ හොඳටම බොක කරලා ගිහින්. ඒක ඉතින් උඩින් ටයිටේනියම් ගහලාවත් වහන්න බෑ.
ඔතනදි ඉතින් මේසන් බාස්ලත් වග කියන්න ඕනෙ. උන් හරියට කපරාරුව ගහලා වගේ පොළව හදන්න ඕනෙ. එහෙම නැත්නම් බොක වෙන එක වළක්වන්න බෑ.
දැම්මට පස්සෙ පුපුරන එක වළක්වන්නත් බෑ. හැබැයි මගෙනම් පිපුරුම් වගේ පේන්නෙ උඩින් වතුර වැටුනම. නැත්නම් අවුලක් නෑ. අතින් ඇල්ලුවට ස්මූත් මිසක් පිපුරුමක් අහුවෙන්නෙ නෑ.
ඒ උනාට සීරෙන එක නම් තියෙනවා.
මගෙ නම් මතේ ටයිල් වලට වඩා විසඳුමක් නෑ. ඒත් ඉතින් ටයිල් අල්ලන්න හරකෙක්ට දුන්නොත් විනාසයි.
කොච්චර සුරංගනා කතා කිව්වත් ටයිටේනියම් එපා.