ට්‍රැමඩෝල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ට්‍රැමඩෝල් ඖෂධය පිලිබඳ දැනුවත් වෙමු.


200001635.jpg
tramadol_100_02.jpg




ට්‍රැමඩෝල් කියන්නේ ඉහල ගුණයකින් යුත් ප්‍රබල වේදනා නාශකයක්. මෙය මෝෆින් වලට සමානකමක් දක්වන අතර මෝෆින් වලට වඩා අඩු අතුරු ප්‍රතිපල සහිත ඖෂධයක්. මෝෆින් කියන්නෙත් අති ප්‍රබල වේදනා නාශකයක් වන අතර එය නිස්සරණය කිරීමේදී අවශ්‍ය නම් හෙරොයින් ලබා ගන්නත් පුළුවන්.

ට්‍රැමඩෝල් කොච්චර හොඳ බෙහෙතක් උනත් එම ඖෂධයේ තියන අවාසිය තමයි මෙය ඇබ්බැහි වන සුළු බව.ට්‍රැමඩෝල් කියන ඖෂධය පසුගිය කාලයේ ලංකාවේ තහනම් කරලා තිබුන . නමුත් මේ වෙනකොට නම් එම තහනම් ඉවත් කරලා තියනවා. මොකද අපේ අයියලා ඕවට කිවුවේ අතල් පෙති කියලා. අවශ්‍යතාවයකින් තොරව මේක ලබා ගන්න මත් ලෝලීන් පුරුදු වෙලා හිටියා. නමුත් මේක ඉතා අනතුරුදායක තත්වයක්.

මෙම වේදනා නාශකය ලබා දෙන්නේ ඉතා විශාල වේදනාවන්ගෙන් පෙලෙනන්න සඳහා පමණයි. මෙය ෆමසියකට ගිහින් නිකන් ඉල්ලන්න බැහැ . මෙය ලබා ගැනීම සඳහා වෛද්‍ය අනුමැතිය අනිවාර්යයි.



දැන් අපි බලමු වෛද්‍යවරයා නියම කරන්න කලින් ට්‍රැමඩෝල් වලින් ඔබ ආරක්‍ෂිත ද කියල තහවුරු කරගන්නේ කොහොමද කියලා.


ට්‍රැමඩෝල් ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ පෙති වශයෙන්. සමහරක් අවස්ථාවල එන්නත් මගින්ද ලබා දීම සිදු කරනවා. ඔබ ඖෂධය ගන්න අතර තුර කිසිම වෙලාවක මත් පැන් පානය නොකළ යුතුවෙනවා. මේක ඇල්කොහොල් එක්ක සම්බන්ද වෙලා ඉතා බයානක අතුරු ප්‍රතිපල ඇති වෙන්න පුළුවන්. බොහෝ දුරට මෙය මාරාන්තික වෙන්න පුළුවන්.

ඔබ තදබල ලෙස ඇදුම රෝගයෙන් සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ගෙන් පෙලෙනවානම් මෙය භාවිතයෙන් වලකින්න්න. මෙම බෙහෙත නිර්දේශ කරන වෛද්‍යවරයා වෙත මෙය කලින් දැනුම් දීම ඉතාමත් වටිනවා.

මල බද්ධය වගේ තත්වයන් තුලදී බාවිතය සුදුසු වෙන්නේ නැහැ.

පාවිච්චි කිරීමට පෙර ආසන්නයේ මධ්‍යසාර , වෙනත් වේදනා නාශක ,ප්‍රශාන්තිජනක සහ නින්දයමට ( නිදි පෙති ) වගේ දේවල් අරන් තියනවනම් ට්‍රැමඩෝල් භාවිතයෙන් වලකින්න ඕනේ.

හිසට දරුණු ලෙස අනතුරු සිද්ද වෙලා තියනවනම් සහ මානසික රෝගවලින් පෙලෙනවානම් මෙය ලබා ගැනීම සුදුසු නැහැ. කෙසේ නමුත් මෙය වෛද්‍යවරයා වෙත කලින් දැනුම් දියයුතු වෙනවා.

අක්මා සහ වකුගඩු රෝගවලින් පෙලෙනවානම් මෙය සුදුසු නොවන අතර ඔබට එවැනි රෝග තත්වයන් තිබේ නම් ඒ පිලිබඳ වෛද්‍යවරයා වෙත දැනුම් දීය යුතු වෙනවා.

අනෙක් දේ තමයි ඔබ කිනම් හෝ අවස්ථාවක සියදිවි තොර කරගන්න උත්සාහයක යෙදුනානම් ඒ පිළිබඳවත් මෙම ඖෂධය ලබා ගැනීමට ප්‍රථම වෛද්‍යවරයා දැනුවත් කිරීම ගොඩක් වැදගත් වෙනවා.

කිනම් හෝ අවස්ථාවක මෙම ට්‍රැමඩෝල් නම්වූ ඖෂධය ඔබට තව කෙනෙකුට නිර්දේශ කිරීමට කොහෙත්ම බලයක් නොමැති අතර එය ලබා ගන්න පුද්ගලයා අනතුරේ වැටීමට හේතුවක් වෙන්න පුළුවන්.

ඔබ කිරි දෙන මවක් නම් මෙම ඖෂධය ලබා ගැනීම සුදුසු නොවන අතර මව් කිරි මගින් දරුවට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා.

අනෙක් ප්‍රධානම දේ තමයි මෙම ඖෂධය නියම කල කාලයට සහ ප්‍රමනයට වඩා ලබා නොගත යුතු වෙනවා. එසේ උනොත් ඔබ මෙම ඖෂධයට ඇබ්බැහි වෙන්න පුළුවන් ප්‍රවනතාවය ඉතා ඉහලයි.


දැන් බලමු නියම කරන ලද මාත්‍රාව ගැනීමට අමතක උනොත් ( මගහැරුනොත් ) මොකද කරන්නේ කියල .


ඊළඟ කාලය තුල සාමාන්‍ය විදිහට බොන්න. කිසි වෙලාවක මග හැරුණු වේල වලක්වා ගන්න කියල නිර්දේශය දෙගුණයක් ලෙස ගන්න ඒපා.

අධි මාතාවක් ශරීරගත වීම

timthumb.php


වැරදීමකින් හෝ අධි මාත්‍රාවක් ශරීර ගත උනොත් වහාම රෝහලක් වෙත යොමු වෙන්න ඕනේ. බොහෝ වෙලාවට අධි මාතාවක් ගැනීමේදී රෝගියාගේ හුස්ම ඉතා සෙමින් ගන්නා තත්වයක් දක්නට පුළුවන් වෙනවා මෙන්ම හදවතේ ගැස්ම පවා අඩුවෙනවා.නිදිමත ස්භාවයක් ද දැනට ලැබෙන්න පුළුවන්. කලයුතු එකම දේ තමා හැකි ඉක්මනින් රෝහලක් වෙත රෝගියා ගෙනයාමයි.


ලිපිය අවසන් කරන්න කාලේ ඇවිත්. මම මේ කියපු දේවල් වලට වඩා තව ගොඩක් අතුරු ප්‍රතිපල තියනවා. දැන් තේරෙනවා නේ මේ ඖෂධයේ තියන බිහිසුණු කම. වැඩි විස්තර අවශ්‍යනම් ඉන්ටර්නෙට් එකේ හොයල බලන්න. මේ කියපු දේවල් වලට වඩා සවිස්තරාත්මක විස්තර ඔබට ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න පුළුවන් වෙයි.

මම ආයෙත් ආයෙත් කියන්නේ මේ ට්‍රැමඩෝල් ගන්න කාලය තුල මධ්‍යසාර ලබාගැනීමෙන් වලකින්න කියල . මොකද ට්‍රැමඩෝල් මධ්‍යසරත් එක්ක ක්‍රියා කරලා මරණය පවා ඇති කරන්න පුළුවන්. අනෙක මේ ට්‍රැමඩෝල් ගන්නකොට රිය පැදවීම නොකළ යුතු වෙනවා. මොකද ට්‍රැමඩෝල් කියන්නේ නිදිමත ඇති කරවන සුළු ඖෂධයක්.

දැන්නම් ඔයිට වඩා ලියන්න බැහැ. මෙය මම විසින්ම සකසන ලද ලිපියකි. ඕනෑම කෙනෙකුට කොපි කිරීමේ පරම බලය හිමි වේ. ම දැන් එළවලු බක්කියේ වැඩට යන්න තියෙනවා . පස්සේ සෙට් වෙමු
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
mewa liyala nodanna unuth mewa bonda purudu wenwa,, rep----


මම මෙතන කිසිම අවස්ථාවක ට්‍රැමඩෝල් වලට
පෙළඹවීමක් සිදු කරලා නැහැ . මෙහි ඇති මාරාන්තික තත්වය විස්තර කරල තියනවා.
 
Last edited:

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සෑහෙන්න ගේමක් දෙනව නේ එලෝලු සීන් එක වහගන්න :lol::lol::lol: