ඩයිනෝසෝරයන් ගැන [Part 1]

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
ඩයිනෝසෝරයන් ගැන [Part 1]


DinosaursRef.gif



වර්ෂ මිලියන 65 කට ප්‍රථමව Mesozoic යුගය අවසානයේදි නෂ්ඨ වී ගිය දැවන්ත උරග විශේෂය යුග දෙකක් ඉතා දැවන්ත කාලයක් පෘතුවිය මත
තම ආධිපත්‍යය පතුරවගෙන සිටිබව නූතනයේදි සොයාගන්නා ලද සාධක මගින් තහවරු කර තිබේ. ඔවුන් පෘතුවිය මත පහළ වීම Paleozoic යුගය දක්වා දිවයනතර අධික ලෙස පෘතුවිය පුරා පැතිරි යාමක් Mesozoic යුගයේ Triassic සහා Cretaceous යන අනු යුග වල දක්නට ලැබෙන ලදි. මොවුන්ගේ වද වීම පිළිබදව විවිධ මත තිබෙන තර එයින් වඩාත් පිළිගැනීමකට ලක්වන මතය ලෙස උල්කාෂ්ම ඝණ්ඨණය හේතුකොට ගෙන පෘතුවියේ ඇතිවූ සංකුලතාව සදහන් කළහැක නූතන සාධක මගින් එම ස්ථානය මෙක්සිකෝවේ Yucatán අර්ධද්වීපය ලෙස දක්වනතර එයහි විෂ්කම්භය කිලෝමීටර 170 ලෙස ගණනය කර තිබේ මෙය Chicxulub ආවාටය ලෙස හදුන්වනු ලැබේ. වර්තමාන මෙක්සිකෝවේ Yucatán අර්ධද්වීපය නිජභූමිය කොටගෙන පුරා වසර දහසකට ආසන්න සංඛ්‍යාවක්
එහි විසු මායා ශිෂ්ඨාචාරය මෙම ස්ථානය ජන්ප්‍රිය වීම සදහා උපකාරී වූ බව කෙසේ වෙතත් සදහන් කළ හැක.

250px-Yucat%C3%A1n_en_M%C3%A9xico.svg.png



ඩයිනෝසෝරයන්ගේ ප්‍රදාන වශයෙන් වර්ග දෙකක් ඇතිතර ඒවා Bird-hipped dinosaurs, Lizard-hipped dinosaurs යන ඒවා ලෙස සදහන් කළ හැක මෙම කාණ්ඩ දෙකේ වෙනස්කම් ඔවුන්ගේ අස්ථියන්ගේ ව්‍යූහය පාදක කොටගෙන දැක්විය අතර Bird-hipped යන්ගේ Pubis (යුනි) අස්ථිය සත්වයාගේ පසුපසට වන්නට පිහටා තිබේ නමුත් Lizard-hipped dinosaurs යන්ගේ එය සත්වයාගේ ඉදිරියට නෙරා තිබේ මොවුන් විද්‍යානුකූල ලෙස පිළිවෙලින් Ornithischia සහා Saurischia ලෙස වැඩිදුර ලෙස දැක්විය හැක.

dinosaur-images-019-resize.jpg


මොවුන් වර්තමානයේ Scientists ලා මගින් නැවත ජීවී තත්වයට ගෙන ඒමට උත්සහා කරනතර මෙම ලිපිය මගින් එම කාර්‍යයේ ප්‍රගතිය සහා
හැකියාව පිළිබදව සදා විද්‍යානූකූලව පවතින බාධක පිළිබදව වගේම විවිධ අවස්ථාවන් ගැන සකච්ජාකරනු ලැබේ

සියලු සත්වයන් සෑදි පවතින්නේ සෛල ලෙස හදුන්වන ඉතා කුඩා ජීවී කොටස් මගින් වේ මේවා සෑම ඒන්ද්‍රක සත්වයෙක් තුළම පවතින අතර ඒවා ශරීරයේ ක්‍රියාකාර්ත්වයට වගේම මනා හැඩයක් ලබාගැනීමට උපකාරී වේ මෙම සෑම සෛලයක් තුළම DNA හෙවත් deoxyribonucleic acid නැමති අණු පවතින අතර මේවා තුළ සත්වයාගේ ජාන කේත ගබඩා වී පවති එය සත්වයන් තුළ පමණක් නොව ශාඛ තුළද වගේම බැක්ටිරිය ආදියන් තුළද පවති මෙහි කාර්යයන් ලෙස ප්‍රෝටීන නිපදවීම වැදගත් තැනක් උසුලයි DNA මත ඉතා විශාල දත්ත සංඛ්‍යාවක් ගබඩා වී පවතින අතර එය පරම්පරාගතික ලෙස ගති ලක්ෂණ ගෙන යාමට මහගු ලෙස උපකාරි වෙනු ලැබේ දෙමවිපියන්ගේ ලක්ෂණ තම දරුවන් හට ගලායෑම DNA අණු මගින් සිදුවෙන ඉතා වැදගත් මෙහෙයක් ලෙස සැලකිය හැක

ඩයිනෝසෝරයන් නිර්මාණය කරගැනීමට ප්‍රථමව එක රැස් කරයුතු ඉතා වැදගත් කොටස් වන්නේ ඔවුන්ගේ DNA අණු වේ මේවා සිතියමක් නිර්මාණය කරගැනීම මගින් සම්පූර්ණ සත්වයෙක් නිර්මානය කරගත හැකිතර දැනට පවතින ප්‍රශ්ණයක් වන්නේ අවුරුදු මිලියන 65 ඉහත වදවූ ජිවීන්ගේ DNA රැස් කරගැනීම පිළිබදව වේ Scientists ලාගේ මතය අනුව සත්වයන්ගේ ඒන්ද්‍රක කොටස් වසර 100,00 කට නොපවතින බව සදහන්.
tyrannosaurs rex නම් සත්වයකුගේ අස්ථි මොන්ටානා ජනපදය අශ්‍රිතව ළගදී කරන ලද කැණිමක් මගින් සොයාගන්න ලද අතර එය කාබන් කාල නිර්ණයට අනුව වසර මිලියන 68 ඉහත Cretaceous යුගයේ වැලලුනු කොටස් ලෙස සදහන්. අධ්‍යනය කරන ලද අස්ථි තුළ ඒන්ද්‍රක කොටස් සුරක්ෂිත ලෙස පැවතීම Scientists ලා හට ඉතා පුදුමාකාර ප්‍රේහෙළිකාවක් වන බව වැඩිදුර ලෙස සදහන්.

මොන්ටනා සරසවියේ පාෂාණි භූත අංශයේ මහාචාර්‍යය Jack Horner ට අනුව ඩයිනෝසෝරයන් නැවත ගෙන ඒම එතරම් ගැටලුවක් නොවන බව දැක්වේ නූතනයේ පක්ෂීන් තුළ ඩයිනෝසෝරයන්ගේ ජාන පවතින අතර එය පරිණාමය නැමති සංකල්පය ඔස්සේ නූතන ලක්ෂණ මගින් යටපත් කර ඇති බව සදහන් ඒවා උඩට නෙරා ගැනීම තුළින් සජිවී ඩයිනොසෝරයෙක් නිර්මාණය කරගැනීම අපහසු නොවන බවද සදහන්.

-BY Mesozoic End Of Part 1
 
  • Like
Reactions: sandhanuwan1