ටෙස්ලාගේ පා සටහන..! (නිකොලා ටෙස්ලා ගැන නොඇසූ කතාවක්)

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    ලොව බුද්ධිමත්ම මිනිසා වීමේ භාග්‍යය ඔබට දැනෙන්නේ කෙසේද යැයි වරක් මාධ්‍යවේදියෙක්,විසිවන සියවසේ මහා විද්‍යාඥය ශ්‍රීමත් ඇල්බට් අයින්ස්ටයින්ගෙන් ඇසූ විට අයින්ස්ටයින්ගේ පිළිතුර වූයේ "ඔබ මේ පැනය ඇසිය යුත්තේ මගෙන් නොව නිකොලා ටෙස්ලාගෙන්" යන්නයි.
    ශතවර්ෂයේ බිහිව සිටි විශිෂ්ටතම නිර්මාණකරුවෙක් සහ අසහාය බුද්ධිමතෙක් ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වීමට ලක්වුවත් ටෙස්ලා යනු ඉතිහාසය තුල වඩාත්ම අසාධාරණයට ලක්වූ විද්‍යඥයා යැයි පැවසීම නිවැරදියි.ටෙස්ලාගේ දක්ෂකමට සාපේක්ෂව ඇගයීමක් ඔහුට නොලැබුනු බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ ඔහුගේ හැකියාවේ තරමටම ඔහුට ප්‍රබල ප්‍රතිවාදියෙකුද සිටීම නිසායි.ඒ බලවත් ප්‍රතිවාදියා වූයේ අන් කවරෙකුවත් නොව සූත්‍රිකා විදුලි බල්බය ලෝකයා හමුවේ ජනිත කල තෝමස් අල්වා එඩිසන්.
    ප්‍රත්‍යාවර්ථ ධාරාව හඳුන්වාදීමෙන් අඩු මුදලකට ජනතාවට විදුලිය ලබාගැනීමේ හැකියාව ලබාදී එඩිසන්ගේ විදුලි මාෆියාව බිඳදැමීම නිසාත්, එඩිසන් යටතේ සේවකයෙකු ලෙස සිට පසුව ක්ෂේත්‍රයේ ඔහුව අභිබවායාම නිසාත් ටෙස්ලා නම් සර්බියානු ජාතික තරුණයා කෙරෙහි එවකට ලෝකය තුල දැවැන්ත සන්නාමයක් දිනාසිටි එඩිසන් නම් ඇමරිකානුවා සිටියේ දැඩි ආවේගයකින්.ඒ ආවේගයේ ප්‍රතිඵලය වූයේ එඩිසන්ගේ කුලී දාමරිකයන් අතින් නැගීඑමින් සිටි තරුණ ටෙස්ලාට නිරන්තරයෙන් අඩත්තේට්ටමට ලක්වීමට සිදුවීමයි.එඩිසන්ගේ දාමරිකයන් ටෙස්ලාගේ පරීක්ෂණ විනාශ කිරීමේ කාර්යයේ නිරත වුනේ ගොදුරු සොයා ඇදෙන සර්පයන් පරිද්දෙන්.
    (ක්‍රිස්ටෝපර් නොලන්ගේ The Prestige චිත්‍රපටිය තුල දිවෙන අනුකතාවක් ලෙසින් මේ එඩිසන්-ටෙස්ලා වෛරය දැකගන්න පුළුවන්)
    ප්‍රසිද්ධ හතුරෙක් සේම ප්‍රසිද්ධ මිතුරෙක්ද ටෙස්ලාගේ සමීපතමයන් අතර සිටියා.ඒ විද්‍යාව සහ නව නිපැයුම් පිළිබඳ උනන්දුවකින් පසුවූ ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන්.ලොව මුල්ම "එක්ස් කිරණ"(X-ray) චායාරූපය සියැසින් දැකගැනීමේ භාග්‍යය මාර්ක් ට්වේන්ට හිමිවන්නේ ඒ මිතුදමේ ප්‍රතිපලයක් විදියට.ඇත්තෙන්න ඒ කිසිවක් ටෙස්ලා විසින් සැලසුම් කර සොයාගත් දේවල් වුනේ නැහැ.ටෙස්ලාට අවශ්‍යය වුනේ චායාරූප ගැනීම සම්බන්ධ පරීක්ෂණ කිරීමටයි.අවශ්‍යය උපකරණ සූදානම් කරගෙනම චායාරූපයට පෙනී සිටීම සඳහා ටෙස්ලා ආරාධනා කරන්නේ ඔහුගේ මිත්‍රයා වූ මාර්ක් ට්වේන් හටයි.නමුත් චායාරූප ලබාගෙන අනතුරුව එහි සේයා පටල පිරික්සූ ටෙස්ලාට දැකගන්න ලැබෙන්නේ සුදු සහ කළු තිත් වලින් පිරුණු චායාපිටපතක්.ටෙස්ලා මුලින්ම සිතුවේ සිය උත්සාහය අසාර්ථක වී සේයාපටල විනාශ වී ඇති බවයි.
    නමුත් ශිෂ්ටාචාරය ගොඩනගන හැරවුම් ලක්ෂ බවට පත්වූ අත්වැරදීම් පිළිබඳ ටෙස්ලා අසා නොතිබුනා විය නොහැකියි.තිත් වැටුනු සේයාපටල කුණු කූඩයට විසිනොකර ඒ අපූරූ සටහන් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම ඔහු සිදු කලේ ඒ නිසා විය යුතුයි.උත්සහ කිරීම් ගණනාවකට පස්සේ සේයාපටල විනාශ වීමට හේතු වූ කිරණය ශරීරය විනිවිද යා හැකි අපූරු කිරණයක් බවට පත් කිරීමට ටෙස්ලාට හැකිවෙනවා.සෙවනැලි සටහන් ලෙසින් පෙනෙන්නට තිබූ මේ චායාරූප සටහන් වලට ටෙස්ලා ලබාදෙන්නේ "Shadowgraph" යන නාමය.මේ සියල්ල සිදුවන්නේ 1894 වසරේදී.
    නමුත් දෛවයේ සරදමකට 1895 මාර්තු 13 වෙනිදා අභිරහස් විදියට ටෙස්ලාගේ විද්‍යාගාරය ගිනිගෙන විනාශ වෙනවා.Shadowgraph සටහන් පිළිබඳ වූ සියළු පරීක්ෂණ සටහන් සහ උපකරණ සියගණනක් වූ අනෙක් පරීක්ෂණ දත්ත සමගම අලු ගොඩක් බවට පත්වෙනවා.නමුත් යාන්තමින් එක් Shadowgraph සටහනක් ගින්නට බිලි වීමට ඉඩනොදී බේරාගන්නට ටෙස්ලාට හැකිවෙන්නේ වාසනාවකට.කාලය වේගයෙන් ගෙවිල ගිහින් 1895 නොවැම්බර් මාසේ 8 වෙනිදා උදාවෙනවා.ඒ දවස කතා නායක ටෙස්ලාට වැදගත් වෙන්නේ ඔහුට අහන්න ලැබුනු එක්තරා සුවිශේෂී පුවතක් නිසයි.එනම් ජර්මානු ජාතික යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වූ විල්හෙම් රොන්ට්ජන් විසින් "එක්ස් කිරණ" නම් සුවිශේෂී කිරණයක් සොයාගෙන ඇති බවයි.ඈත යුරෝපයේ ජීවත් වන රොන්ට්ජන් විසින් මේ සොයාගෙන ඇත්තේ තමන් විසින් මින් පෙර සොයාගත් shadowgraphs කිරණම වන බව ටෙස්ලාට අවබෝධ වෙනවා.
    නමුත් හිමිකරගැනීමේ ආශාවකට වඩා නිර්මාණකාමයකින් පෙළුනු ටෙස්ලාට රොන්ට්ජන්ගේ එක්ස් කිරණවල අයිතිය තමන් සතු කරගැනීමේ ආශාවක් උපදින්නේ නැහැ.අභිරහස් විද්‍යාගාර ගින්නෙන් නොපිලිස්සුනු ටෙස්ලාගේ හැකියාවත්,එඩිසන්ගේ වෛරය හමුවේ මිය නොගිය ටෙස්ලාගේ නිහතමානී බවත් විසින් එදා විද්‍යාගාරය විනාශකල ගින්නෙන් බේරාගැනීමට හැකිවූ එකම සෙවණැලි සටහන හෙවත් "එක්ස් කිරණ සටහන" ටෙස්ලා විසින් රොන්ට්ජන් වෙත යවන්නේ තමන්ද ඒ පිළිබඳ අධ්‍යනය කල බවත් රොන්ට්ජන්ගේ සොයාගැනීම විශිෂ්ට බවත් පවසමින් ඔහුට සුභ පතමින්.එසේ යැවූ ටෙස්ලාගේ එක්ස් කිරණ සටහන වූයේ සපත්තුවක් පැළඳි පාදයක සටහනක්.පහත රූපයේ ඇත්තේ එයයි.
    පසුව රොන්ට්ජන් විසින්ද පෙරලා ලිපියක් එවමින් ටෙස්ලා සැබෑ බුද්ධිමතෙක් බව පවසමින් ඔහුගෙන් ලැබුනු ත්‍යාගයක් වූ "එක්ස් කිරිණ සටහන" වෙනුවෙන් සිය ස්තූතිය ඉතා ගෞරවාන්විත ලෙසින් පලකර සිටියා.
    248275195_1554857361514340_3277468117978434165_n.jpg
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    I read about Nikola Teslas sleep pattern, and it is quite interesting.

    I gave it a try and after I adapted to it. I felt grea more alert than before with no fatigue.

    I think he used this method to slip into the creative state that occurs when we’re drowsy somewhere between consciousness and unconsciousness.

    That’s the true state of creation. Key to the universe I guess. ♾️