ටෙලි චරිත සොයා ඉන්දියාවට පනින්න ගිය ගැහැණු ළමුන් 3 ක් මවුපියන්ට බාරදෙයි

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    හිනා වෙලා වැඩක් නෑ බං. අනුකම්පා කරන්න ඕනි අපි. ඉස්කෝලෙන් පොතේ පාඩම් උගන්නනව එක්කම ළමයිට උන් ඉන්න පරිසරයෙන් එළියෙ ලෝකය මොන වගේද කියල පෙන්නන්න ඕනි (Trip එකක් වත් එක්කන් ගිහිං).

    මේ පැතිවල ඉන්න ගොඩක් මිනිස්සු අනුරාධපුරෙන් එහාට කාලෙකින් ගිහිල්ල නෑ. හේන් සුද්ද කරනව, මොනව හරි හිටවනව, පැල් රකිනව, අස්වැන්න ගන්නව, ණය ගෙවනව. ආයෙත් ඔය cycle එකේ යනව.
    ළමයි ගැන හොයන්න වෙලාවක් නෑ දෙමාපියන්ට.

    ඔව් බං. මේ වගේ දුප්පත්, සමාජෙ ගැන වැඩිය නොදැනුවත් පැති වලට ගිහිල්ල, මොනව හරි පොඩිද දෙයක් බෙදල දීල ආවම චන්දෙ හම්බෙනව නිකම්ම.
    මේ පැතිවල ගොඩක් මිනිස්සු තමන් ආස කෑමක්, ඇදුමක් පාවිච්චි කරල නෑ වැඩිය. යන්න ආස තැනක ඇවිදල නෑ. ඒ වගේ තැනකට musical show එකක්, හැමදාම කසිප්පු බොන මනුස්සයට ගල් බෝතලයක්, ගෙවල් වලට බේසමක්, ටකරමක් දුන්නම හරි සතුටුයි.
    රටට හොද කාල, නරක කාල, මොනව ආවත් මේ මිනිස්සුන්ගෙ ජීවිත හැමදාම එකම විදිහට තියෙන්නෙ.
    ------ Post added on Jan 1, 2022 at 8:51 AM