ට්‍රම්ප්ට කොවිඩ්

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    මේ අතර, ඔහුගේ බිරිඳ, මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන "හෝප් හික්ස්" කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවය.

    Trump.jpg


    කොරෝනා වෛරස ආසාදිත බව තහවුරු වී ඇති 31 හැවිරිදි හෝප් හික්ස්, මෙතෙක් වෛරස ආසාදිත බවට තහවුරු වූ ජනාධිපතිවරයාට වඩාත් සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාව වේ.

    මීට දින කිහිපයක පෙරදී පැවති ටෙලිවිෂන් වාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඔහායෝ දක්වා ගමන් කරන විට "Air Force One" ගුවන්යානයේ ඇය ද ගමන් කර තිබේ.

    ඇය මුඛ ආවරණයක් රහිතව ගුවන්යානයෙන් බසින ආකාරය දැක්වෙන ජායාරූපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.


    adaderana.lk