ශ්‍රී ලංකාව තුළ මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි හා දේපළ විනාශය හමුවේ එරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. මෙම ව්‍යසනය මගින් මානුෂීය, සමාජීය සහ ආර්ථික යන අංශවලට සිදු කර ඇති බලපෑම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන බව ඇය සඳහන් කළ අතර, ආපදා හානි තක්සේරුව අවසන් වූ පසු ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් කැපවී සිටින බවත්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ හයවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එහිදී අනාවරණය විය. එළඹෙන දෙසැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිත අතර, සුළි කුණාටුවට පෙර පැවති පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් මේ වන විටත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බව කොසැක් මහත්මිය වැඩිදුරටත් තහවුරු කළාය.