ඩයිනෝසරයන්ටත් කලින් මිහිමත ඇවිද ගිය විලෝ
උල් දත් ඇති, දිවියකු තරම් ලොකු අමුතු විදියේ උරගයකුගේ පොසිල අස්ථි හමුවෙලා තියෙනවා දකුණුදිග බ‍්‍රසීලයෙන්. මේ සත්ත්වයාගේ අස්ථි පරීක්ෂා කිරීමේදී තහවුරු වුණා ඒවා අවුරුදු මිලියන 265 කට වඩා පැරණියි කියලා. ඒ කියන්නේ මේ සතා ලොව ජීවත්වෙලා තියෙන්නේ ඩයිනසෝරයන් මිහිමත පහළ වෙන්නත් ඇවිද යන්නත් කලින්. ඒ විතරක් නොවේ මේ සතා ඩයිනසෝරයින් ගොදුරු කර ගන්නා විලෝපිකයෙක් වූ බවත් විද්‍යාඥයන් පවසනවා.
මේ විලෝපිකයාගේ හිස් කබලක් හමුවුණේ බ‍්‍රසීලයේ රියෝ ග‍්‍රාන්ද් දෝ සල් නිම්නයේ පිහිටි ගම්මානයක් අසලින්. ඒ සොයා ගැනීමට මඟ පෑදී තිබෙන්නේ අන්තර් ජාලයේ ‘ගූගල් මැප්ස්’ යොදා ගනිමින් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ප‍්‍රදේශයේ භූ විෂමතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව යැයි පැවැසෙනවා. අසාමාන්‍ය සලකුණක් දැකපු බ‍්‍රසීල විද්‍යාඥයන් කණ්ඩායමක් ගියා ඒ ගැන පරීක්ෂා කරන්න. එවිටයි පොසිලකරණයට ලක් වුණු හිස් කබල හමුවුණේ.
මේ සත්ත්වයා ලොව පහළ වී ඇත්තේ ඩයිනසෝරයින් මිහිමත පහළ වීමට වසර මිලියන 40 කට පෙරයි. මෙයා අයත් වන්නේ වඳවී ගිය උරග පවුලකටයි. ඒ හින්දා මෙයාගේ මුතුන්මිත්තන් ගැන කිසිම සාක්ෂියක් තාමත් ලැබිලා නැහැ.
මේ සතා නම් කර තියෙන්නේ ‘පැම්පාෆොනියස් බික්කායි’ යනුවෙනුයි. මේ සතා ඩයිනෝසෙපේලියානුවෙක්. ඒ කියන්නේ ඩයිනසෝරයින් හා පෙනුමෙන් සමාන ඩයිනසෝරයන් නොවන ‘අන්ටේසෝරස්’ නමැති පවුලේ සාමාජිකයෙක්. ‘අන්ටේසෝරස්’ සතුන් ඩයිනසෝරයින් ලොව පහළ වෙද්දී මියැදුණා කියලයි මෙතෙක් කල් විශ්වාස කළේ.
‘පැම්පාෆොනියස් බික්කායි’ අචලතාපියෙක්. සතුන් පසුපස ලූහුබැඳ ඔවුන් ගොදුරු කර ගන්න ශක්තිමත් හකු යුගලක් සහ තියුණු දත් මේ සත්ත්වයාට තිබෙනවා. ‘පැම්පාෆොනියස් බික්කායි’ යන නම මේ සතාට යොදා ඇති අයුරුත් අපූරුයි. ‘පැම්පාස්’ කියලා කියන්නේ බ‍්‍රසීලයේ පිහිටන තැනිතලා තණ බිම්වලටයි. ‘ෆෝනියස්’ යනු ගී‍්‍රක වදනක්. එහි අර්ථය ‘ඝාතකයා’ යන්නයි.
වර්තමානයේ බ‍්‍රසීලයෙන් මේ සතාගේ පොසිල හිස් කබලක් හමුවුණත්, මේ සතා ජීවත් වෙද්දී ලෝකය මහද්වීපවලට වෙන් වී තිබුණේ නැහැ. අද බ‍්‍රසීලය යැයි හඳුන්වන රට ලෝකයේ කොතැනක තිබුණේදැයි විද්‍යාඥයන්ට හරියටම කියන්න බැහැ. ‘පැම්පාෆොනියස් බික්කායි’ ජීවත් වෙද්දී, අතීතයේ පැවැතියේ එක් මහා මහද්වීපයක්. එය හැඳින්වෙන්නේ ‘පැන්ජියා’ කියලයි.
මීට පෙර හමු වූ අය
මීට පෙර, ඩයිනසෝරයන්ට පෙර ජීවත් වූ සතුන් හමුවුණේ රුසියාවෙන්, කසකස්තානයෙන්, චීනයෙන් සහ දකුණු අපි‍්‍රකාවෙන්. ඒත් මේ අලූත් සොයා ගැනීමෙන් පැහැදිලියි මේ සතුන් අතීතයේ ලෝකය පුරා ව්‍යාප්ත වී සිටිය බව. පැම්පාෆොනියස් බික්කායිගේ පොසිල හිස්කබල සොයා ගැනීමේ පොසිල විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන්නේ බ‍්‍රසීලයේ ටෙරේසිනාහි පියාඋයි ෆෙඩරල් සරසවියේ පොසිල විද්‍යාඥ ආචාර්ය ජුවාන් කාලෝස් සිස්නේරස්. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මේ පොසිලය මංශභක්ෂක ඇන්ටේසෝරසයකුගේ. මෙම සොයා ගැනීමෙන් ආදිකාලෙ පැන්ජියාව පවතිද්දී ඒ ප‍්‍රදේශය පුරා මංශභක්ෂක ඩයිනෝසෙෆලියන්ස් සතුන් ජීවත් වූ බව.”අනෙක් ඩයිනෝසෙපේලියානුවන්ට අයත් වන සතුන් වන්නේ දකුණු අපි‍්‍රකානු ඇන්ටේසෝරස් මැග්නිෆිකස් හා රුසියානු ටයිටනොෆොනියස් පොටෙන්ස් දෙදෙනායි. ඒ අතරින් රුසියානු සත්ත්වයා ප‍්‍රමාණයෙන් විශාලයි. උගේ දිග අඩි 18කට වැඩියි. පර්මීයානු යුගයේ මේ මිහිමත ඇවිද ගිය විශාල ම සත්ත්වයා මොහු විය හැකියි.
එකම භූමියක්
පර්යේෂකයන් විශ්වාස කරන්නේ ලෝකයේ භූමි එකට එක්ව තිබූ නිසා මේ සත්ත්වයාට පැන්ජියාවේ උතුරුදිග කොටසේ එනම් ලොරේසියාවේ සිට දකුණුදිග කොටසේ එනම් ගොඞ්වානාවට සංක‍්‍රමණය වෙන්නට හැකි වෙන්න ඇත. පර්මීයානු යුගය අවසාන වෙත්ම මේ සියලූ සත්ත්ව ජීවිත සම්පූර්ණයෙන් මිහිමතින් තුරන් වෙන්නට ඇති, කලින් ඇති නොවූ, නොසිතූ විරූ මහා විනාශයක් හේතුවෙන්. ලෝකය පුරා විසිරී තිබුණු සංකීර්ණ පරිසර පද්ධති සියල්ල කුමක් හෝ විශාල සංසිද්ධියක් නිසා මුළුමනින්ම විනාශ වී යන්නට ඇති. ඉතිරි වන්නට ඇත්තේ සත්ත්ව විශේෂ අතරින් සියයට පහක් පමණයි. මේ විනාශය සිදු වන්නට ඇත්තේ සමහර විට වසර පන්ලක්ෂයක් තිස්සේ සිදු වුණු දැවැන්ත යමහල් විදාරණයක් නිසා, එනම් ලොව පුරා සෑම තැනකින් ම ගිනිකඳු පිපිරීම් නිසා වියහැකි යැයි දැන් අනුමාන කෙරෙනවා.

හිස් කබලක්