අයහපත් යහපලකයිනි,
එදා ජනවාරි 8 වෙනිදා 50% වැඩි පිරිසකගෙන් 20% පමණ ජනතාවක් සිරිසේන ඇතුළු ඔබගේ පිලට චන්දයක් දුන්නේ, ඔබලා අවුරුදු කිහිපයක සිට සාක්ෂි තිබෙන බව පවසමින් ජප කරපු මන්තරයක් වෙන "රාජපක්ෂ රෙජීමය ඉන්නේ හොරු, රාජපක්ෂ රෙජීමය ඉන්නේ එතනෝල්කාරයෝ, මිනීමරුවෝ etc." වැනි සාක්ෂි සමග පවසන බව පවසමින් ජපකරන ලද මන්තර වල සිටින චරිත දින 100 අත්අඩංගුවට ගන්නා බව පවසමිනි, නමුත් ඔබලාගේ කණ්ඩායම දින 200ක් අරගෙනත් ඒ පැවසු කිසිම චෝදනාවකට එම චෝදනා වලට පත්වුවන් කිසිම කෙනකුට නඩු පැවරිමටවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටවත් අපොහොසත් විය. මෙයට පිළිතුරක් ලෙස ඔබලා කියාවි, "එම චෝදනා විදිමත්ව ක්‍රියාත්මක කිරීමට ඔබට තව කාලය අවශ්‍ය බව". නමුත් ඔබලාට යමක් අමතක වී ඇතිබව බව පෙනේ ඒ ඔබල එදා ජනවාරි 8 වෙනිදා බලයට ඒමට දුන් දින 100 පොරොන්දුය, ඔබලා පැවසුවේ 100යෙන් සියලුම දුෂකයන්ට බේරුමක් නැතිබවයි, නමුත් ඔබලාට එය නොහැකි විය ඔබලාගේ නොහැකියාව වසා ගැනීමට තව කාලය ඉල්ලීම සාධාරනද නැත.