ඩයලොග් කරන කුප්ප වැඩේ

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Chanel okkoma wadada ban. Maseta 240da ethakota. Math perday ekakata maru wenda hadanne. Mokada tv balennema na wage thama.


    na 350 wage yanawa tax ekka


    Okkoma channel wada karanna hadala dunne dish eka fix karapu pora, normal maasayak withara use kara ethakota okkoma unlock na maasayak indala amathara 1000 ara hadala dunna. Feb wala indan me wenakal unlocked
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඩයලොග් තම්බි තමා මේකෙ උන් නොදන්නවා උනාට . 😉😉
    තම්බි බිස්නස් වලට ගේම දෙනව වගේ. dialog, slt උන්ටත් එකතු වෙලා ගේම ඉල්ලන්න ඕන ජරා service එකක් දෙනවට. trc එක තියෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න. ඒකනෙ හැම මගුලම ලිඛිතිව එවන්න කියාගෙන දඟලන්නෙ.:angry::angry::angry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ifcRGcD.jpg



    8rQIrPE.jpg

    fullscreen eke photo ekak dapan balanna
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    කලින් ඉඳන්ම මැච් යද්දි බ්ලොක් කරනවා.මේ පාර විතරක් නෙමේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,406
    20,841
    113
    Panadura
    තම්බි බිස්නස් වලට ගේම දෙනව වගේ. dialog, slt උන්ටත් එකතු වෙලා ගේම ඉල්ලන්න ඕන ජරා service එකක් දෙනවට. trc එක තියෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න. ඒකනෙ හැම මගුලම ලිඛිතිව එවන්න කියාගෙන දඟලන්නෙ.:angry::angry::angry:

    ආ මේ එස් එල් ටී වලට එහෙම මොකුත් කරනවා නෙමේ බොට හරියට සර්විස් එක දෙන්නෙ නැති උනාට අපිට හරියට උන් සර්විස් එක දෙනවා
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara


    ඩයලොග් එකේ මහ පර සක්කිලි වැඩ බන් තියෙන්නෙ... ඩයලොග් පැකේජ් එක ගද්දි වෙනදට අයි එක ෆ්රී බලන්න පුලුවන්නෙ...world cup එක කාලේ නිසා මුන් X channel eye එක block කරලා මැච් එක බලන්න ඕනිනම් වෙනම චැනල් එකක් ඇක්ටිවේට් කරන්න ඕනි, මම දැන් කතා කරලා බැන්නා බන්..මම කතා කරපු එකාට කිව්වා මම මේ ඔයාට බනිනවා කියලා හිතන්න එපා ඔයාලා සර්විස් එකෙන් කරන කැත වැඩේ ගැන මම මේ කියන්නෙ කියලා... ඌ මුලින් කිව්වා මේ කාලේ විතරක් බ්ලොක් මැච් එක යන වෙලාවට නෙමේ කියලා, මම කිව්වා එහෙම කලේ වෙන හේතුවක් නිසා නෙමේනෙ ඔයාලා කස්ටර්මස්ලාට කියලා වෙනම ගානක් අරන් මැච් එක බලන්න වෙන චැනල් එකක් activate අරගන්නනේ කියලා..

    ඒ පාර ඌත් කියනවා ඔව් මට තේරෙනවා මම කම්ප්ලේන් එකක් දාන්නම් කියලා.කතා කරන උන්ටනම් කරන්න දෙයක් නෑ..ඒ උගෙ රස්සාව..ඒත් බලපන් මේ සක්කිලි කරන බලු වැඩේ...මේවා කම්ප්ලේන් කරන්න බැරිද බන් අපිට වෙන තැනකට

    Chanel Eye ekata satelite broadcasting walata rights hambu wene nehe match eka penana rights ganakota.
    So every satellite broadcastertama international match ekak yanakota e channel eka block karana wenawa.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මොනවද මේ මැච් වල
    රූපවාහිනී විකාශන අයිතීන් සහ
    සැටලයිට් විකාශන අයිතීන්?
    ===============================


    "ඒ නාලිකාවෙන්ලු මේ සැරේ මැච් එකේ ලංකාවෙ රූපවාහිනී විකාශන අයිතිය අරන් තියෙන්නෙ. ඒ නාලිකාව සැටලයිට් විකාශන අයිතිය තියෙන නාලිකාවක් නේද? ඒත් ඇයි අර Dialog Tv එකෙන් ඒක block කරන්නෙ. එහෙම block කරලා කෝමද එයාලගෙ Dialog Now එකේ මැච් එක Free දෙන්නෙ?"
    මෙහෙම කතා ඔබ ගොඩක් තැන්වල දකිනවා අහනවා ඇති. එහෙම කෙරෙන ගොඩක් කතාවල බොහෝමයක් තියෙන්නෙ නිවැරදි අවබෝධයක් නැතුව කියන අසත්‍ය කරුණු. ඒ නිසා අද අපි බලමු මොනවද මේ රූපවාහිනී විකාශන අයිතිය සහ සැටලයිට් විකාශන අයිතිය කියන්නෙ කියලා.
    ක්‍රිකට් ඇතුළු ඕනෑම ක්‍රීඩා තරඟයක රූපවාහිනී විකාශන අයිතිය රටකට ලබා ගැනීමේදී කොටස් දෙක්කින් සමන්විත වෙනවා. එනම්,
    1. Satelite Broadcasting Rights
    2. Terrestrial Broadcasting Rights

    කියන්නෙ ඒ කොටස් දෙකයි. යම් කිසි නාලිකාවකට යම් තරඟයක් විකාශන අයිතිය හිමි කර ගැනීමේදී එම තරඟාවලියට අදාළව මේ දෙකම හෝ එකක් හිමි කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නෙ මෙම Satellite හෝ Terrestrial කියන විකාශන අයිතීන් වර්ග නාලිකාවකට ස්ථිරව තියෙන දෙයක් නෙවෙයි අදාල ගිවිසුම් කාලය මත එම තරඟාවලියට විතරක් අදාළව තිබෙනා දෙයක්.
    අපි දැන් මේක ප්‍රායෝගිකව ලංකාවෙ තත්වය එක්ක යොදාලා බලමු.
    ලංකාව අයිති වෙන්නෙ ඉන්දියානු කලාපයට. ඉන්දියානු කලාපෙදි සෑම විටම පාහේ මුළු ඉන්දියානු කලාපය සඳහාම යම් ක්‍රීඩා තරඟයක සමස්ත රූපවාහිනී විකාශන අයිතිය ගන්නෙ ඉන්දියානු නාලිකාවක්. උදාහරණ තමයි Star Sports, Sony Six, Dsport වගේ නාලිකා. මෙන්න මේ ඉන්දියානු නාලිකාවෙන් තමයි ඉන්දීය කලාපෙට අයිති ලංකාව වගේ රටවල දේශීය නාලිකා විකාශන අයිතිය ගන්න ඕන.

    එතැනදි ලංකාවෙ දේශීය නාලිකාවලට පුළුවන් ඉන්දීය නාලිකාවෙන් අදාළ තරඟාවලියේ Terrestrial, Satellite කියන රූපවාහිනී විකාශන අයිතීන් දෙකම හෝ එකක් ගන්න.
    නමුත් අපේ රටේදි නිතරම දේශීය නාලිකාව ඉන්දියානු නාලිකාවෙන් මිලදී ගන්නෙ Terrestrial කියන රූපවාහිනී විකාශන අයිතිය විතරයි.

    ඇයි ඒ?
    ඉන්දියානු නාලිකාව සැටලයිට් සේවා ඔස්සේ ලංකාවට පේන නාලිකාවක් නිසා දේශීය නාලිකා Satellite විකාශන අයිතිය ගත්තොත් අදාළ ඉන්දීය නාලිකාව නරඹන පිරිස අඩු වීමෙන් ඉන්දීය නාලිකාවට වෙන පාඩුව පියවා ගැනීම සඳහා සෑම විටම Satellite විකාශන අයිතිය Terrestrial විකාශන අයිතියට වඩා ඉහළ මිලකට තමයි දේශීය නාලිකාවට ලබා දෙන්නෙ. මෙන්න මේ හේතුවෙන් විකාශන අයිතීන් වර්ග දෙකම ගැනීමට විශාල වියදමක් දැරීමට සිදු වීම නිසායි මෙලෙස දේශීය නාලිකා Terrestrial රූපවාහිනී විකාශන අයිතිය පමණක් ඉන්දියානු නාලිකාවෙන් ලබා ගන්නේ.
    මෙලෙස යම් තරඟයක Terrestrial විකාශන අයිතිය පමණක් දේශීය නාලිකාවක් ලබාගත් විට එම තරඟය සජීවීව සැටලයිට් රූපවාහිනී සේවා ඔස්සේ විකාශය කිරීමට දේශීය නාලිකාවට නීතියෙන් අවසර නෑ. ඒකයි මැච් යන වෙලාවට දේශීය නාලිකා Dialog Tv, Dish Tv Lanka යන සැටලයිට් රූපවාහිනී සේවාවල Block කරනු ලබන්නේ. නමුත් කියන්න ඕන මෙම Satellite විකාශන අයිතිය නොමැති වීම Peo Tv වැනි IPTV රූපවාහිනී සේවාවන්හි දේශීය නාලිකාව Block කිරීමට හේතුවක් වෙන්නේ නැති බව.
    මෑත ඉතිහාසයේ පැවති සියළු ක්‍රිකට් තරඟාවලිවල සේම පෙර පැවති ආසියානු කුසලානයේ දි Channel Eye නාලිකාවෙන් ද, මෙවර එංගලන්ත සංචාරයේදී සිරස මාධ්‍ය ජාලය විසින්ද හිමි කරගෙන ඇත්තේ Terrestrial රූපවාහිනී විකාශන අයිතීන් පමණයි. එම නිසා එම දේශීය නාලිකා Dialog Tv, Dish Tv Lanka යන සැටලයිට් රූපවාහිනී සේවා ඔස්සේ තරඟය අතරතුර Block වීම සිදු වේ.
    එතකොට Dialog Now එකෙන් කොහොමද මැච් එක Free දෙන්නෙ?
    ඔබට මේ ප්‍රශ්නය සඳාහා පිළිතුර දැනටමත් අවබෝධ වී ඇතිව ඇති. මෙහිදී Dialog සමාගම ඉන්දීය නාලිකාවෙන් තරඟාවලියේ සැටලයිට් රූපවාහිනී විකාශන අයිතිය මිලදී ගෙන වෙළෙඳ අනුග්‍රහයන්ද ලබා ගනිමින්, ගුණාත්මක සේවාවක් තම පාරිභෝගිකයන්ට සැපයීම සහ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තම Dialog Now නාලිකාව ඔස්සේ නොමිලේ තම පාරිභෝගිකයන්ට ලබා දීම සිදු වේ. මෙය ඔවුන් පසුගිය ආසියානු කුසලානයේ සිට ඉදිරියට පැවැත්වෙන සෑම තරඟාවලියක් සඳාහාම සිදු කිරීමට සූදානම් බවයි අපිට ආරංචි වෙලා තියෙන්නෙ.
    හරි දැන් ඔයාලට සැටලයිට් විකාශන අය්තිය කියන්නෙ මොකක්ද කියන එක ගැන නිවැරදි පැහැදිලි අදහසක් අනිවාර්යයෙන්ම ලැබිලා ඇති. මේ ගැන තවත් ප්‍රශ්න තිබේ නම් Comment කර හෝ Page එකට Inbox කර පිළිතුරු ලබාගන්න පුළුවන්.

    Copy - FM & TV Sri Lanka FB Page