ටැටූ ගැන ඇත්ත නැත්ත සහ මිත්‍යා මත

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ටැටූ ගැන ඇත්ත නැත්ත සහ මිත්‍යා මත



    සමහරු ටැටූ ගහගෙන ඉන්නව. සමහරු ටැටූ ගහන්න කැමති නැහැ. තවත් සමහරු ටැටූ ගහන්න ආස වුනාට බයයි. ඉතිං එහෙම බයේ ඉන්න අයට තියෙනව ඔය හිත ඇතුළෙ කැකෑරෙන පොඩි පොඩි අවුල් සහගත තැන්. අපි මේ කියන්න යන්නෙ ටැටූ ගහන එක ගැන සමාජයේ තියෙන දුර්මත සහ ඒවායේ ඇත්ත නැත්තයි. සමහරු කැමතියි තමුන් ආස දේ තමුන්ගෙ ඇඟේ තමුන් එක්ක සදාකාලිකව තියාගන්න. තවත් සමහරු කැමතියි ලස්සන ටැටූ ගහන්න. ඒ කොහොම වුනත් මේ කතාව ටැටූ ගහපු සහ ගහන හැමෝටම අදාලයි.



    1. ඒඩ්ස් හැදෙයිද? :dull::dull::dull::dull:


    Tattoo-Facts-aniwa-01a.jpg


    Tattoo Facts
    Source – teakdoor.com
    බාර් එකක් යට සූට් කේස් එකේ බඩු දාගෙන ඉන්න ඩයල් එකකගෙන් ටැටූ ගහද්දි මනුස්සයගෙන් මනුස්සයට අලුතෙන් කටු මාරු කරයිද, එයා පාවිච්චි කරන තීන්ත සහ උපකරණ සෞඛ්‍යාරක්ෂිතද කියල අපිට හිතන්න අමාරුයි. ඉතින් එහෙම බුවාලාගෙන් ලාබෙට ටැටූ ගහද්දි නම් ලෙඩක් සංසරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හැමවිටම විශ්වාසදායී තැනකින් තමුන්ගේ ටැටූ එක කරගන්න එක හොඳයි. HIV අසාධිත පුද්ගලයෙක්ට ටැටූ ගහපු කටුවකින්ම තවත් කෙනෙක්ට ටැටූ එකක් කිරීමේදී HIV ආසාදනය වෙන්න පුලුවන්. HIV ආසාධිත නොවුනත්, අපිරිසිදු උපකරණ සහ සෞඛ්‍යයට අහිතකර තීන්ත වර්ග නිසා සමේ පිළිකා වගේ භයානක රෝග වලට මුහුණ දෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා වැඩේ පිරිසිදුවට කරන, පිරිසිදුවට ඉන්න, නිශ්චිත ප්ලේස් එකක් සහ නමක් තියෙන කෙනෙක්ගෙන් මේ වැඩේ කරගන්නවනං හොඳයි.



    2. වයසට යද්දි අවුලක් වෙයිද? :rofl::rofl::rofl::rofl:

    Tattoo-Facts-aniwa-02a.jpg


    Tattoo Facts
    Source – earthporm.com
    ඔන්න අනිත් ප්‍රශ්නෙ. තරුණ කාලෙ කරන වැඩවල හොඳ නරක කොහොමත් තේරෙන්නෙ වයස්ගත වුනාම තමයි. එහෙමයි කියලා තරුණ කාලෙ අපි සතුටු වෙන දේවල් නොකර හිටියොත් පස්සෙ වයසට ගියාම තමුන් ගැනම දුකක් හිතෙන්නත් පුළුවන්. කොහොම වුනත් තමුන්ගෙ වයස්ගත කාලෙදිත් ආත්මාභිමානයට ප්‍රශ්නයක් නොවෙන්න ටැටූ එකක් ගහගන්න එක තමුන්ගෙ වැඩක්. මොකද වයසට ගියාට ඇඟ මාරු වෙන්නෙ නැහැනෙ. ඒ වගේම පස්සෙ කාලෙක හම රැළි වැටෙන නිසා මුල් කාලෙ ගහපු සිංහයො පස්සෙ කාලෙක නකුටු බල්ලො වගේ වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතලම කරන දෙයක් කරගන්න.



    3. ලේ දෙන්න බැරිද? :rolleyes::rolleyes::rolleyes:

    Tattoo-Facts-aniwa-03a.jpg

    Tattoo Facts
    Source – bhbr.info
    සමහර අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඕක. ටැටූ ගහද්දි රිදෙනවට බය සමහරුත් ඕක හේතුවක් කරගෙන ඒක කිය කිය ඉන්නව. ඒ ඒ රටේ නීතියට අනුව යම් කාලයකින් පස්සෙ ටෙස්ට් කරලා ලේ දෙන්න පුළුවන්. ඒකෙ බය තියෙන්නෙ ඉඳිකටු තුඩෙන් රෝග බෝවෙලාද කියන සැකය නිසායි. ඉස්සරනං ලංකාවෙ ටැටූ ගහපු අයගෙන් ලේ ගත්තෙ නෑ. ඒ පර්යේෂණ කිරීමේ තිබ්බ අපහසුතා නිසායි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ටැටූ එකක් ගහලා අවුරුද්දක් ගියාට පස්සෙ ලේ දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉක්මනින් පර්යේෂණ කිරීමේ හැකියාව ඇති නිසා ඒක අර්බුදයක් නෙමෙයි. හැබැයි තාමත් ලංකාවෙ ජංගම ලේ දන්දීම් කඳවුරුවල නම් සමහර වෙලාවට ටැටූ ගහපු අයගෙන් ලේ ගන්න බෑ කියල කියනවලු. එංගලන්තෙ පළවෙනි මාස හතර ලේ දෙන්න බෑ. ඇමරිකාවෙ පළවෙනි මාස දොළහ ලේ දෙන්න බැහැ.



    4. කල් යනකොට අවුල් වෙයිද? :eek::eek::eek:

    Tattoo-Facts-aniwa-04a.jpg

    Tattoo Facts
    Source – gotattooremoval.com
    කල් යනකොට ටැටූ එක ෆේඩ් වෙන්න පුළුවන්කම සහ පාට අඩුවෙන්න පුළුවන්කමත් හොඳින්ම තියෙනවා. ඒ වගේ හේතු නිසා කට්ටියට කල් යද්දි පොඩි පොඩි අවුල් තමුන්ගෙ ටැටූ එක ගැන එන්න පුළුවන්. ඒ වගේම ඇඟ කෙට්ටු වෙද්දි, මහත්වෙද්දි, රැළි වැටෙද්දි වගේ සීන්වලදිත් ටැටූ එකේ තියෙන කොලිටිය නැතිවෙලා යනවා. ඒ වගේ අවස්ථාවලදි ඒ තත්ත්වයන්ට ගැලපෙන්න තමුන්ගෙ පරණ ටැටූ එක අලුත්වැඩියා කරල, ලස්සන කරගන්නත් හැකියාව තියෙන නිසා දැන් අවුලක් නැහැ.



    5. ටැටූ ගහන්නෙනං! :D:D:D

    Tattoo-Facts-aniwa-05a.jpg

    Tattoo Facts
    Source – 813magazine.com
    ටැටූ ගැහිල්ලත් වතුර බිවිල්ල වගේ තමයි. හොඳ මිනිස්සුත් වතුර බොනව. නරක මිනිස්සුත් වතුර බොනව. ටැටූ ගහපු එකා අවුල් ඩයල් එකක් වෙන්නෙත් නෑ. ටැටූ ගහපු නැති එකා හොඳ වෙන්නෙත් නෑ. ඒ වුනාට සමාජෙ තියෙන සමහර දුර්මත අරින්න හරිම අමාරුයි. කොණ්ඩෙ කපලා බෝල දාපං කියපු කැප්ටන්ලා ඉන්න කාලෙක ටැටූ කියන්නෙ අවුලක්. හෝටල් ක්ෂේත්‍රයටනං බාහිරට නිරාවරණය වෙන තැන්වල ටැටූ ගහන එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ හැරෙන්නට බොහෝ රැකියාවලට දැන් ටැටූවල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමාජයේ මුල් බැහැගත්තු පුහු මතත් ටැටූ ගහල ඉන්න පිරිස වැඩි වෙලා නිසා එන්න එන්නම අඩුවෙමින් යනවා.



    6. ලොකුවට පරිස්සම් කරන්න වෙනවද? :yes::yes::yes::yes:
    Tattoo Facts
    Source – th-ink.co.uk
    ටැටූ එක ගහපු මුල් කාලෙ පරිස්සම වැදගත්. ටැටූ එක ඕනෑවට වඩා වතුරෙ පෙඟෙන්න අරින්න, සබන් ගෑවෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම ගඟවල් වල, පූල් වල බහින්න යන එකෙනුත් මුල් සතිය දෙක වැළකිලා ඉන්න එක හොඳයි. ටැටූ එක ඉර එළියට නිරාවරණය වෙනකොටත් සොෆ්‍රමයිසීන් සහ වැස්ලීන් ආලේපනයන් භාවිතා කරන්න ඕන. ඒ පරිස්සම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.



    7. රිදෙනවද? :sorry::sorry::sorry:
    Tattoo Facts
    Source – lovetoknow.com
    ඔන්න සමහරු අහන ප්‍රධානම ප්‍රශ්නෙ. රිදෙනවද? ලාවට රිදෙනව තමයි. හීනියට කට්ටකින් අනිනව වගේ. හැබැයි ඒක දැනෙන්නෙවත් නැති රිදීමක්. ටික වෙලාවක් යද්දි ඒ ලා රිදිල්ලට අපි හුරු වෙනවා. සමහර මස් බුරුල් තැන්වල සහ ඇට කටු උඩින් ඉඳිකටු පාර යද්දි රිදෙන්න පුළුවන්. ටැටූ එකක් ගහපු දාට පහුවදාත් ටිකක් ඇදුම් කෑමක් දැනෙන්න පුළුවන්. සමහරු වේදනාව යන්න කියලා බීලා ආවට, බිව්වට පස්සෙ ලේ ගමනාගමනය වේගවත් වෙන නිසා ටැටූ එක නිර්මාණය කෙරෙන අතරතුර ලේ එන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි පේන් කිලර්ස් ගත්තා කියලා වැඩක් වෙන්නෙත් නෑ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දෙදහස් පන්සිය වසරක පෞඩ ඉතිහාසය නිසා අපෙ ගෙදරින් tatto ගහනවට කැමති නෑ:(
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    TATTO kiyanne ART ekak, api moda minissu gannema waradi measurement minssunwa maninna, ekai lokuma aula...thaman kamati de karapan,nathnam mariyan..!!!! Api jevath wenna one api wenuwen eka eka wenuwen newei, TATTO ekakata kamatinam eka gahapan, minissu eka eka dewal kiyanawa, eka uba kamati de kalath nattath kiyanawa anisa kamati de karala sathutin hitapan, but hoda place ekak balala karapan, tikak price eka wadi wunath hoda place ekak balala karapan, nathnam thaman kamati de passe thaman akamathima de wei...!!!:yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    7. රිදෙනවද? :sorry::sorry::sorry:
    Tattoo Facts
    Source – lovetoknow.com
    ඔන්න සමහරු අහන ප්‍රධානම ප්‍රශ්නෙ. රිදෙනවද? ලාවට රිදෙනව තමයි. හීනියට කට්ටකින් අනිනව වගේ. හැබැයි ඒක දැනෙන්නෙවත් නැති රිදීමක්. ටික වෙලාවක් යද්දි ඒ ලා රිදිල්ලට අපි හුරු වෙනවා. සමහර මස් බුරුල් තැන්වල සහ ඇට කටු උඩින් ඉඳිකටු පාර යද්දි රිදෙන්න පුළුවන්. ටැටූ එකක් ගහපු දාට පහුවදාත් ටිකක් ඇදුම් කෑමක් දැනෙන්න පුළුවන්. සමහරු වේදනාව යන්න කියලා බීලා ආවට, බිව්වට පස්සෙ ලේ ගමනාගමනය වේගවත් වෙන නිසා ටැටූ එක නිර්මාණය කෙරෙන අතරතුර ලේ එන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි පේන් කිලර්ස් ගත්තා කියලා වැඩක් වෙන්නෙත් නෑ.


    පොඩියට නම් නැ මේක ලියපු මනුස්සය කොහේ ටැටු එකක් ගැහුව කෙනෙක්ද . පපුවේ , බඩේ , අත යට ටැටු ගහපු කෙනෙක්ගෙන් අහන්න සැප , එකත් මේ පැයේ ටැටු නෙමෙයි පැය 4-5 ගහන ටැටු එක්ක සැප කාලම බලන්න ඕනේ. මම නම් කියන්නේ ජීවත කාලේම කරපු පව් වලට විදවන්න හොද අවස්ථාවක් .