ඩයලොග් ආයතනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඩයලොග් ආයතනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්

    ඩයලොග් දුරකථන සමාගම විසින් තම පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් එවන ප්‍රවර්ධන කෙටි පණිවිඩ හා ස්වයංක්‍රීය දුරකථන ඇමතුම් වලට විරෝධය පලකොට අන්තර්ජාල පෙත්සමක් change.org හරහා ඉදිරිපත් කොට තිබේ.

    මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා යොමුකරන කෙටි පණිවුඩ ඩයලොග් ආයතනය වෙත දැනුම් දීමෙන් අනතුරුව නවතාලිය හැකිවුවත් නැවතත් ටික කලකින් ඔවුන් එම සේවාව ආරම්භ කරන හෙයින් මෙම පෙත්සම ආරම්භ කොට ඇත.

    එම පෙත්සම මගින් පෙන්වාදී ඇත්තේ ග්‍රාහකයින් 1000000 කට තත්පර 15 ක වෙළඳ දැන්වීමක් යැවුවහොත් උපකල්පනය කරහොත්සෑම මසකම ලාංකිකයින්ගේ පුද්ගල-පැය (man hours) 250,000 පමණ අපතේ යන බවයි.

    මෙම ගැටළුව සිදුවන්නේ ඩයලොග් ආයතනයෙන් පමණක් නොවන අතර මොබිටෙල්, එයාර් ටෙල්, පීසා හට්, ෆැෂන් බග් හා තවත් බොහෝ ආයතන වලින්ද මෙවන් කෙටි පණිවුඩ ලැබේ.

    යම් කිසි ආයතනයකට ඔබ දුරකථනය අංකය ලබා දීමෙන් අනතුරුව ඔවුන් විසින් එම අංක ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සිදුකරනු අතර එසේ දුරකථන අංකය ලබා දෙන්නේ නොමැතිව ඔබගේ දුරකථන අංකය වෙත ප්‍රවර්ධන පණිවිඩ එවන්නේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිවේ.




    https://www.change.org/petitions/di...g-subscribers-අනවශ්-ය-sms-වෙළඳ-දැන්වීම්-නවතනු



    අපට දැන් අත්සන් 150+ ඇත. සහයෝගය දක්වූ ඔබට ස්තූතියි! ඉලක්කයට ළඟා වූ විට මෙය උත්තර කරුට (එනම් Dialog ට) යවන අතරම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම (http://www.trc.gov.lk/index.php/services/consumer-services.html), ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය (http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=110&Itemid=26&lang=si) හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට (http://xn--w0ct5a8c.xn--n0chiqomy9e...showCommittee?id=69&type=committee&Itemid=106) මෙය 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතෙහි 9 වන පරිචේදය (http://www.lawnet.lk/sec_process.ph...o=9&title=Sri Lanka Telecommunications&path=5) උපුටමින් පිටපත් කල හැකිය.
    මෙය සුළු ප්‍රශ්නයකට පොරොවෙන් ගැසීමක් යයි ඔබ සිතිය හැක. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප බොහෝ දෙනෙකු අපගේ පාරිභෝගික අයිතීන් නොදන්නා බවත්, එනිසා අපට අසාධාරණයක් සිදුවූ විට ඒ පිළිබඳව කටහඬ අවදි කිරීමට අප භයවන බවත් අපට සිතේ. මෙය Dialog ට පමණක් නොව, අන් විදුලි සංදේශ ආයතන වලට පමණක් නොව, මෙරට සියලු පෞද්ගලික හා පොදු සේවා වලට අදාළ දෙයකි. සේවා දායකයින් පාරිභෝගික පැමිණිලි නැවත නැවතත් නොසලකා හැරීමට තරම් නිර්භය වන්නේ මේ නිසාය. මෙයට අනුබල නොදෙමු.
    ඔබට තවදුරටත් කළහැකි දී මොනවාද? ඔබගේ පවුලේ අය හා මිතුරන් අතර මෙය බෙදා හැර, මෙහි වැදගත්කම කරදරකාරී SMS පණිවුඩ වලින් ඔබ්බට යන්නක් බව ඔවුන්ට පැහැදිලි කර මෙයට සහයෝගය දක්වන ලෙස ඔවුන් උනන්දු කරන්න. ස්තුතියි!



    මෙතනින්






    link-http://www.**Please do not spam****....lk/2014/07/dialog-internet-petition.html?m=1
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,483
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    sms ඒතරම් අවුලක් නෑ මචන්ලා.call ඒනකොට ringtone දාගන්න කියල.........phone ඒක පොළවෙ ගහන්න හිතෙනවා.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    sms ඒතරම් අවුලක් නෑ මචන්ලා.call ඒනකොට ringtone දාගන්න කියල.........phone ඒක පොළවෙ ගහන්න හිතෙනවා.

    Sirawata bannnnn wadagath call 1ke kiyala saban pitin awith balanwa redda......... munnge ammala mathak wenawa awelawata :angry: :angry:
     
    • Like
    Reactions: sandaru d

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    isssara mobitel eken sms/calls enawa. eka paarak call karala kiwwa, maasayak giyath wadak une naa.ethakanuth eeka "process" karanawalu. deweni paara kiwwa paminili karanawa kiyala paaribogika sewa adhikaariyata, eda hawasa indan thaama promo calls, sms naa...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    අර බන් මොබිටෙල් එකෙන් කතා කර කර ඉදිත්දි එන
    you have less than one minute කියන එක
    නවත්වන්න විදිහක් නැද්ද? මට නම් ඒක එපාවෙලා තියෙන්නෙ.