ටොයොටා කාර් මිල

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ටොයොටා කාර් මිල

    ටොයොටා ලංකා කාර් මිල අඩු කරයි. මෙන්න! විස්තරේ
    rent-a-car.png

    ජපානයේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සමාගමට අනුබද්ධ ටොයොටා ලංකා සමාගම 2015 අයවැය යෝජනා වලට අනුව මෙරට විකුණන වාහනවල මිල අඩුකර තිබේ.
    මේ පිළිබඳව ටොයොටා ලංකා සමාගමේ සමාන්‍යාධිකාරී, එෂාන් කුරේ මහතා අප සමග පැවසුවේ ටොයොටා ලංකා විසින් මෙරට අලෙවි කරන නවතම Prius C හයිබ්‍රීඩ් රථයක මිල රුපියල් 1,25,000 ත් 1,40,000 ත් අතර මිලකින් අඩුකර තිබෙන බවයි.
    මීට අමතරව, Toyota hiace 222 වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 08 ත් 09 ත් අතර මිලකින් අඩුවී තිබෙන බවත් මීට පෙර ලක්ෂ 89 කට පමණ අලෙවි කළ මෙම වෑන් රථයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ 80 ක් වැනි මිලක් දක්වා අඩුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
    එසේම, Toyota hiace 202 වෑන් රථයක මිලද රුපියල් ලක්ෂ 07 ත් 08 ත් අතර මිලකින් අඩුවී ඇතැයි කුරේ මහතා පැවසූ අතර මීට පෙර ලක්ෂ 74 ක් පමණ වූ මෙවැනි වෑන් රථයක් මේ වනවිට ලක්ෂ 67 ක් වැනි මිලකට ලබාගත හැකි යැයි කීය.
    ටොයොටා ලංකා විසින් කැබ් රථවල මිලද ලක්ෂ 04 ත් 06 ත් අතර මිලකින් අඩුකර තිබේ. එෂාන් කුරේ මහතා අප සමග සඳහන් කළේ මීට පෙර රුපියල් ලක්ෂ 77 ක් පමණ වූ කැබ් රථයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 71 කට බවයි.
    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවී ඇත.
    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    Source : adaderana.lk/biz
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඔයාලට අඩුම මිලට හොඳ වාහන ඕන නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න කතිරය ගහන්න.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ජපන් වාහන කුනු ලාභයි.මේ රටට උසස් ජපන් වාහන හඳුන්වා දුන්න පක්ෂයට ආපහු රට දෙන්න.ඒ වගේම අපේ ආණ්ඩුව කාලේ පැට්‍රොල් කුනු ලාභයි.ලීටරය අපි 1994 රුපියල් හතලිහකට දුන්නා.ඒ වගේම 2002-2004 කාලය තුල රනිල් පැට්‍රල් ලීටරය රුපියල් පනහට දුන්නා.අපේ ආණ්ඩුව ඇවිල්ලා පැය 72න් අපි ආපහු පැට්‍රල් රුපියල් අසූවට ලීටරය ගානේ දෙනවා.මේක රනිල්ගේ පොරොන්දු වලට ඇතුලත්.අනිවාර්යෙන්ම වාහන මිල එකට එකක් බහිනවා.බස්සනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Toyota KDH
    Made: 2007

    Radiator eka giya 2013 wenakota.. 125,000i radiator eka.. Korean eka 75,000i da kohedo... parana hiace eka wikunala karagatta gon kamak kiyala hithila aiyata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාලට අඩුම මිලට හොඳ වාහන ඕන නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න කතිරය ගහන්න.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ජපන් වාහන කුනු ලාභයි.මේ රටට උසස් ජපන් වාහන හඳුන්වා දුන්න පක්ෂයට ආපහු රට දෙන්න.ඒ වගේම අපේ ආණ්ඩුව කාලේ පැට්‍රොල් කුනු ලාභයි.ලීටරය අපි 1994 රුපියල් හතලිහකට දුන්නා.ඒ වගේම 2002-2004 කාලය තුල රනිල් පැට්‍රල් ලීටරය රුපියල් පනහට දුන්නා.අපේ ආණ්ඩුව ඇවිල්ලා පැය 72න් අපි ආපහු පැට්‍රල් රුපියල් අසූවට ලීටරය ගානේ දෙනවා.මේක රනිල්ගේ පොරොන්දු වලට ඇතුලත්.අනිවාර්යෙන්ම වාහන මිල එකට එකක් බහිනවා.බස්සනවා.
    :lol::lol::lol::lol::lol: daval hina :P