" ට්රෑම් " රථයෙන් " ට්‍රොලි " බසයට .....
1899 සැප්තැම්බර් 12 දිනයි කොළඹට ට්රෑම් සේවාව හදුන්වා දුන්නේ ... නමුත් මගී සේවාවක් බවට පත්කරන්නේ 1900 ජනවාරි 13 දිනයි.
සමාගමේ නම " Boustead Brothers Ltd.
අඩි 3 අගල් 6 පීලි දෙකක් අතර මේ ක්‍රමය "Grooved Streak Track " ලෙසයි හැදින්වූයේ.
විදුලිය සැපයුවේ රැහැන් මගින්. Trolley Pole කිව්වේ එ් රැහැන් ගෙනගිය කනුවලට.
1929 දී සමාගමේ සේවකයන් වර්ජනයක් අරඹනවා. කනුවක් කඩාවැටී මරණයක් සිදුවීමයි හේතුව.
1944 සැප්තැම්බර් පලමුවනදා කොලඹ නගර දෙපාර්තමේන්තුව මේ සමාගම මිලදී ගත්තා.
එ් රු. 3663443 ක මුදලකට. ට්රෑම් සේවයේ
විවිධ අපහසුතාවන් නිසා 1951 දී "ට්‍රොලි බස්"
සේවය අැරඹුනා. එ් සදහා පීලි අවශ්‍යවුනේ නෑ. මේ සමග ට්රෑම් සේවය ක්‍රමයෙන් අභාවයට ගියා.
1958 බස් ජනසතුව සමග මේ සියලු සමාගම් එක්තැන්වුනා. 1964 ජනවාරි 12 මේ ට්‍රොලිබස් සේවය සම්පූර්නයෙන් නැවතී ගියා.
******
අපේ රටේ මේ සම්බන්ධ තොරතුරු අඩුයි. නමුත් එංගලන්තයේ ජෝන් ෂර්මන් මහතා මේ කරුණු අඩංගු පොතක් ලියලා තිබෙනවා.
( Sri Lanka Busses Past and Present)
එ් තැනැත්තා නොහිටින්නට මේ තොරතුරු කිසිවක් අප නොදැනගන්න තිබුනා.
අදටත් කොළඹ නගරයේ සැගව තිබෙන මේ නටඹුන් සුරකින්නට නිසි වැඩපිලිවෙලක් නැත.
Lak u. Melagoda
2017
