ටියෙනමන් චතුරශ්‍රයේ සිද්ධ වූ බියකුරු ඝාතනයේ 31 වැනි සංවත්සරය

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ටියෙනමන් චතුරශ්‍රයේ සිද්ධ වූ බියකුරු ඝාතනයේ 31 වැනි සංවත්සරය



    අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුල් වූ සැණෙකින් බොබ් නැමති ඇමෙරිකන් ගගනගාමීයා ගුරුත්වාකර්ෂණය නැති වුවද “බිමට වැටී” නළල වද්දා ගත් හැටි ලෝක ජනගහනය දුටුවහ. පෞද්ගලික රොකට් එකකින් ගිය ඒ ප්‍රථම ගමන වාර්තා කරන්නට කැමරා රැසක් අටවා තිබිණ. කැමරා වසා දමා සිද්ධිය සැඟවූයේ නැත.

    විරෝධය පාන්නට නිදහස ඇති රටවල් ලොව කිහිපයකි. නමුත්, නිදහස යනු අනුන්ගේ දේපල කොල්ලකෑමට හා විනාශයට අයිතියක් නොවේ. එය වරද්දා ගත් මාක්ස්වාදී අැන්ටීෆා, 1920 ගණන් තරම් ඈත කාලයක දී “රස්තියාදුකාරයන්” යන වර්ගීකරණයෙන් වෙඩි තැබීමෙන් මරණය හෝ සයිබීරියාවට පිටමං කර යැවීමත්, සහ අද චීනය වැනි රටක ද එසේම දඬුවමක් අත්වන බවත් නොසලකා හරිති.

    800px-Tiananmen_Square%2C_Beijing%2C_China_1988_%281%29.jpg


    ජූනි 4 වැනිදාට යෙදෙන්නේ චීනයේ බෙයිංජින් හි ටියෙනමන් චතුරශ්‍රයේ සිද්ධ වූ බියකුරු ඝාතනයේ 31 වැනි සංවත්සරයයි! ආඥාදායක රෙජිමයන් වලින් කරන ඝාතන වල දී හරියටම කී දෙනෙක් මරා දැමුවාදැයි, සහ සවිස්තර ලෙසින් සිද්ධිය ගැන දැනගන්නට හැකියාවක් නැත.

    චීනයේ රස්තියාදුකාර නොහොත් hooligan යන වර්ගීකරණයට පත්වීමෙන් සිරදඬුවම් ලැබිය හැකියි. විරුද්ධකරුවන්ට දඬුවම් දිය හැකි එම වර්ගීකරණය මුලින්ම හදන ලද්දේ 1920 ගණන් වල දී ලෙනින් විසිනි.

    1989 බෙයිංජින් ඝාතනයේ දී 300 ක් පමණ විශ්වවිද්‍යාල වයසේ සිසු සිසුවියන්ව මරා දමන ලදි. ඒ ඔවුන් කොමියුනිස්ට් ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම, ආණ්ඩුව වගකිව යුතු ලෙසින් කටයුතු කළ යුතු යැයි ඉල්ලා සිටීම, මැතිවරණ විනිවිදතාවයෙන් පැවැත්වීම, නිදහස් භාෂණය, සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි නිසයි.

    548x331_tiananmen_shiao_jang.jpg



    එදා සෝෂල් මීඩියා තිබුණේ නැත. චීන රජයේ ක්‍රියාව ගැන ආසියාවේ බොහෝ රටවල් මුනිවත රැක්කහ. ඔවුන් එකතු වූයේ කියුබාව, උතුරු කොරියාව, එදා වූ නැගෙනහිර ජර්මනිය යනාදිය සමඟයි.

    එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් හවියේර් පෙරේස් ඩ කුඑලර් කියා සිටියේ සාමාජික රටක අභ්‍යන්තර කටයුතු ගැන මැදිහත්වීමට එක්සත් ජාතීන්ගේ කටයුතු වලට තහනම් බවයි. ඉතින් චීන ආණ්ඩුව ඉතා සංවර විය යුතු යැයි පමණක් ඔහුගේ ප්‍රකාශය විය.

    ඒත්, පසුගියදා හොංකොං විරෝධතා වල දී අත් අඩංගුවට ගත් 300 කට අධික සංඛ්‍යාව ගැන වචනයක් හෝ ප්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් නොවූ අය, අද ඇමෙරිකන් කඩ සාප්පු කොල්ලකමින්, දේපල සහ අහිංසක දරුවන් සහ වයසක කළු පිරිමින්ගේ ජීවිත විනාශයෙන් “විරෝධය පානවා” යැයි කියන්නට ඇති නිදහස වෙනුවෙන් පක්ෂපාතීත්වය දක්වන්නට ලොව නන් දෙසින් එක්ව සිටිති.

    “ටෑන්ක් මෑන්,” ලෝක ජනතාවගේ ජනාදරයට පත්වෙන්නේ 1989 ජූනි 5 වැනිදා ය. ඔහු සුදු කමිසයක් සහ කළු කලිසමක් හැඳගෙන, ටයිප් 59 චීන හමුදා යුධ ටැංකි පේලියක් නවත්වන්නට අත් දෙකින්ම ඔසවා ගත් බඩු මළු දෙකක් අතැතිව සිටගත් හෙයිනි.

    386




    සාමකාමී විරෝධතාවය යනු එයයි. මොහොතකට චීන හමුදාව නතර කරන්නට හේ සමත් විය. යුධ ටැංකිය ඔහුව මඟහැර යන්නට තැත් කරද්දී ඔහු නැවත නැවතත් ටැංකියේ ගමන් මාර්ගය ඉදිරියෙන්ම හිටගත්තේය. යුද ටැංකි සියල්ලම නැවතුණහ. ඔහු ටැංකියට නැඟ එහි ඇතුලේ සිටියවුන් සමඟ කතා කරන ලෙසක් පෙනිණ. බිමට බැස්ස පසුව යුද ටැංකිය ඉදිරියේ යළිත් එලෙසින්ම හේ හිටගත්තේය.

    දෙදෙනෙක් පැමිණ ඒ මිනිසාව අසල ඇති සෙනඟ ගොඩට ඇදගෙන ගියහ. යුද ටැංකි ඔවුන්ගේ ගමන නැවතත් පටන් ගත්හ. ‘නිව්ස්වීක්’ වෙනුවෙන් එතැන සිටි චාලී කෝල් පවසන ලද්දේ ඒ චීන ආණ්ඩුවේ පොලීසිය කියායි. ‘ද ග්ලොබ් ඇන් මේල්’ වෙනුවෙන් එතැන සිටි ජැන් වොන්ග් පසන ලද්දේ ඒ අසල සිටි පිරිසෙන් දෙදෙනෙක් ඔහු ගැන බිය වී ඉවත් කළේය කියායි. 1998 ‘ටයිම්’ සඟරාව ශතකයේ ඉතාමත් වැදගත් ජනතාව අතරට මේ “නොහඳුනන විප්ලවකරුවා” ඇතුලත් කළේය. 2016 නොවැම්බර් ‘ටයිම්’ සඟරාවේ “සදාකාලීනව වඩාත්ම බලපෑම් කළ ඡායාරූප” අතරට ජෙෆ් වයිඩ්නර් ගත් ඡායාරූපයද ඇතුල් කරන ලදි. එය ගන්නා ලද්දේ සිද්ධියෙන් මීටර් 800 ක පමණ දුරින් වූ බෙයිංජින් හෝටලේ හයවැනි සඳළුතලයේ සිටයි.

    සිද්ධිය සහ ඒ ගැන ඇති තොරතුරු සියල්ල චීනයේ නිසිබලධාරීන් විසින් චීන ජනතාවට සොයාගත නොහැකි ලෙසින් ඉවත් කර ඇත. වසර 16 කට පසුව පීකිං විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ශිෂ්‍යයන්ට මේ සිද්ධිය කියද්දී ඔවුන් අතර එක සිසුවෙක් සැබැවින්ම සිතුවේ එය ‘කලා නිර්මාණයක්’ කියායි.

    මෙම සිද්ධිය ගැන ලොව හොඳින්ම දන්නා ඡායාරූප රැගෙන ඇත්තේ ස්ටුවර්ට් ෆ්‍රෑන්ක්ලින් විසිනි. ඔහුගේ ‘ෆිල්ම් රෝල’ රටෙන් පිටට රහසිගතව ගෙන යන ලද්දේ ප්‍රංශ සිසුවෙක් එය තේ පෙට්ටියක සඟවාගෙනයි.

    චීනයේ මාෂල් නීතිය ඇති විටෙක ඡායාරූප ගැනීම සිර දඬුවම් අත්විය හැකි වරදකි. චීන පොලීසියේ ක්‍රියාවක් ගැන හිටිවන විඩියෝ බෙදාහැරීමට නිදහසක් චීනයේ නැත. බෙදා හැරියත් දවසක් යද්දී ඒවා මුළුමනින්ම අතුරුදහන් වී සිද්ධිය නොවූ හැටියට ඉතිහාසය දිග හැරෙයි.

    එදා චීන ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශකයක් නිකුත් කළ යුආන් මු කියා සිටියේ ටියනමෙන් චතුරශ්‍රයේ දී සිද්ධ වූයේ හිමිදිරි උදෑසන ප්‍රතිවිප්ලවීය කැරැල්ලක් මර්දනය කළේය කියායි. තවත් සති කිහිපයක් යද්දී සිසුන් විසින් සොල්දාදුවන් මරා දැමුවේය යැයි චීන ඉතිහාසයට එකතු විය. ‘සිද්ධිය’ යැයි හැඳින්වෙන සිසුන් 300 ක් ඝාතනය කිරීම ගැන රජයේ ප්‍රවාදයට පටහැනි කතාබහ, ලිපිලේඛන හෝ පොතපත චීනයේ තහනම් වෙයි.

    මිනියෑපොලිස් පොලිස් නිලධාරීන්ගේ රස්සා වහාම අහිමි විය. දවස් හතරක් තරම් සුළු කාලයක් ඇතුලත දී ඔවුනට එරෙහිව මිනිස් ඝාතන චෝදනා පැනවූහ. නඩුව ලෝක ජනතාව ඉදිරියේ දිග හැරෙනු ඇත.

    ඇමෙරිකාව යනු උද්ඝෝෂණයක දී රබර් බුලට් එකක් කකුලට පහර වැදීම නිසා පොලිස් ස්ථානයට එරෙහිව නඩු දමා වන්දි ඉල්ලන්නට හැකි රටකි.

    වෙනස් විය යුතු නීති ඇත. පොලිස් නිලධාරීන්ට ලැබෙන නිර්මුක්ති නීති ඉවත් කළ යුතුය. එසේම වෙන කෙනෙකුගේ දේපලට හානි කරද්දී සිද්ධවෙන ශාරීරික හානිවලට වන්දි ඉල්ලීමට හැකියාවත් ඉවත් කළ යුතුය. හැමෝටම එක නීතියක් හැම විටම වඩාත්ම සාධාරණ වඩාත්ම යුක්ති සහගත නීතියයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පොන්ස් දැන් ලෝක දේශපාලනයට බැහැලා වාගේ 🤣🤣🤣🤣

    ඕවා වගෙදා යකෝ ලංකාවේ 80 000 ක් විතර JVP එකේ එවුණුයි UNP එකේ ඒවුණුයි මරලා දැම්මෙ . ඒවා හොයන්න වෙනවා මුලින් ම
    unnamed.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය අවුරුදු ගණන් පරණ ලබ්බවල් හොයන්නෙ මොකටද බං බලපන්කො සිරියා වල ඇමරිකන් උන් මිනිස්සු මරන්නෙ බල්ලො බලල්ලු වගේ..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඔය අවුරුදු ගණන් පරණ ලබ්බවල් හොයන්නෙ මොකටද බං බලපන්කො සිරියා වල ඇමරිකන් උන් මිනිස්සු මරන්නෙ බල්ලො බලල්ලු වගේ..
    කියල වැඩක් නෑ චීනේ උට්ටවල්මයි හොයන්නෙ ට්‍රම්ප් පිස්සා වගේ..😂😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පොන්ස් දැන් ලෝක දේශපාලනයට බැහැලා වාගේ 🤣🤣🤣🤣

    ඕවා වගෙදා යකෝ ලංකාවේ 80 000 ක් විතර JVP එකේ එවුණුයි UNP එකේ ඒවුණුයි මරලා දැම්මෙ . ඒවා හොයන්න වෙනවා මුලින් ම
    View attachment 87561

    :yes:
     
    • Like
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය අවුරුදු ගණන් පරණ ලබ්බවල් හොයන්නෙ මොකටද බං බලපන්කො සිරියා වල ඇමරිකන් උන් මිනිස්සු මරන්නෙ බල්ලො බලල්ලු වගේ..
    one shot knockout
     
    • Like
    Reactions: D_Mad