ට්සු (TSU) සමාජ ජාල වෙබ් අඩවිය සහ පරිශීලකයින්ග
ට්සු (tsu) සමාජ ජාල වෙබ් අඩවිය පිළිබද අපගේ පෙර ලිපියට හොද ප්රතිථාර ලැබුණු අතර බුද්ධිමත් බහුතරයක් එම වෙබ් අඩවියේ මෙන්ම අප රටේ ජනප්‍රිය වෙබ් අඩවි සහ පේජස් වල ඇත්ත ස්වරූපයත් වටහා ගත්තා. ඔබට ට්සු (tsu) හොද වෙබ් අඩවියක් බව ඒත්තු ගැන්වීමට නොයෙකුත් ආකාරයේ පෝස්ට්ස් සහ වීඩියෝස් මගින් බලපෑම් කරනුයේ කවුදැයි හොදින් බලන්න. ඒ සියලු දෙනාම ඔබව ට්සු (tsu) හි ඔවුන්ගේ Referral කර ගැනීමෙන් මුදල් උපයා ගැනීමේ දැඩි තණ්හාවෙන් පසු වෙන අයයි. ඔවුන්ට අවශ්‍ය ඔබව බිල්ලට දී හෝ ඔබ හරහා මුදල් ඉපයීමටයි. ඔවුන් ඔබගෙන් සත්‍යය වසන් කරයි. ඉතින් ඔබට ඔවුන්ව විශ්වාස කරන්න පුලුවන්ද? ඒ කිසිවෙකු ඔවුන්ගේ Referral link (Invitation) එක නොදී ඔබට ට්සු (tsu) හි Register වෙන්න කියනවාද?
ට්සු (tsu) වෙත ඔබ ඔබගේ සහ පවුලේ අයගේ Photos Upload කළ විට එමගින් මුදල් ඉපයීමට අනිත් අයද ඔබගේ අවසරයකින් තොරව ඔබගේ එම Photos භාවිතා කරනු ඇත. තම ට්සු (tsu) ගිණුමේ එකතුවන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා ට්සු (tsu) වෙබ් අඩවියේ පරිශීලකයින් අනුන්ගේ Photos පවා බලහත්කාරයෙන් භාවිතා කරනු ඇත. මෙමගින් සිදු වනුයේ සමාජ ජාල වෙබ් අඩවියකින් ලැබෙන සතුට සහ විනෝදය නැති වී යාමයි.
අනෙක් වැදගත් කරුණ වන්නේ අපට ට්සු (tsu) Account එකක් සකස් කරගැනීමට අව්ශ්යනම් වෙන අයෙකුගෙන් Invitation එකක් අවශ්‍ය වන්නේ ඇයි? අපිට වෙනත් ඕනෑම සමාජ වෙබ් අඩවියක කිසිවෙකුගේ referral කෙනෙකු නොවී අපට රිසිලෙස Accounts සකසා ගත හැකිය. එවිට අපට කිසිවෙකුගේ පලපෑමක් නොමැත. එසේනම් Referral link (Invitation) එකක් හරහා පමණක් ඔවුන්ගේ වෙබ් අඩවියේ Register වීමට ඉඩ ලබා දෙන්නේ ඇයි? හේතුව ඉතාමත් පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය මුදල් තණ්හාවෙන් පෙලෙන වෙබ් අඩවි සහ පේජස් ලවා ඔබට Referral links (Invitations) යවමින් ඔවුන් අතර Referrals ලා ඇති කරගැනීමට දැඩි තරගයක් ඇති කර ඔවුන් හරහා ට්සු (tsu) වෙබ් අඩවියේ සාමාජිකයින් ගණන වැඩි කර ගැනීමයි. මෙමගින් සිදු වනුයේ ඔබගේ මෙන්ම හිතවතුන්ගේද පෞද්ගලිකත්වය නොලැබෙන මුදලක් වෙනුවෙන් ට්සු (tsu) වෙබ් අඩවියට පාවාදීමකි.
ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට අව්ශ්ය නම් ඒ සදහා නොයෙකුත් සාර්ථක ක්‍රම තිබේ.නමුත් ඒ සදහා ඔබට මනා හැකියාවක් සහ දැනුමක් තිබිය යුතුයි. අනාගත ලෝකයේ මුදල් සෙවිය හැක්කේ දැනුමෙනි. නමුත් අප රටේ වෙබ් අඩවි කරනුයේ ඔබට දැනුම ලබා ගැනීමට ඉඩ නොදී සිහින ලෝක වල අතරමන් කිරීමයි.
එක්තරා වෙබ් අඩවියක් පවසා තිබ්බේ PTC, Adsense වැනි ක්‍රම වලින් මෙන් ෂ්ණිකව ට්සු (tsu) මගින් මුදල් ඉපයිය නොහැකි බවත් නමුත් ට්සු (tsu) මගින් යම් කාලයකින් මුදල් සෙවිය හැකි බවත්ය. එමගින් තහවුරු වන්නේ ඔවුන්ගේ අන්තර්ජාල රැකියා පිළිබද පටු දැනුමයි. ඔවුන් කියන ආකාරයට PTC (ඇඩ් ක්ලික් කිරීම මගින්) මගින් ෂ්ණිකව තියා පසු කාලීනවවත් මුදල් සෙවිය නොහැකිය. PTC (ඇඩ් ක්ලික් කිරීම මගින්) මගින් සිදු වනුයේ ඔබගේ වටිනා කාලයත් මුදලුත් නාස්තිවීම පමණි. අප රටේ ප්‍රසිද්ධ වෙබ් අඩවි ප්‍රකාශ කරන්නේ Adsense මගින් ෂ්ණිකව මුදල් ඉපයිය හැකි බවකි. නමුත් එය එසේ නොවන බවද අන්තර්ජාලයේ අත්දැකීම් ඇති අය හොදින්ම දන්නවා. ඉතින් අන්තර්ජාල රැකියා හෝ ව්‍යාපාර පිළිබදව නිසි දැනුමක් නැති එම වෙබ් අඩවි ඔබට මුදල් සොයන ආකාරය කියා දෙන්නේ කෙසේද?
ඔවුන්ගේ එකම අරමුණ ඔවුන්ගේ Referral link (Invitation) එක හරහා ඔබව ට්සු (tsu) වෙබ් අඩ්වියේ Register කරවාගෙන ඔබව ඔවුන්ගේ Referral කෙනෙක් බවට පත්කර ගෙන ඔබගේ Referral Commise එක ලබාගෙන ඉක්මණින්ම $100 Cash out limit එකට ලගාවීමයි. නමුත් අප නැවතත් අවධාරණය කරනුයේ ට්සු (tsu) පවසන ආකාරයට 90% ක ලාභයක් එහි users ලා අතර බෙදා දිය නොහැකි බවයි. 10% ක ලාභයකින් ලොව කිසිදු ආයතනයක් නඩත්තු කළ නොහැකිය.
අනෙක් කරුණ වන්නේ තමන්ගේම Referral link (Invitation) එකෙන් පවුලේ අයගෙ නම් වලින් ට්සු (tsu) හි Accounts කිහිපයක්ම සකස් කර ගෙන මේ ආකාරයෙන් මුදල් සෙවිය නොහැකිද යන්නයි. කිසිදු තාක්ෂණයක් හෝ සැලැස්මක් නොමැති ට්සු (tsu) වෙබ් අඩවියට ඔබ හසු වෙන්න එපා. ඔබගේ හිතවතුන්ගේ Photos ට්සු (tsu) හි Upload කිරීමට පෙර හොදින් සිතා බලන්න. බහුතරයක් මැදිහත් බුද්ධිමතුන් අපගේ මෙම කරුණු හොදින් තේරුම් ගන්නා බව අප දන්නවා. තේරුම් නොගන්න අයටත් තව මාස කිහිපයකින් ට්සු (tsu) වෙබ් අඩවියේ සැබෑ ස්වරූපය කාලය විසින්ම අවබෝධ කරදෙනු ඇත.
http://www.unlimiteditsolutions.lk