ටෙරාකොටා හමුදාව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ටෙරාකොටා හමුදාව..

    පළමු වන චීන අධිරාජයා වූ ක්වීන් ෂී හුවන්ජිගේ (ක්‍රි.පූ 260–210) සොහොන අවට ප්‍රදේශය පුරා මෙම ටෙරාකොටා හමුදාව මීට වසර 2500 කට පමණ පෙර නිර්මාණය කර තිබුනි. ක්‍රි.පූ 246 දී ඇරඹි මෙම කර්තව්‍යය නිම කිරීමට වසර 38ක් පමන ගත වූ බව සඳහන් වේ. මේ සඳහා ලක්ෂ 7 ක පමණ පිරිසකගේ සහය ලැබුන බව සැලකේ.
    චීන මහාප්‍රාකරයේ පළමු අදියර ද ක්වීන් ෂී හුවන්ජී අධිරාජයාගේ සමයේ ඇරඹි බව සඳහන් වේ. ඔහු වයස 13 දී බලයට පත් වූ අතර වසර 50 දී අභාවයත් සමග ක්‍රි.පූ 209-210 අතර කාලයේ මෙම ටෙරකොටා පිළිම ඔහුගේ සොහොන් ගැබෙහි තැන්පත් කරන්නට ඇතැයි සැලකේ.
    පලමුවන චීන අධිරාජයා වු ක්වින් ෂී හුවන්ජි මීට සොල්දාදුවන් 8000 කට වැඩි පිරිසකගේත්, අශ්වයන් 500 කින් සමන්විත යුධ රථ 130 කුත්, 150 ක් පමණ අශ්වාරෝහක හමුදාවකත් පිළිම අයත් වේ. මෙලෙස පිළිම තැනීමේ අරමුණ ලෙස සැලකෙන්නේ මරණින් මතු ද අධිරාජයාට ආරක්ෂාව සැලසීමයි.




    සොල්දාදුවන් නිර්මාණය කිරීමේ දී එහි ප්‍රමාණය සොල්දාදුවන්ගේ සිට ජෙනරාල් දක්වා තනතුරුවලට අනුව විශාල වන ලෙස නිර්මාණය කර ඇත. මෙම පිළිම වල උස අඩි 6- 6 1/2 පමණ වේ. විවිධ වර්ණ ගන්වා ඉතා අලංකාර ලෙස මෙවා නිර්මාණය කර තිබූ බවට සාදක හමු වී ඇත.

    පිළිම නිර්මාණය කිරීමේදී එවායේ මුහුණු එකිනෙකට වෙනස් වන ලෙස විවිද හැඟීම් පිළිබිඹු වන ලෙස ඉතා තාත්වික ලෙස නිර්මාණය කර තිබේ. මේවාට සැබැම යුධ උපකරණ පලඳා තිබූ බවටද සාධක හමු වී ඇත.


    ටෙරාකොටා රණවිරුවන් වසර දහස් ගනනක් පසෙන් වැසී තිබූ මෙම පිළිම සහිත ප්‍රදේශය අහම්බෙන් මෙන් සොයා ගැනුනෙ 1974 දී චීන ගොවියෙකු ලිඳක් හැරීමේදී නටඹුන් මතුවීමත් සමගය.
     
    • Like
    Reactions: dickensian

    Similar threads