ටොයිලට් පේපර් ගූගල් සර්ච් කිරීමේදී පාකිස

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ටොයිලට් පේපර් ගූගල් සර්ච් කිරීමේදී පාකිස

    105689131_a8540688-7fdb-4afe-858c-180077f4f46b-3.jpg


    ගූගල් සෙවුම් භාවිතාකරමින් “best toilet paper in the world” යන්න පරීක්ෂාකරන විට පකිස්ථාන ජාතික කොඩියේ ඡායාරූප දිස්වන ලෙස ගූගල් සෙවුම් ක්‍රියාකාරිත්වය වෙනස් වී තිබෙනවා. මෙය ඉන්දියානු ජාතිකයන්ගේ අන්තර්ජාල හැසිරීම් නිසා සිදුවන බවට සැක පහලව තිබෙන අතර පෙබරවාරි 14 වන දින කාශ්මීරයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස මෙය සිදුකර ඇති බවට සැක කෙරෙනවා.

    මෙම ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධව මත පලකරනු ලැබූ බ්ලොග් අඩවි කිහිපයකම පල කරන ලද ලිපි සහ අදහස් නිසා ආකාරයට පකිස්ථාන ධජය පෙන්නුම් කිරීම සිදුවන බවට විශ්වාස කරනවා. එමෙන්ම විශාල පිරිසක් විසින් මෙම වදන ගූගල් මගින් සෙවීමද මෙයට බලපෑමට ඉඩ තිබෙනවා. මේ වනවිට ගූගල් සෙව්ම් මගින් මෙය සොයා බැලීමේදී මේ සම්බන්ධ ප්‍රවෘත්ති දැකගැනීමට ලැබෙන අතර “best toilet paper in the world” යනුවෙන් අනුරූප (image) සොයා බැලීමේදී කොළ සහ සුදු පැහැයෙන් යුත් පකිස්ථාන් ධජය විවිධ ආකාරයෙන් දිස්වනු දැකගත හැක. මින් බහුතරය මෙම ප්‍රවෘත්තිය හා සබැඳුනු ඡායාරූප වන අතර අනෙක් ඒවා විවිධ පුද්ගලයන් විසින් අන්තර්ජාලයට එක් කරන ලද විවේචනාත්මක ලිපි වල ඇතුලත් සංස්කරණය කරන ලද ඡායාරූපයි.


    ගූගල් සමාගම මේ සම්බන්ධව තවමත් අදහස් ප්‍රකාශ කර නොමැත.
    මේ අකාරයට ගූගල් සෙවුම් හරහා පුදුමය දනවන ආකාරයේ ප්‍රතිඵලයන් ලැබුණු පළමු අවස්ථාව නොවන අතර මෙවැනි අවස්ථා කිහිපයක් මීට පෙරද වාර්ථාවී තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉන්දියානු ජනාධිපති නරේන්ද්‍ර මෝඩි හා සම්බන්ධ සෙවුම් වලදීද ව්කෘති තොරතුරු පෙන්වීම මින් පෙර අවස්ථාවලදී සිදුව තිබුනා



    https://www.pigeonsnews.com/%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85/
     

    Similar threads