ට්‍රම්ප් බයවෙලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    image_088dc54d43.jpg


    Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ.

    ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක් පැළඳ පැමිණ සිටියේ මේරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහල වෙතටයි.

    රෝහලේ සිටියදී මුහුණු ආවරණයක් පැළඳ සිටීම සුදුසු දෙයක් බවටයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

    ''මම හිතන්නේ ඔබ රෝහලේ සිටින විට අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටිය යුතුයි. එය මට මෙන්ම ඔබටත් අපහසුවක් නොවනු ඇති.''

    මෙම වසංගතය ආරම්භයේ සිටම මෙලෙස මුහුණු ආවරණයක් පැළඳීම ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔහුගේ නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණේ ආරක්‍ෂිත පියවරක් ලෙස මුහුණු ආවරණයක් පළඳින ලෙසයි.

    එය ඔහුගේ පාක්ෂිකයන්ද දිරිමත් කරන්නක් වන හෙයින් ට්‍රම්ප්ගේ නිලධාරීන් ඊට ඔහුව දිරි ගැන්වුවද ජනධිපතිවරයා එය කිසිදු සැලකිල්ලකට ගෙන තිබෙන බවක් පෙනෙන්නට නොතිබුණි.

    වසංගත ව්‍යාප්තිය මැදම ඔහු මැතිවරණ ප්‍රචාරණය ද ආරම්භ කළ අතර සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවක් පෙනෙන්නට නොතිබුණ අතර ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වීම වැලැක්වීම සඳහා පරීක්ෂණ ද සීමා කරන ලෙසයි මේ ජනධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබුණේ.

    කෙසේවෙතත් දැන් මේ ජනාධිපති ට්‍රම්ප් මට්ටු වෙලාද යන පැනය මතුව තිබේ. එහෙත් ඔහුගේ ස්වභාවය අනුව මේ ගැන හෙට දිනයේ කුමක් පවසාවිද යන්න දන්නේද ඔහු පමණි.

    මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 3,225,721වාර්තා වී තිබෙන බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන්නේ.

    මරණ 137,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවද දැක්වෙයි.