ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,299
    8,434
    113
    ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

    හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ.

    ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය.

    පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලැබී තිබේ.

    එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

    ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් හා ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගෙන් 'අද දෙරණ' විමසීමක් සිදුකළේය.

    එහිදී ඔහු සදහන් කළේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් තමාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවය.

    ඒ අනුව සියලු අංශ දැනුවත් කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ආරක්ෂාව මදි නිසා CID එන්න බැරිවෙයිළුද
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,720
    4,604
    113
    ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

    හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ.

    ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය.

    පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලැබී තිබේ.

    එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

    ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් හා ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගෙන් 'අද දෙරණ' විමසීමක් සිදුකළේය.

    එහිදී ඔහු සදහන් කළේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් තමාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවය.

    ඒ අනුව සියලු අංශ දැනුවත් කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.
    Porata loku Guard ekak dena nisa ena chodanawata oka kiwwaki😁