ට්‍රම්ප්ට රන් වැසිකිළියක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ට්‍රම්ප්ට රන් වැසිකිළියක්

    ට්‍රම්ප්ට රන් වැසිකිළියක්

    image_4923f5c309.jpg

    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා, ලෝක පූජිත චිත්‍ර ශිල්පී වැන්ගෝගේ සිතුවමක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනයට තැබීමට අවසර දෙන්නැයි නිව්යෝක් නුවර ‘ගුඩෙන්හයිම්’ කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති නමුත් කෞතුකාගාර ප්‍රධානිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
    වැන් ගෝ සිත්තරාගේ එම සිතුවම වෙනුවට නූතන නිර්මාණකරුවකු වන ඉතාලි ජාතික මුරුසියෝ කැටෙලාන්ගේ කලා නිර්මාණයක් වන ‘ඇමෙරිකා’ යනුවෙන් නම් කළ කැරට් දහ අටේ තනි රනින් කළ වැසිකිළි අනුරුව දිය හැකි යැයි කෞතුකාගාර ප්‍රධානී නැන්සි ස්පෙක්ටර් ඊමේල් පණිවුඩයක් යවමින් ට්‍රම්ප්ට පවසා ඇත.
    ට්‍රම්ප් සහ මෙලානියා ඉල්ලා ඇත්තේ නිව්යෝක් නුවර ගුඩෙන්හයිම් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති වැන් ගෝ සිත්තරාගේ ‘ලෑන්ඞ්ස්කේප් විත් ස්නෝව්’ නමැති සිතුවමය. වැන් ගෝ මෙය සිතුවම් කර ඇත්තේ 1888 වසරේය. වින්සොන් විලියෙම් වැන් ගෝ යනු ලන්දේසි සිත්තරෙකි. වැන්ගෝගේ ඇතැම් සිතුවම් මිල කළ නොහැකි බවත්, එම චිත්‍ර බටහිර චිත්‍ර කලාවේ අමරණීය බවත් චිත්‍ර ශිල්පීන්ගේ මතය වෙයි.
    ලෝක පූජිත චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් තමන් කැමැති නම්, ධවල මන්දිරයට ගෙන්වා ප්‍රදර්ශනයට තැබීමට ඇමෙරිකන් ජනපතිවරයාටත් ආර්යාවටත් අවසර හිමිවී ඇත. ට්‍රම්ප් සිතුවම දෙන්නැයි ඉල්ලීමක් කර ඇත්තේ ඒ අනුවය.
    ‘ලෑන්ඞ්ස්කේප් විත් ස්නෝව්’ සිතුවම මිල කළ නොහැකි නිර්මාණයක් හෙයින් කෞතුකාගාරයෙන් පිටතට නොයවන බවත් එය ධවල මන්දිරයට ලබා දීමට නොහැකි බවත් කෞතුකාගාර ප්‍රධානී නැන්සි ස්පෙක්ටර් පැහැදිලි කර තිබේ.
    සිතුවම කොතරම් වටිනවාදැයි පැහැදිලි කරමින් ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ, එම සිතුවමට කැරට් 18 රන් වැසිකිළිය පවා සමාන කළ නොහැකි බවය. ඉතාලි කලාකරු මුරුසියෝ කැටෙලාන් මෙම රන් වැසිකිළිය නිර්මාණය කර එය නම් කර ඇත්තේ ‘ඇමෙරිකා’ යන නමිනි. ඒ, ඇමෙරිකානුවන්ගේ සුඛෝපබෝගී ජීවිතය සිහිගන්වමිනි. ‘ඇමෙරිකා’ යන නමින් නම් කළ රන් වැසිකිළිය ගුඩෙන්හයිම් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති කලා නිර්මාණ අතරින් එකකි.
    (ඒ.එෆ්.පී.)