---------ටාසන් මළා--------

malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ
    මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ

    බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
    මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල
    ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
    හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
    ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
    සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
    එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත

    දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ

    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන
    අහුමුලු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත්වී අං මදින තැන
    වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
    අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
     
    • Like
    Reactions: IKL

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කුමාරගම කවියා ඉතා සංවේදී කාරණා කවිය තුලින් ජන විඥානයට අරන් ගිය කෙනෙක්.ඉතා සරල බසින් හදවතට කතා කරන කවි ලියපු දක්ෂයෙක්
    .TFS