අඩේ ට්‍රෝජන් යුද්දේ අහලා තිබ්බට මම මේ හොයල බැලුවා කොයි කාලෙද මේක උනේ කියලා.. මේක වෙලා තියෙන්නේ.. එතකොට බුදුහාමුදුරුවෝ ඉඳලත් නෑ..
මේ වගේ අතීත කථා බලද්දි විශ්වාස කරන්නත් බෑ.. අදින් අවුරුදු 3200 කට ඉහත තිබ්ලා තියෙන්නේ මේ යුද්දය.. කොහොමද බන් ඔහොම එකක් විශ්වාස කරන්නේ? හරි තිබ්බා කියමුකෝ.. ඒ කාලේ තාක්ෂණය නොදියනු කාලේ ඔය බලය අරඹයා සටන් ඇති වෙන්න ඇති.. සාමාන්‍යය ජන රටාවටක් තියෙන්න ඇති..
පිරමීඩ් හදල තියෙන්නෙත් බුද්ධ කාලෙටත් කලින්.. 4500 ක එපිට..
හරි අපි එමුකෝ බුද්ධ කාලෙට.. මේක වෙලා තියෙන්නේ ට්‍රෝජන් යුද්දෙට අවුරුදු 700 කට පස්සේ.. එතකොට කොහොමද අප්පා.. ඔය කියන ඍද්ධි බලය / අහසින් ගමන් කිරීම / රජ කථා... ඕවා ගලප ගන්නේ? පොඩි කාලේ ඉඳන් දහම් පාසල් / පාසලෙන් මවලා තියෙන්නේ වෙනම වයිබ් එකක්.... ඒත් දැන් දැන් හිතෙනවා බුදුහාමුදුරුවොත් අපි වගේම සරම මනුස්සයෙක්... එයා දහම අවබෝධ කරන් බුදු උනා... ඒ දහම උන්වහන්සේ දෙසුවා! එතනින් පහලට රාජාවලිය පටන් ගත්තා අන්තිම රජා වෙනකන්....
ඔහොම හිතලා බැලුවමා ට්‍රෝජන් කාලේ මේ ලංකාව කොහොමට තියෙන්න ඇද්ද.. නැව් වලින් කී දෙනක් නම් එනවා යනවා ඇද්ද... අපේ ජාන කී පාරක් මිස්ක් වෙන්න ඇද්ද.. දෙවන ලෝක යුද්දේ කාලෙත් කල්ලෝ ගෙනැල්ලා සීගිරි අවට ගාල් කරාලු..
කිරියේ හෙළයන් / බුද්ධිමතුන් / විද්‍යාඥයින් / රාවණා යදින්නන් වඩින්න!