ටොයි බයි සංවාදය

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ටොයි බයි සංවාදය

ටොයි බයි සංවාදය
ටොයියා : "අපිට ඕන යහපාලන ආන්ඩුවක්".
බයියා : "යහපාලනය කියන්නේ මොකද්ද බන්"
ටොයියා : "Good Governance"
බයියා : " මම ඇහුවේ ඒකේ ඉංග්‍රීසි වචනය නෙවෙයි බන් නිර්වචනය"
ටොයියා : " යහපාලනය අනුව සෑම දෙයක්ම නීතියට අනුව සිද්දවෙන්න ඕන. ...නීතිය ඉදිරියේ හැමෝම සමාන වෙන්න ඕන .....එකේක අයට එකේක නීති තියෙන බෑ....නීතියෙන් නියමකෙරෙන පිළිවෙලට අනුව තමයි සෑම දෙයක්ම වෙන්න ඕන.....රාජ්‍ය දේපල අයතා ලෙස භාවිත නොකළ යුතුයි.......බහුතර ජනතාවගේ කැමැත්තට ඉඩදිය යුතුයි..... ඒවගේ සංකල්ප ගණනාවක එකතුවක් තමයි සරලව ගත්තොත් යහපාලනය කියන්නේ....එකට තනි නිර්වචනයක් දෙන්න බෑ බන් "
බයියා : "හැබෑට...."
ටොයියා : " උඹලා ඕව දන්නේ නෑ බන් "
බයියා : " දැන් බලපන් .... යහපාලන ආණ්ඩුව ආවත් හරි හිටපු අගවිනිසුරුතුමා ඉවත් කලේ රටේ ආණ්ඩුක්‍රම නීතියෙන් නියම කරපු පිළිවෙතට නෙවෙයි නේ බන්."
"ජනාදිපතිවරණයෙන් පස්සේ රනිල් අගමැති වශයෙන් කල පත්කිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුකුලද බන් ?"
"අතූරුගිරියේ පොලිසියටයි කඩුවෙල පොලිසියටයි විශේෂ බලකායේ ආරක්ෂාව දෙන්න වෙලාතියෙන්නේ නීතිය ඉදිරියේ හැමෝම සමාන නිසාද මචන්? "
"මහා බැංකුවේ විනිමය වංචාව දුෂණය පිටුදෑකිමක්ද බන් ?"
"රේගු නිලදාරින්ට දේශපාලකයන් විසින් නීති විරෝදී තඹ කන්ටේනර් නිදහස් කරගැනීමට බලපෑම් කිරීම අයතා ලෙස රාජ්‍ය බලය යෙදීමක් නොවෙයිද බන්?"
"පාර්ලිමේන්තු මැතිවරණයක් අතරතුර මැතිවරණයට තරඟ කරන එක් අපේක්ෂකයෙකුට එරෙහිව ජානාධිපති විසින් දේෂසහගත ලෙස ලිපියක් ලියා එම ලිපිය මාද්‍ය හරහා ප්‍රසිද්ද කිරීම මැතිවරණ නීති වලට එකඟද බන් ? "
"ජාතික රුපවාහිනිය ITN නාලිකා පවතින ආණ්ඩුවේ දේශපාලකයින්ට පමණක් වාසි සහගත වන අයුරින් අගතිගාමී ලෙස කටයුතු කිරීම රාජ්‍ය දේපල අයතා පරිහරණය නොවෙයිද මචන්?
ටොයියා : ************????????­ .....උඹේ ඔය ප්‍රශ්න වලට උත්තර දීල වැඩක් නෑ... අපිමේ අලුත් රටක් හදන්න යන ගමනක ඉන්නේ ...උඹලා කකුලෙන් අදිනවා...උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ මචන්.........
බයියා: "මට තේරෙනවා උඹේ හිතේ තියන වේදනාව මචන් ......අපි ඔය කතාව නවත්තල කොත්තමල්ලි එකක් බොමු මචන්."