ටෙරාබයිට් 20 යෝධ හාඩ් ඩ්‍රයිව්
වෙස්ටර්න් ඩිජිටල් (Western Digital) යනු External Hard Drive තනන්නට නම් දරාපු සමාගමක්. ඔවුන්ගේ නවතම නිමැවුම වන My Book Duo ටෙරා බයිට් 20කින් යුක්ත වූ, එම සමාගම මෙතෙක් නිමවූ ධාරිතාවෙන් විශාලතම Hard Drive එකයි.
තත්පරයට මෙගා බයිට් 360ක වේගයෙන් දත්ත විමසුම් කළ හැකි මෙම 20TB My Book Duo වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ධාරිතාවෙන් සහ අධිවේගයෙන් ක්‍රියාකරන ගබඩා කිරීමේ මෙවලමක්.
දත්ත ගබඩා (Data Storage) කිරීමට තමන් සතු ධාරිතාවෙන් කිසි දිනක සෑහීමට පත් නොවන පාරිභෝගිකයන්ට, මෙය සමඟ එළැඹෙන අභියෝගය වන්නේ, 20TB ධාරිතාවක් පුරවා ගැනීමට අවශ්‍ය තරම් දත්ත ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළ එකතු කරගැනීමයි.
ලොව විශාලත්වයෙන් (පොත්පත් සංඛ්‍යාවෙන් සහ ඉඩපහසුකමින්) වැඩිම පුස්තකාලය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ, Library of Conress හි ඇති සියලුම, පොත්පත්, ලිපි, වීඩියෝ සියල්ලම ගබඩා කළ හැකි මෙම යෝධයාගේ මිල නම් ඩොලර් 800යි.

source: https://goo.gl/U1Njve
Last edited: