ඩබල් පැති LED නාම පුවරු හදමු..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    ඩබල් පැති LED නාම පුවරු හදමු..

    මගෙන් LED නාම පුවරු ලබා ගත් අයත් වෙනත් අයත් මගෙන් අහනවා කොහොමද?එකම කොන්ට්‍රෝල් එකකින් පැති දෙකක බෝඩ් දෙකක් ක්‍රියාත්මක කරන්නේ කියලා..ඉතින් ඒ ගැන පොස්ට් එකක් දාන්න හිතුනා..ව්‍යාජ තැන්වලින් පැකේජ ගත් අය අන්තිමට මට CALL කරලා අහනවා ගොඩක් ප්‍රශ්න..අඩුම ගානේ සැකසුම් ටිකවත් ඒ ව්‍යාජ පැකේජ වල නෑ කියලා ඔවුන් ගෙන් මට එන දුරකථන ඇමතුම් අති විශාලයි..ඉතින් මම කියලා දෙන්නම් දෙපැත්තේම පෙනෙන විදිහට LED නාම පුවරුවක් හදා ගන්න හැටි.CCTV කැමරාත් එහෙමයි.සමහර පැකේජ කරන අය DDNS වගේ දේවල් ගැන අහලවත් නැතිලු...

    1.ඔබ කැමති ප්‍රමාණයට පින්තුරේ දාල තියෙන විදිහට රාමුව සකසා ගන්න.මේක කරන්න පුංචි හැකියාවකුත් ඕනා..වැඩේ අවුල් වගේ නම් ඇලුමිනියම් වැඩ කරන කාට හරි කියලා සුළු මුදලකට මෙය හදා ගන්න.පුළුවන්..බලසැපයුම් ඇතුලෙම සවිකරනවා නම් ගොඩක් ඝනකමට රාමුව හදන්න වෙනවා..එකට අඟල් තුනේ බොක්ස් බාර් එක ගන්න.

    2.දෙපැත්තේම තියෙන පැනල වල එකම විදිහට දැන්වීම දිස්වෙන්න ඕනා නිසා කරන්න තියෙන්නේ කොන්ට්‍රොලර් එකේ සිට පැනලයට යන රිබන් ඩේටා කේබල් එක මැදින් ටැප් කරලා එය පැනල දෙකකට සවිකරන්න පුළුවන් විදිහට හදා ගන්න එකයි.

    3.ඒ කට ඕනා වෙනවා රිබන් කේබල්. වයර් 16 ක් තියෙන රිබන් කේබල් අඩි ගණනට පිටකොටුවේ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්..එමෙන්ම එම කේබල් වල දෙපැත්තට සවි කරන සොකට් එතැනින්ම ගන්න පුළුවන්.පින් 16 femail socket ගන්න ඕනා.එක සොකට් එකක කෑලි තුනක් තියෙනවා පෙනේවි.එහි කොටස් තුන කේබල් එක දමා තද කලවිට ලොක් වෙනවා නැවත ගලවන්න බැහැ.

    4.ඒ විදිහට කේබල් එක නියම පරිදිම හදනවා නම් අපට අවශ්‍ය වෙනවා ක්‍රිම්පින්ග් tool එකක්.එය රු.1400 විතර වෙනවා යුනිටෙක් එකෙන්ම ගන්න පුළුවන්.එය අවශ්‍යම නෑ..සීරුවට කේබලය සොකට් එකට ඇතුළුකර පැතලි මේස ලෑල්ලකට තියලා බර මිටියකින් හෙමින් තට්ටුකර සොකට් එක තද කන්න පුළුවන්.රිබන් එක අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පලමුව එහි හරි මැදින් සොකට් එකක් සවි කර ගන්න.දැන් දෙකෙළවරටත් සොකට් සවිකර ගන්න.කේබල් එක හදලා පැනල දෙකක් දෙපැත්තට සවිකලා මැද සොකට් එකට කොන්ට්‍රොලර් එකේ පළමු පොර්ට් එකට සවිකර පරික්ෂා කර බලන්න.

    5.මේ විදිහට පැනල සියල්ලටම සමාන්තර ගතව දත්ත ලබා දෙන්න.බලසැපයුම් පැනල ගණන අනුව යොදන්න.ඔබට අඩු වියදමකින් ද්විත්ව පැති සහිත LED නාම පුවරුවක් සදා ගත හැකි වේවි.
    තවත් ගොඩක් විස්තර මෙතනින් ගන්න
    ඔබට ජය!