රට බේරගත්තු ඥානක්කාට කලගුන සලකපු ගෝට
ඓතිහාසික නුවර වැව ගොඩකර ඥානක්කාට හැදූ හෝටලය ට රාජ්‍ය සම්පත් අවභාවිතය සහ නීතිය හමුවට පැමිණවිය යුතු බලධාරීන් ගැන විශේෂ විමර්ශනාත්මක වාර්තාවක්
වසර 2500කට වඩා අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන, අනුරාධපුර පූජනීය නගරයේ ජීවනාලිය බඳු ඓතිහාසික නුවර වැව පරිසර පද්ධතියට සහ එහි වැව් තාවුල්ලට අද අත්වී ඇති ඛේදනීය ඉරණම පිළිබඳව සමස්ත රටේම අවධානය වහා යොමුවිය යුතුව තිබේ.
අනුරාධපුර මහ කලත්තෑව ප්‍රදේශයේ, ඓතිහාසික නුවර වැවේ රක්ෂිත වැව් තාවුල්ල නීති විරෝධී ලෙස ගොඩකරමින් ඉදිකර ඇති බව කියන "Yaazoraa Anuradhapura" (ලියාපදිංචි ලිපිනය: YAAZORAA, 50000 Maha Kalattewa, Sri Lanka) නමැති හෝටල් පරිශ්‍රය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් සහ මහජන විරෝධයක් මතුවෙමින් පවතී.
රාජ්‍ය මුදල් සහ හමුදා බලකායන් අවභාවිත කිරීමේ බරපතල චෝදනාව
මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධානතම සහ බරපතලම චෝදනාව වන්නේ, එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය සහ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් සහ රජයේ නිල යන්ත්‍ර සූත්‍ර පූර්ණ වශයෙන් යොදාගනිමින් මෙම හෝටල් පරිශ්‍රය ඉදිකර ඇති බවයි.
දේශපාලන හා හමුදාමය බලය යොදාගනිමින්, රාජ්‍ය සම්පත් පුද්ගලික අභිමතාර්ථයන් උදෙසා අවභාවිත කිරීම පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ රාජ්‍ය දේපළ අවභාවිත පනත යටතේ වරදකි.
එම නිසා, එදා මෙම සේවයේ යෙදවූ හමුදා සෙබළුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගනිමින්, අදාළ හිටපු හමුදාපති ශවින්ද්‍ර සිල්වා හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු වගකිවයුත්තන්ට එරෙහිව රාජ්‍ය මුදල් හා බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු කාලය දැන් එළඹ ඇත.
මිත්‍යාදෘෂ්ටිය හමුවේ දණගැසූ පාලනය සහ හමුදා ගෞරවය
රටක් පාලනය කළ යුත්තේ විද්‍යාත්මක, තාර්කික සහ නීතිමය පදනමකින් මිස මිත්‍යාමත හෝ සාස්තරකරුවන්ගේ උපදෙස් මත නොවන බව ගෝටාභය රාජපක්ෂ ට පසක් වී ඇති බව නම් සැබෑය .
එවකට ගෝටාභය රාජපක්ෂ ඇතුළු ඔහුගේ ගෝල බාලයන් ඇතුළු පාලකයන් තමන්ගේ පුද්ගලික අභිමතයන් සහ මිත්‍යාදෘෂ්ටික විශ්වාසයන් උදෙසා 'ඥානක්කා' නමැති සාස්තරකාරියගේ උපදෙස් මත කටයුතු කරමින්, රටේ හමුදා නායකයන් පවා ඇය ඉදිරියේ දණගස්වන තත්ත්වයට පත්කර තිබුණි.
හමුදා නිලධාරීන්ගේ දකුණු අතේ රතු නූල් බඳිමින්, ඇතැම් ඉහළ පෙළේ බ්‍රිගේඩියර්වරුන් පවා තමන්ගේ අම්මාටත් වඩා ගෞරවයෙන් ඇයට "අම්මා" යැයි ආමන්ත්‍රණය කරන තරමට හමුදාවේ කීර්තිනාමය සහ විනය මිත්‍යාව හමුවේ පල්ලම් බැස්සේය. අවසානයේදී සිදුවූයේ, එවැනි මිත්‍යාමත මත යැපෙමින් රට විනාශ කළ පාලකයන්ට ජනතා විරෝධය හමුවේ ඇඳුම් බෑගයක් පමණක් රැගෙන, ඇමරිකානු පුරවැසිභාවය පවා අහිමි කරගෙන රටින් පලා යාමට සිදුවීමයි.
පරිසර විනාශය සහ බලධාරීන්ගේ වගකීම
ඓතිහාසික නුවර වැවේ වැව් තාවුල්ල යනු පාරිසරික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන්ද අතිශය සංවේදී කලාපයකි. මෙවැනි රක්ෂිත භූමියක් ගොඩකර සුපිරි හෝටලයක් ඉදිකිරීමට අවසර දුන්නේ කවුරුන්ද? ඊට අනුබල දුන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු සියලුම රාජ්‍ය බලධාරීන් වහාම CID යට කැඳවා ප්‍රකාශ සටහන් කරගත යුතුය.
නීතිය සැමට සාධාරණ විය යුතුය. සාමාන්‍ය ජනතාවට වැව් රක්ෂිතයක පැලයක්වත් ඉඳීමට ඉඩ නොදෙන නීතිය, බලවතුන්ට සහ සාස්තරකාරියන්ට වැව් තාවුලු ගොඩකර හෝටල් සෑදීමට ඉඩ දුන්නේ කෙසේදැයි වර්තමාන රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන රටට හෙළිදරව් කළ යුතුය.
මෙම අක්‍රමවත් ඉදිකිරීම් වහාම ඉවත් කර, ඓතිහාසික නුවර වැව නැවත තිබූ පරිසර පද්ධතියට අනුකූලව යථා තත්ත්වයට පත් කිරීමටත්, ඊට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වත්මන් රජයේ ඇස් වහා ඇරිය යුතුව ඇත.
සම්පත් දිල්ලිමුණි
read more
------ Post added on Aug 31, 2026 at 7:20 AM