ටින් ටින් ට 84යි

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
ලොව බාල මහළු බොහෝදෙනා අතර අතිශය ජනපි‍්‍රය චිත‍්‍රකතා හා කාටූන් චරිතයක් වන "ටින් ටින්" ලොවට හඳුන්වා දී ඊයේ ට (10) වසර 84කි.

30306297.jpg


ටින්ටින් නම් බෙල්ජියන් ජාතික පුවත්පත් වාර්තාකරුගේ වීරකි‍්‍රයා ප‍්‍රථම වරට පළවූයේ 1929 ජනවාරි 10 දිනය. ඒ, Le Petit Vingtième magazine නම් ප‍්‍රංශ සඟරාවකය.


26722339.jpg


බෙල්ජියම් ජාතික ජෝර්ජස් රෙමී හෙවත් හර්ජ් ගේ අතින් සිත්තම් වූ මෙම කථාපෙළ විසිවැනි ශතවර්ෂය තුළ බිහිවූ ජනපි‍්‍රයතම යුරෝපීය චිත‍්‍රකථා පෙළක් ලෙස සැලකේ.

74632048.jpg


මේ වන විට භාෂා 50කට වැඩි ප‍්‍රමානයකට පරිවර්තනය වූ මෙම චිත‍්‍රකථා පොත් මිලියන 200ක් පමණ අලෙවි වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

17252001.jpg

පසුකාලීනව ටින්ටින් ගේ වීරකි‍්‍රයා රූපවාහිනි වැඩසටහන් පෙළක් ලෙසද නිර්මාණය වූ අතර, ජනපි‍්‍රය හොලිවුඞ් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන ස්ටීවන් ස්පීල්බර්ග් හා පීටර් ජැක්සන් විසින් 2011 දී ’දි ඇජ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින් සික‍්‍රට් ඔෆ් ද යුනිකෝන් නමින් චිත‍්‍රපටයක් නිෂ්පාදනය කළහ.

89653302.jpg


මේ අතර, පසුගියදා බෙල්ජියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පීටර් ජැක්සන් පවසා තිබුනේ වසර 2015 දී එළිදැක්වීමේ අරමුණෙන් දෙවැනි ටින් ටින් චිත‍්‍රපටියක් ද නිෂ්පාදනය කිරීමට තමා අදහස් කරන බවයි.

25756153.jpg


ටින් ටින් බලපු අය ඉන්නවා නම්. . . . BUMP එකක් දාලා යන්න.....

re - POST නම් sorry හොඳේ .....
http://mirror.lk/sinhala/art/5040-84-years-of-tintin