උඔ ගාව ඇන්ඩ්රායිඩ් ෆෝන් එකක් තියේද ? තියෙනවා නම් සැටලයිට් ෆයින්ඩර් ඇප් එකක් දා ගන්න. ඕන තරම් ඒවා තියෙනවා. ඊලඟට, ඒකෙන් Intelsat12 එක තෝරලා, තියෙන තැන ආසන්නවා හොයා ගන්න. ඊට පස්සේ, ඩයලොග් ටීවී, රිමෝට් එකෙන්, සෙටින්සග්ස් වල, චැනල් සර්ච් කරන තැනට යන්න(රිසීවර් එක මොකද්ද කියලා හරියට කිවුවොත් එතනට යන පාත් එක හරියටම කියන්නම්. නැත්නම් පොඩ්ඩක් ට්රයි කරලා හොයා ගන්න). එතන, වෙන මුකුත් කරන්න එපා. උඩ ඇති සිග්නල් සහ කොලිටි කියලා මීටර් දෙකක්. ඒ දෙකේ, සිග්නල් සහ කොලිටි කියන ඒවා 50%ට වඩා වැඩි වෙනකල් හෙමින් ඩිෂ් එක කරකවන්න. හෙමින් කියන්නේ සෑහෙන හෙමින්. මේකට ගොඩක් වෙලා යනවා. හරියටම තැන හොයා ගත්තම, ඇන්ටනා එක ඒ ඇන්ගල් එකට ෆික්ස් කර ගන්න. අන්තිමට, ඇන්ටනා එකේ ඇණ ටිකක් බුරැල් කරලා, හොඳට සිග්නල් හදා ගන්න. 60% තිබ්බත් හොඳටම ඇති. මම නම් 99% හදා ගත්තා.
අන්තිමට ඇණ ටික හොඳට තද කර ගන්න. එච්චරයි.
තව සරලව විස්තර ඕනේ නම් කියන්න.