ට්‍රම්ප්ගේ තීරු බදු සහ අපිට වැරදුනු තැන

signshop

Well-known member
  • May 30, 2011
    12,258
    9,079
    113
    Dubai
    486408505_638967812082495_9085940123808932533_n.jpg

    මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා.
    එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම ඇති වූ තත්ත්වයක්.
    ඩොනල්ඩ් ට්‍රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ.
    ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්‍රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා.
    ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.
    දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්.
    ට්‍රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්‍රතිවාදීන් ඉලක්ක කර නොවෙයි.
    ජනපති ට්‍රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.
    ඔහු ඇමෙරිකාවේ දිගුකාලීන දේශපාලනික මිතුරෙකු වන (Ally) කැනඩාව පවා ඉලක්ක කරන්නේ එම නිසයි.
    ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දශක ගණනාව තුළ ගෝලිය වෙළඳාම තුළ ඇමෙරිකාව අසාධාරණයට ලක් වූ බවත්, එය නිවැරදි කිරීම තමන්ගේ අරමුණ බවත්.
    එනම් යම්කිසි රටකට ඇමෙරිකාව භාණ්ඩ අපනයනය කරද්දී, ඇමෙරිකානු භාණ්ඩ උදෙසා එම රට විශාල තීරු බද්ධක් පනවනවා.
    නමුත් එම රටෙන්ම ඇමෙරිකාව භාණ්ඩ ආනයනය කරද්දි ඇමෙරිකාව පනවන්නේ කුඩා බද්ධක්.
    එය ගෝලීය වෙළඳාමේ දී පැහැදිලිවම ඇමෙරිකාවට අවාසියක්. ට්‍රම්ප් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එයයි.
    මාර්තු මුල් සතියේ දී ට්‍රම්ප් ඊළග අප්‍රේල් 02 දා 'ටිට් ෆෝ ටැට්' බදු පනවන බව ප්‍රකාශ කළා.
    එහිදී ඔහු සිදු කළ දේශනයේ ඉන්දියාව ද එහි ඉලක්කයක් බව ප්‍රකාශ කළා.
    ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වීමට තිබුණේ එදා.
    ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ඇමෙරිකාව.
    ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වාර්ශිකව ඩොලර් බිලියන 3.4 ක පමණ වෙළඳාමක් සිදුවෙනවා.
    ඉන් ඩොලර් මිලියන 368 ක වටිනාකමක් ඇති භාණ්ඩ අප ඇමෙරිකාවෙන් ආනයනය කරනවා.
    ඒ ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, තිරිගු පිටි ආදී භාණ්ඩ.
    ඉතිරි ඩොලර් බිලියන තුනම අප ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ.
    ඒ ප්‍රධාන වශයෙන් ඇඟළුම්, අත් වැසුම්, රබර් නිෂ්පාදන, මැණික් සහ වටිනා ඛණිජ ආදිය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරනවා.
    ඇමෙරිකාවේ මිල අධික සෑම ඇඟළුම් සන්නාමයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ.
    විදේශ විනිමය සම්බන්ධයෙන් ආර්ථික අර්බුධයක සිටින අප වැනි රටකට, අපගේ විශාලතම අපනයනකරුවා අහිමි කර ගැනීම දැරිය නොහැකි පාඩුවක්.
    එවැනි පසුබිමක මේ පුවත සැලවූ සැණින් එය විශ්ලේෂණය කරමින් අවශ්‍ය පියවර නොගැනීම ශ්‍රී ලංකා රජයෙන් සිදු වූ දරුණු අතපසුවීමක්.
    ඉන්දියාව ඉලක්ක කරනවා නම් ශ්‍රී ලංකාව ද නියත ඉලක්කයක් බව කියවා ගැනීමට අපහසු වීම ශ්‍රී ලංකාවෙන් සිදු වූ විශාල අතපසුවීමක්.
    ට්‍රම්ප් ඉහත ප්‍රකාශය කළ දිනට පසුදාම මා, මාගේ යූටියුබ් නාළිකාවේ මෙවැනි අනතුරක ශ්‍රී ලංකාව සිටින බව අනාවැකි පළ කළා.
    ඉතින් අපට වැටහෙන කරුණ මෙරට ආර්ථිකය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හැසිරවීම වෙනුවෙන් විශාල වැටුපක් සහ වරප්‍රසාද ලබනා පාලකයන්ට සහ නිළධාරීන්ට වැටහිය යුතුමයි.
    ශ්‍රී ලංකාව මේ තත්ත්වය නිවැරදි කරගැනීමට තිබූ මාසයක කාලයක් නිරපරාදේ අපතේ හැරියා.
    මෙරට ඇමෙරිකානු තානාපතිනිය රජයේ ඉහළ බලධාරීන් ගණනාවක් හමුවනු දුටුවත් මේ තීරුබදු අනතුර පිළිබඳව සාකච්ඡා කළ බවක් පෙනුනේ නැහැ.
    ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය, ලිංගික දිශානතීන් වැනි කරුණු පිළිබඳ අප ඇමෙරිකානු තානාපතිවරිය සමග සාකච්ඡා කළා.
    මේ තීරුබදු අනතුරෙන් ගැලවීමට කළ යුතුව තිබුණේ ඉතා කුඩා තීරණයක් පමණයි.
    එනම් ඇමෙරිකානු ආනයනික භාණ්ඩ වල තීරුබදු අඩු කිරීම පමණයි. මේ බදු පසුපස දේශපාලනික අරමුණු නැහැ.
    ට්‍රම්ප් රජයට අවශ්‍ය ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් දේශපාලනික උවමනා මත සිර කිරීම නොවෙයි.
    ගෝලිය දේශපාලනයේ සිය කොටස සාධාරණව අය කර ගැනීම පමණයි.
    ජනපතිවරයාගේ එක් අත්සනකින් අපට එය කළ හැකිව තිබුණා.
    නමුත් ඒ වෙනුවට අප පසුගිය මාසයේ ඇමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුලු සියලූම මෝටර් රථ වල තීරු බදු තවත් වැඩි කළා.
    එය රජයෙන් සිදු වූ විශාල වරදක්. එය ඇමෙරිකාවට අප ලබා දුන් සංඥාවක්.
    අද එයට වන්දි ගෙවීමට අපට සිදු වුණා.
    ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක් දක්වා තීරුබදු වැඩි කිරීමට අද ට්‍රම්ප් රජය තීරණය කළා.
    අද දින ට්‍රම්ප් තීරුබදු ඔස්සේ රටවල් 25 ක් ඉලක්ක කළා.
    ඉන් ඔහු වැඩිම තීරු බද්ධක් පැනවූ රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටිනවා.
    50% ක තීරු බද්ධක් පනවනු ඇතැයි කී ඉන්දියාව 26% කින් පමණ කළමණාකරණය කර ගැනීමට සමත් වෙලා.
    පසුගිය මාසයේ ට්‍රම්ප් මේ තීරණය දැනුම් දුන් දිනම ඉන්දීය වෙළඳ ඇමති පියුෂ් ගෝපාල් සිය සියලූම රාජකාරී නවතා ඇමෙරිකාවේ සංචාරය කළා.
    ඉන්දියාව යම්කිසි හෝ සහනයක් හෝ ලබා ගත්තේ එම සංචාරයත් සමගයි.
    නමුත් ශ්‍රී ලංකාව එම ස්වර්ණමය අවස්ථාව මග හැරියා.
    එම තීරණයත් සමග GSP බදු සහනය හිමිව තිබූ ශ්‍රී ලංකා භාණ්ඩ 3000 කට පමණ නව බදු පැනවුණා.
    එය මෙරට ඩොලර් බිලියන තුනක අපනයන ආර්ථිකයට හානියක් පමණක් නොවෙයි.
    ඇඟළුම් ක්ෂේත්‍රය කඩා වැටීමෙන් රැකියා දහස් ගණනක් අනතුරට පත්විය හැකියි.
    මෙරට මැණික් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට ලක් වෙනවා.
    වාර්ශිකව ඩොලර් බිලියන තුනක් මෙරට ආර්ථිකයෙන් ඉවත් වීම ඔස්සේ යළිත් පහසුවෙන්ම විදෙස් මුදල් හිඟයක් ඇති වීමේ අවදානමක අප සිටිනවා.
    ට්‍රම්ප් රජය විසින් තීරුබදු පැනවූ සෑම රටකටම වඩා ශ්‍රී ලංකාවට සිදුවන හානිය වැඩියි.
    එම රටවලට වෙනත් විකල්ප තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශ්‍රී ලංකාව තරම් අවදානමක නැහැ.
    එමෙන්ම හොඳින් නීරික්ෂණය කළහොත් ගෝලිය ඇඟළුම් වෙළදපොළේ ශ්‍රී ලංකාවට තරගයක් දීමට සිටිනා බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාවවැනි රටවලට පනවා තිබෙන බදු ප්‍රතිශත ශ්‍රී ලංකාවට වඩා අඩුයි.
    ඒ ඔස්සේ එක් රැයකින් ශ්‍රී ලංකා ඇඟළුම් වලට වඩා එම රටවල නිෂ්පාදිත ඇඟළුම් ඇමෙරිකානු වෙළඳපොළේ මිලෙන් අඩු වෙනවා.
    ඒ සමගම මෙරටට ලැබෙන ඇඟළුම් ව්‍යාපාර සියල්ල වියට්නාමයට, බංග්ලාදේශයට හෝ ඉන්දියාවට හිමිවිය හැකියි.
    කණගාටුවට කරුණ නම් මේ අනතුර තරමක් දුරට හෝ වළක්වා ගත හැකිව තිබූ එකක්.
    ස්වල්ප මොහොතකට පෙර මේ තීරු බදු සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත් කර තිබෙන බව දුටුවා.
    සැබැවින්ම ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ වෙනස නිර්මාණය වන්නේ මේ තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක වීමේ වේගය නිසායි.
    ඇමෙරිකාව මාසයකට පෙර අනතුරු ඇඟවීම් කළා.
    ඉන්පසුව පොරොන්දු වූ දිනයේම තීරණය ලබා ගත්තා.
    ඉන්දියාව වැනි රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා.
    ශ්‍රී ලංකා රජය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසනවා මෙන්, සියල්ල සිදු වූ පසු කමිටුවක් පත් කරලා.
    කණගාටුව එයයි.
    - Ireshan Siriwardhana -
    2025. 04. 03
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla

    Wadak na bro katha karala dobila danne kade yanna witharai
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,411
    5,768
    113
    හෑලි ලිව්වට අපේ රටේ වරදක් නෑ බන්. මෙහෙන් එයට යවන ඒවා = මෙහෙට ගේන ඒවා කියලා නියමයක් නෑ. ට්‍රම්ප්ට් ට පිස්සු. ඕන රටක ඔහොම තමයි. ඇමරිකාව ලෝකෙ ලොකුම ආර්ටිකය නිසා හුගක් රටවල් එහෙන් ගේනවා. ඒ වගේම ඇමරිකාව හුගක් දේවල් නිපදවන නිසා ලෝකෙ අනිත් රටවලින් ඔක්කොම ඕන වෙන්නෙ නෑ. කොහොමත් ඔය පරතරය තියෙනවා. අනික ලන්කාවේ බඩු මිල අඩු සහ උන්ට ඕන නිසානෙ ගන්නෙ. අපිට පුලුවන්ද ඇමරිකාවේ මිලට භාන්ඩ ගන්න? එහෙ සපත්තු ජෝඩුවක් රු 45000ක් වෙනවා, මෙහෙ උන්ගෙ පඩියවත් නෑ එච්චර. ට්‍රම්ප් පැත්තෙන් වැරදි කියන්නත් බෑ. ඒ නිසා නාහෙන් අඩන්නෙ නැතිව රුසියාව කරා වගේ අපේ ආදායම අනිත් රටවලට බෙදා ගන්න ඕන.
     
    Trump waradi kiyanda bane.usa walin gena item walata lakawen gahana tax eka 88%
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,225
    6,705
    113
    East Blue (Goa Kingdom)
    බයිලා හෑලි

    ලංකාව වැඩිපුරම ගේන්නේ වාහන ලු :lol:

    ලංකාව වැඩිපුරම ගේන්නේ අපද්‍රව්‍ය & සත්ව කෑම ඇමරිකාවෙන්

    https://tradingeconomics.com/

    • Like
    Reactions: Hamu mahaththaya1

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,114
    1
    28,668
    113
    මූ මගුලක් කතා කරනවා කලින් තීරණ ගන්න තිබුණා කියලා. යකෝ මේ tariffs ගැන චතුරංගයා දන්නෙත් අද උදේ නැගිට්ටට පස්සෙ කියලා උගෙම FB page එකේ කියලා තියෙනවා. අර කාලෙකට කලින් පත්තරෙන් දැන ගත්ත පොලොවෙන් මතු වුන එකාව මතක් වුනා
     
    • Haha
    Reactions: speedmalli

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සීයාගේ වැඩක් ට්‍රම්ප්ට කේලම් කියලා, කොටාගේ ආන්ඩුව ගැන මිනිස්සුන්ගේ හිතේ කලකිරිමක් ඇති කරවන්න කරපු
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මූ මගුලක් කතා කරනවා කලින් තීරණ ගන්න තිබුණා කියලා. යකෝ මේ tariffs ගැන චතුරංගයා දන්නෙත් අද උදේ නැගිට්ටට පස්සෙ කියලා උගෙම FB page එකේ කියලා තියෙනවා. අර කාලෙකට කලින් පත්තරෙන් දැන ගත්ත පොලොවෙන් මතු වුන එකාව මතක් වුනා

    Lankawe sonnayonta koheda bun owa penne

    Twitter eke scroll kara nam mu meka karanna yanne kiyala kiwwe February wala idan
     
    • Like
    Reactions: War Fighter

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මට මතකයි patali champikath මීට මාස 2කට විතර උඩදී you tube program එකක මේ ගැන කියනවා,
    ඒ අතින් බැලුවම කයියනායකගේ ආර්ථික ඔස්තාර් ලාට වඩා ආර්ථිකේ ගැන දැනුමක් patalita තිඑයෙනවා
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    හෑලි ලිව්වට අපේ රටේ වරදක් නෑ බන්. මෙහෙන් එයට යවන ඒවා = මෙහෙට ගේන ඒවා කියලා නියමයක් නෑ. ට්‍රම්ප්ට් ට පිස්සු. ඕන රටක ඔහොම තමයි. ඇමරිකාව ලෝකෙ ලොකුම ආර්ටිකය නිසා හුගක් රටවල් එහෙන් ගේනවා. ඒ වගේම ඇමරිකාව හුගක් දේවල් නිපදවන නිසා ලෝකෙ අනිත් රටවලින් ඔක්කොම ඕන වෙන්නෙ නෑ. කොහොමත් ඔය පරතරය තියෙනවා. අනික ලන්කාවේ බඩු මිල අඩු සහ උන්ට ඕන නිසානෙ ගන්නෙ. අපිට පුලුවන්ද ඇමරිකාවේ මිලට භාන්ඩ ගන්න? එහෙ සපත්තු ජෝඩුවක් රු 45000ක් වෙනවා, මෙහෙ උන්ගෙ පඩියවත් නෑ එච්චර. ට්‍රම්ප් පැත්තෙන් වැරදි කියන්නත් බෑ. ඒ නිසා නාහෙන් අඩන්නෙ නැතිව රුසියාව කරා වගේ අපේ ආදායම අනිත් රටවලට බෙදා ගන්න ඕන.
    1. Americans import 98% of their shoes
    2. America is the biggest consumer/ almost 35% of global production goes to USA
    3. Harini went to France for something something

    4. WE ARE DOOMED