ලෝන්ග් ටර්ම් ගොල් එකක් තියෙන අය ෂෝර්ට් ට ර් ම් ගෝල් වලට එක්තු වෙලා අයින් වෙනව. එතකොට ඕක කැපිලා පේනවා අපිට හිතුණාට පැත්ත මාරු කරා කියල නෑ වෙලා තියෙන්නේ එයාගේ ලෝන්ග් ටඑම් ගෝල් එකේ පොඩි කොටසක් අපිත් එක්ක සමපාත වෙන එක.
මම හිතන්නෙ ඕකෙ අනිත් පැත්ත. මේ මිනිස්සුන්ට ඇත්තටම තියෙන්නෙ ඉක්මනින් වෙනස් වෙන අරමුණු. උන් හැමපාරම අවංකව හිතනව තමන් මේ පාර අවසාන වතාවට වෙනස් උනා කියල.
පහුගිය ටිකේ මම හිතන පතන මතවාද වල ගොඩ වැඩි උන එක ඕනෙවට වඩා සීරියස් ගන්න එපා කියල මතක් කරගනිමින් ඉන්නව. ටුවරිස්ට්ලා තමා. නිවාඩු ඉවරයි තව ටික කාලෙකින්.
ඉස්සර නම් EK එකෙ ත්‍රෙඩ් හයිජැක් කරනවට විරුද්ධව කතා කරපු මිනිස්සු හිටියා.
දැන් නම් කතා කරල වැඩක් නැති නිසා ඒ මිනිස්සුත් කට පියන් ඉන්නවද කොහෙද?
කිසිම ත්‍රෙඩ් එකකට යන්න බෑ දේශපාලන ගණිකාවෝ ටික හැමතැනම රීලා
මෙහෙම ගියොත් එහෙම EK එකේ කිසිම වැදගත් පොස්ට් එකක් වැටෙන්නෙ නැති වෙයි.
අන්තිමට දාපු ත්‍රෙඩ් දෙකේම ඔය වගේ. කිසිම දෙයක් ගැන වැදගත් ඉන්පුට් එකක් නෑ. ඔය trolls ලා එක්ක සංවාදයක් හෝ අඩුම බැනගැනිල්ලක් පවත්වාගෙන යන්නත් බෑ මොකද එයාල එහෙමට කිසි දෙයක් විශ්වාස කරන්නෙත් නෑ. සිනිකල්. උන් ලියන විදිය පවා ඇහැට වෙහෙසකරයි, ලොකු අකුරු, ඉමොජි වැස්සක්.
මේ බෝරිං හෑලි ත්‍රෙඩ් පොඩ්ඩක් හරි අප් වෙන එක නම් වාසියක්
