ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි

ranuboy

Member
Mar 27, 2007
1,072
12
0
on Earth
ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි

අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා.

ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි.

මෙවැනි පණිවුඩයක් දිස් විය.

Congratulations
You have completed the quiz.
To find out the result of your IQ test,
Please enter your mobile number now!


ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි.

මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද?

එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද?

ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය

මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය.

අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න.

මෙම ‍වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත.

මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය.

මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් ‍පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි.

නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි.

Thank you !
We received your mobile number. To confirm,
sms 22 to 31230

තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත.

මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. ‍මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත.

ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී.

මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු.

meya mata forward we a mail ekakin uputa ganimaki. meya sampurna attha kathawaki. magenda masayak pura dawasata Rs 30 bagin mudal kapagena thibuni. dialog eken wimasu wita oun meta wagakimak ganimata nohaki bawa pawasai. KATADA KIYANNE MEWA...?? danna hamotama kiyanna..


මම නො එක ගැහුවේ ෆ්‍රී ලබාගන්න පුළුවන් ring tones & pictures කියන වෙබ් පිටුවකට පමණි. හැමෝම පරිස්සමෙන්. නො ගහන්න එපා කිසිම එකකට වෙබ් එකේ තියෙන හොදට හොයන්නේ බලන්නේ නැතිව.
 
  • Like
Reactions: kasun69

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Oya wage ekakata ahu wenna giya 3yr walata withara issela eke nam 30k kapune naha confirm karanna thibuna godak free download dena site wala thinawa oka
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    Oya wage ekakata ahu wenna giya 3yr walata withara issela eke nam 30k kapune naha confirm karanna thibuna godak free download dena site wala thinawa oka

    EE EE KALE ME ME KALE. FREE EWA THIYENAWA. ETH MEKA THANIKARAMA AHINSAKA MINISSUNGEN GASAGENA HURAGENA KAMAK..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hutch eketh ohoma scn ekak thibuna.. un ringing tone ekak api illaneth nethuwa danwa.. eeta psse masayak pannata passe ekata charge karanwa... eeta kalin api eka deactivate karaganna one..
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඩයලොග් එකේ ඕකට කියන්නේ m-zook Service කියල බං. අපිටත් හොට් ලයින් කතා කරලා අම්බානක බනිනවා බං. අපිවත් දන්නේ නෑ ඕකෙන් මොකක්ද තියෙන වාසිය කියල. චා මැක්ස්.
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    ඩයලොග් එකේ ඕකට කියන්නේ m-zook Service කියල බං. අපිටත් හොට් ලයින් කතා කරලා අම්බානක බනිනවා බං. අපිවත් දන්නේ නෑ ඕකෙන් මොකක්ද තියෙන වාසිය කියල. චා මැක්ස්.

    ඔව් මචෝ මමත් ගියේ ඕකට තම. මමත් කතා කරලා බාන්න හොදට. උන දන්නේ නැ මොකුත් බබ්බු වගේ තක කතා කරන්නේ. අපිට කිසි වාසියක් නැ ඩයලොග් එකට තම වැසි.. :lol::lol:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඕකෙන් අයින් වෙන්න STOP කියල ටයිප් කරලා
    31230 යවපන්. එතකොට ඕෆ් වෙනවා.
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    ඕකෙන් අයින් වෙන්න STOP කියල ටයිප් කරලා
    31230 යවපන්. එතකොට ඕෆ් වෙනවා.

    මම ඔෆ්ෆ් කර ගත්ත බන්. මේක දැම්මේ නොදන්නා අයට දන ගැනීම පිණිස සහ මේවා කරන කාලකන්නින්ට සාප කරන්න කියන්න :lol::lol::lol::lol: