ටෝනි ග්‍රෙග්ගේ මරණය මිනීමැරුමක්ලූ ????
සුප්‍රසිද්ධ කි‍්‍රකට් විචාරක ටෝනි ග්‍රෙග් පසුගියදා මියගියේ හෘදයාබාධයකින් වුවත් එය සාපරාධී මිනීමැරුමකැයි වාර්තාවෙනවා. මේ බව සඳහන් කොට ඇත්තේ අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි.
‘ටෝනි ශී‍්‍ර ලංකාවට හුඟාක් ආදරය කළ පුද්ගලයෙක්. ඔහු ඉතා විශාල සහයෝගයක්, පෙනී සිටීමක් අපේ රට වෙනුවෙන් කළා. මම ඒ බව දන්නවා. ඒත් අවාසනවාටක වගේ ඔහු පෙනහළු පිළිකාවකට නතුවීම ඉක්මනින් ජීවිතයෙන් සමුගන්න හේතුපාදක වුණා. අපිට දැනගන්න ලැබුණේ ටෝනිට හෘදයාබාධයක් වැළඳීමෙන් මරණයට පත්වුණු බවයි. ඇත්තෙන්ම මේ මරණය පිටුපස සිටින මිනීමරුවා දුම්කොළයි. මත්ද්‍රව්‍ය හා දුම්කොළ කියන්නේ මිනිසාගේ ජීවිතය විනාශ කරන ප්‍රබල විෂකාරක දෙකක්.
ලෝකයේ දැනට සිදුවන මරණවලින් විශාල ප්‍රතිශතයක් මේ කියන අමුද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි හැමෝම ආදරය කරන ලෝකයෙන් ශී‍්‍ර ලංකාව කෙරේ විශාල සැලකිල්ලකින්, දයාබරත්වයකින් කටයුතු කළ ටෝනි ග්‍රෙග් මියගියා නොවෙයි. දුම්කොළ කියනු ලබන විෂ ද්‍රව්‍ය ඔහුව මරා දැම්මා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් අපි සැමෝම සමාජයක් වශයෙන් සැලකිලිමත් විය යුතුයි.’ යැයි ඔහු ලිපියක් ලියමින් කියා සිටී.
දුම්කොළ හා අන්තරායකර ඖෂධ සම්බන්ධ අධිකාරියේ සභාපතිවරයා වන කාලෝ ෆොන්සේකා මහතා පසුගිය කාලවකවානුව පුරාම දේශීය වශයෙන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය සංසරණයට එරෙහිව දේශන හා වැඩමුළු සංවිධානය කරන්නේය. එහෙත් මේ වනවිට කවරාකාරයේ දැනුවත් කිරීම් සිදුකොට තිබුණද මත්ද්‍රව්‍ය භාවිතයේ ඉහළ යාමක් දක්නට ඇතැයි වාර්තාවෙයි. විශේෂයෙන් නව යොවුන් තරුණයන් මේ සඳහා පෙළඹවීම වළක්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව ඇතිව ඇති අතර ටෝනි ග්‍රෙග් වැනි දැවැන්ත පුද්ගලයන්, ශරීරයේ දැවැන්ත භාවයද පසෙකලා, කී‍්‍රඩාවෙන් ඇති කරගත් යෝග්යතාවයන්ද ඉවතලා මරණය නැමැති භයානක අඳුර තුළට ඇදගෙන ගියේ මෙම කියන ආකාරයේ අනවශ්‍ය දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම බව අපි සියලූදෙනා තේරුම් ගතයුතුව ඇත.