ටිකට් කඩන්න එපා

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ටිකට් කඩන්න එපා

    කූඩුව කැරකේය ජාතක කතාවට
    විදුලි බුබුළු රඟ දෙන්නේ ලතාවට
    පොල් අතු මඩුව ඇතුළේ ඇති කලාවට
    ටිකට් කැඩෙන්නේ කූඩුව බලන්නට

    දහමේ කලාවක් තිබුනට කමක් නැත
    දෙපැත්තටම ඔප වීමට මඟක් ඇත
    වෙසක් හංගලා මුදලට අතින් අත
    නොයැව්වොතින් හොඳ වෙනවා පළක් ඇත
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ට්කට් කැඩීමෙන් ලැබෙනා මුදල ගෙන
    දුප්පත් යමෙක් වෙත නිවසක් තනා දෙන
    වැනි හොඳ වැඩක් කෙරුවෝතින් පිනක් එන
    නොම වෙයි නේද අවැඩක් ඉන් මුදල් ගෙන
     
    • Like
    Reactions: saminda_1980