ටික ටික අමතකවුනු තවදෙයක්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇන්ටිජෙන් මාෆියාව එලිවුනා විතරයි දත්ත මැකුනා​

    රජයේ නිල ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.​

    ඔහු කියා සිටියේ ඒ සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර ඇති බවයි.

    ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හෙවත් ICTA , එපික් ලංකා සමාගම සහ මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් ඇති බවයි.

    අදාළ කටයුතු සහ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වනතෙක් එම පද්ධතිය භාරව ක්‍රියාකළ සමාගම එම කටයුතුවලින් ඉවත් නොකරන බව ද ඔහු පැවසී ය.

    කෙසේ වෙතත් අදාළ පද්ධතියේ සෙසු කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ලේකම්වරයා පැවසී ය.

    මේ අතර ඉකුත් 29 වැනිදා මෙම දත්ත මැකීම සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා තිබුණේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම ඉතා සැලසුම් සහගතව කිසියම් මෙහෙයවීමක් යටතේ සිදුවූවක් බව තහවුරු වී ඇති බවයි.

    සැකකරුගේ දුරකථන ඇමතුම් සම්බන්ධතා පරික්ෂා කිරීමේදී ප්‍රශ්න ගත ඇමතුම් කිහිපයක් හඳුනා ගත් බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබිණ.

    ඔවුන් කියා සිටියේ මේ වනවිට සැකකරු විසින් ඉදිකරමින් පවතින සුඛෝපභෝගී නිවසකට අදාළ වියදම් සම්බන්ධයෙන් ද පුළුල් හා විධිමත් විමර්ශන සිදුකරමින් පවතින බවයි.

    දත්ත මැකීම නිසා නැවත අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට විශාල පිරිවැයක් දැරිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ ය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,008

    To get away with something all you got to do in SL is to hold on for a few weeks till people forget it. After that all you got to do is just ignore when the shit pops up time to time. Don't believe me below are a few I can remember;

    1. Sugar scam
    2. Coconut oil scam
    3. Bond Scam
    4. Antigen scam
    5. Organic Fertilizer scam
    6. Shipping accidents and the damage done in SL water
     
    Similar threads