ඩයිනෝසර බිත්තර...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඩයිනෝසර බිත්තර...

    බිත්තර
    dinosaur_eggs.jpg


    අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර තැන්පතුවක් අපි‍්‍රකාවෙන් හමුවී තියෙනවා. එහි බිත්තර 340ක් තියෙනවා. මෙතෙක් හමු වී ඇති ඉතාමත් පැරණි බිත්තර තැන්පතුව මෙයයි.
    ඩයිනොසෝරයන්ගේ බිත්තර දැමීමේ හා බිත්තර රැුකීමේ පුරුදු ගැන, ඔවුන්ගේ ප‍්‍රජනක චර්යාවන් ගැන හදාරන්න හොඳම අවස්ථාවක් මෙයින් ලැබෙන බවයි, විද්‍යාඥයන්ගේ අදහස වන්නේ.

    බිත්තර තැන්පතු

    මෙම බිත්තර රාශිය හමු වූ කැණීම් බිම ඇත්තේ දකුණු අපි‍්‍රකාවේයි. ජොහැන්නස්බර්ග් නුවර සිට කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි ගෝල්ඩන් ගේට් හයිලන්ඞ්ස් ජාතික වනෝද්‍යානය තුළ වූ මේ කැණීම් බිමෙහි ඇති කැදැලිවල බිත්තර දමා ඇත්තේ මැසොස්පොන්ඩිලස් නම් ඩයිනොසෝර විශේෂයයි. මෙහිදී හමු වී තියෙනවා, බිත්තර තැන්පතු රාශියක්. ඒ විතරක් නොවෙයි, මෙහි තිබී විද්‍යාඥයන්ට සොයා ගෙන තියෙනවා, ඩයිනොසෝරයන්ගේ අත්වල සලකුණුත්. මේවා හමුවී ඇත්තේ පොසිල ආකාරයෙනුයි. මේ අනුව විද්‍යාඥයන් විස්මිත හෙළිදරවුවක් කර ගෙන තියෙනවා. ඒ තමා බිත්තර දැමූ පසුත් ඒවා රැුක පැටවුන් ආ පසු ඔවුන් ප‍්‍රමාණයෙන් දෙගුණයක් වන තෙක් තමන් බිත්තර දැමූ කැදැල්ලටම ඩයිනොසෝර අම්මලා විටින් විට ඇවිත් ගිය බව.
    කැනඩාවේ ඔන්ටාරියෝ රාජකීය කෞතුකාගාරයේ පෘෂ්ඨවංශික පොසිලවේදය (පාෂාණභූතී ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාව* පිළිබඳ සම සංරක්ෂක ඬේවිඞ් එවන්ස් කියන්නේ: ”ඩයිනොසෝරයන්ගේ පොසිල අපට කොතෙකුත් හමුවෙලා තියෙනවා. ඒත් ඔවුන්ගේ ප‍්‍රජනක ජීව විද්‍යාවට අදාළ පොසිල තොරතුරු ඇත්තේ ඉතාමත් ස්වල්පයක් පමණයි. විශේෂයෙන් ම ඉතා පැරණි ඩයිනොසෝරයන්ගේ බිත්තර ගැන හදාරන්න මෙය අනගි අවස්ථාවක්” කියලයි.

    070205-dinosaur-photo.jpg


    පරිණාමීය බව

    ”වසර මිලියන 190ක් පැරණි මේ විස්මිත කැදලි සමූහය අපට ප‍්‍රථම වතාවට අවස්ථාව සපයා තියෙනවා, ඩයිනොසෝරයන්ගේ පරිණාමීය ඉතිහාසයේ මුල් යුගයේ ප‍්‍රජනනය පිළිබඳව අධ්‍යයනය කරන්න.” මෙසේ කියන්නේ පොසිල විද්‍යාඥයකු වන මහාචාර්ය රොබට් රීස් ඒ දුර්ලභ අධ්‍යයනය ගැන සඳහන් කරමිනුයි.මෙම කැදලිවල එකක බිත්තර 34 බැගින් ළං ළංව අසුරා තියෙනවා. අවසාදිත පාෂාණ අතර රැුඳි මේ පොසිලවලින් හෙළිවන්නේ ඔවුන් රංචු වශයෙන් එක් ප‍්‍රදේශයක් තෝරාගෙන කැදලි තනා බිත්තර දමා ඇති බවයි. මීටර 6ක් පමණ දිගින් යුත් ඩයිනොසෝර මවගේ සිරුරේ ප‍්‍රමාණයේ හැටියට මේ බිත්තර ඉතා කුඩයි. ඒ බිත්තරයක විශ්කම්භය 6-7 ජප ක් පමණ වෙනවා. මේ කැදලිවල බිත්තර අසුරා ඇති අන්දම අනුව බිත්තර දැමූ පසු මව විසින් ඒවා එකටෙක ළංකර තබන්නට ඇතැයි යන්න මේ පිළිබඳව අධ්‍යයන කළ රොබට් රීස් කියනවා.

    DINO_EGGS.jpg


    පැරණිම කලලය

    මහාචාර්ය රීස් වැඩිදුරටත් කියන්නේ, ”මේ බිත්තර, කලලයන් හා කැදලි හමුවී ඇත්තේ කන්දක් කැපූ පාරක මීටර 25ක පමණ පාෂණ තීරුවකයි. අපට මෙහි කැදලි දහයක් පමණ හමුවුණා. අපට හිතෙනවා තවත් මෙවැනි කැදලි රැුසක් කන්ද මුදුනේ ප‍්‍රපාතාකාර බෑවුමේ ඇති කියලා.කාලගුණික කි‍්‍රයාවන් නිසා ඒවා නුදුරු අනාගතයේ දීම විනාශ වී යාමට ඉඩ ඇති බවයි.”මේ පොසිල හමුවී ඇත්තේ මුල් ජුරාසික අවධියට අයත් අවසාදිත පාෂණ අතරෙයි. මැසොස්පොන්ඩිලස් නම් ඩයිනොසෝර විශේෂයට අයත් මෙතෙක් සොයා ගෙන ඇති පැරණිම කලලය මතු කර ගනු ලැබුවේත් මේ ස්ථානයේදිමයි. මෙම මැසොස්පොන්ඩිලස් ඩයිනොසෝරයන් දිගු බෙල්ලක් ඇති ශාක භක්ෂකයන්. ජුරාසික හා ක්‍රෙටීසියානු අවදිවලට අයත් සතුන් යෝධ සතුන් විශේෂයක්.

    inside-dinosaur-egg-4.jpg


    img-thing

    :P:P:P:P:P:P:P:P
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මෙහෙම ගියොත් අපිට ඩයිනෝසරයන්වත් ලගදිම පනපිටින්ම දැකගන්න බැරිවෙන එකක් නෑ වගේ :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled:
    තැන්කූ කිව්වා බෙදා හදා ගත්තට... රෙප් දෙන්න නම් බැරිලු.
    :D:D:D
    මෙහෙම ගියොත් අපිට ඩයිනෝසරයන්වත් ලගදිම පනපිටින්ම දැකගන්න බැරිවෙන එකක් නෑ වගේ :P
    අපෝ ඔව්
    මං වගාවක් දාලා තියෙන්නේ මේ දවස්වල:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙහෙම ගියොත් අපිට ඩයිනෝසරයන්වත් ලගදිම පනපිටින්ම දැකගන්න බැරිවෙන එකක් නෑ වගේ :P
    ඒක තමා මාත් කල්පනා කලේ...:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අලුත් දෙයක් දැනගන්න ලැබුනට ඔබට මගෙන් රෙප්.!! :yes: :yes:

    ඒක තමා මාත් කල්පනා කලේ...:P

    සුදු පූව දන්න දේවල්...
    :P :P :rolleyes: :P :P

    animated-gifs-dinosaurs-10.gif
    animated-gifs-dinosaurs-10.gif
    animated-gifs-dinosaurs-10.gif
    animated-gifs-dinosaurs-10.gif
    animated-gifs-dinosaurs-10.gif


    picture.php


    TFS Bro... +7
    url
    තෑන්ක්ස් මචන්ලා:D:D:D:D
    :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol: