ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..

    11991_340678059378278_1061348903_n.jpg

    ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවේදී සත්‍ය කතාවකි.

    වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල නිසා පුද්ගලික රෝහලකදී ලක්ෂ දෙකහමාරක ශල්‍යකර්මයක් වැරදුණ පසු පිහිටක් සොයා රෝගියාව රජයේ රෝහලට හදිසියට ගෙනයන්න හදන විට බිල ගෙවනකම් යන්න නොදී රෝගියාගේ දියණිය කාමරයක් තුළ සිර කළ සිද්ධියක් පසුගියදා උසාවියේදී විභාග වුණා.
    මෙම සිද්ධිය නිසා මියගියේ දයානි හේමමාලා නමැති මවකි. ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හඳුනාගැනීමෙන් පසු එය ඉවත් කිරීමේ සැත්කම භාරගෙන තිඛෙන්නේ සුප්‍රකට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්නයි. මේ සඳහා ලක්ෂ දෙකහමාරක් පමණ වැයවන බව දැන්වූ පසු එය ගෙවන්නට එක`ගවීමෙන් පසු පසුගිය අප්‍රේල් 9 වනදා ශල්‍ය කර්මය සඳහා ඩර්ඩන්ස් ශල්‍යාගාරයේ එය සිදු කර තිඛෙනවා.
    ඔහුට මෙම සැත්කම සඳහා බඩවැල් පිළිබඳ විශේෂඳයෙකුගේ සහායද ලබාගන්න යයි රෝගියාගේ පාර්ශ්වයෙන් ඉල්ලා තිබුණත් සැත්කමේදී එවැනි සහයෝගයක් ලබාගෙන නැත.
    මෙම සැත්කමින් බඩවැලට පිටතින් තිබුණ ගෙඩිය ඉවත් කරන්නට වෛද්‍යවරයා කටයුතු කර තිඛෙනවා. ඇය සැත්කමින් පසු රෝහලේම නේවාසිකව සිට ඇත. දින හතරකට පමණ පසුව රෝගියාගේ තත්වය උත්සන්න වූ බවත් සැත්කම කළ ස්ථානයෙන් කොළ පැහැති දියරයක් නිකුත්වන්නට වූ බවත් වාර්තා වුණා. මේ බව ඥාතීන් විසින් රෝහල් බලධාරීන්ට දැන්වූ පසු සැත්කම කළ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂා කර අනතුරුව විශේෂඥ වෛද්‍ය සෙරිප්දීන් මහතාවද ගෙන්වා තවත් සැත්කමක් කර ඇත. අනතුරුව රෝගියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිඛෙනවා.
    මේ අතරවාරයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න රෝගියාගේ පාර්ශ්වයේ අය හමුවී පවසා ඇත්තේ තමා දින 10 ක ප්‍රංශ චාරිකාවකට යන බැවින් රෝගියා ගැන තමාට මින් ඉදිරියට බලන්නට බැරිව යන බවයි.
    තවත් දින දෙකතුනක් යන විට රෝගියාගේ තත්වය දරුණු අතට හැරී තිබීම නිසා මියගිය දයානිගේ නැගණිය ඩර්ඩන්ස් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ රෝගියාව කළුබෝවිල රෝහලට මාරුකරන්නට හැකිදැයි කියාය. 17 වනදා සිදු කළ එම ඉල්ලීමට එක`ගවී 18 වනදා කළුබෝවිලට ගෙනයන්නට රෝහල එක`ගවී තිබුණා.
    නමුත් බිල සම්බන්ධව දැඩි ඕනෑකමින් කටයුතු කර තිබුණ රෝහල උදේ 7 වනවිට ඩර්ඩන්ස් රෝහල් දැඩි සත්කාර ඒකකයෙන් රෝගියාව ඉවතට ගෙන ට්‍රොලියක රෝගියා රඳවා තිඛෙන අතර ඇය ගැන බලන්නට කිසිවෙකු සිට නැත. රෝගියාගේ දුවත් මස්සිනා හා නැගණියත් මෙසේ කර ඇත්තේ ඇයිදැයි ඇසූ විට "අපිට බිල ගෙවනකං රෝගියාව පිටත් කරන්න බෑ. දැන්ම බිල ගෙවන්න බැරි නම් ලෙඩාව අරන් යන්න පුළුවන් ඒත් ඇපේට දූව අපි ළ`ග තියන්න වෙනවා" යයි බලධාරීන් දන්වා ඇත.
    ඒ වනවිටත් රෝහලට ගෙවිය යුතු මුදලින් කොටසක් රෝගියාගේ පාර්ශ්වය ගෙවා තිබුණ අතර ගෙවන්නට නියමිතව තිබී ඇත්තේ ඉතිරියයි.
    බැංකු විවෘත කරන වේලාව වනතුරු සිටිය යුතු නිසා එක්වරම මුදල් ගෙවන්නට අපහසුවීමත් රෝගියාගේ තත්වය දරුණුවීමත් නිසා මස්සිනා තීරණය කර ඇත්තේ දියණිය ඇපයට තබා රෝගියාව ගෙන යන්නටය. ඒ අනුව කළුබෝවිල රෝහලට රෝගියාව පිටත් කර පසුව මුදල් බැංකුවෙන් ලබාගෙන ගොස් ඩර්ඩන්ස් රෝහලේ කාමරයක ඇපයට සිර කර රඳවා සිටි දියණිය බේරාගන්නට මස්සිනා කටයුතු කර තිබුණා.
    කෙසේ වෙතත් ඒවනවිටත් දුර්වල තත්වයට පත්ව සිටි රෝගියා කළුබෝවිල රෝහලේදී තවත් දුර්වල වූ අතර මාස හතර හමාරකට පසු ජීවිතක්ෂයට පත්වුණා.
    මෙම අප්‍රසන්න හා අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් මියගිය දයානි හේමමාලාගේ සැමියා වන තුන්මෝදර වග පදිංචි උපාලි ගුණතිලක මහතා කොල්ලූපිටිය පොලිසියට ගොස් විශේෂඥ මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න වෛද්‍යවරයාට එරෙහිව අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ශල්‍යකර්මය ගැන පැමිණිල්ලක් යොමු කළේ අනතුරුවයි.
    මේ සම්බන්ධව පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 14 වනදාට කල් තැබුණා.

    _______________________________________________________________
    ඒ අසරණ අමමාට නිවන් සැප ලැබේවා! මෙවන් විපත් වනේ සිටින වන හතුරෙකුටවත් සිදු නොවේවා! කවුන්ටරයට ගොස් කතා කළත් දාහෙ දෙදාහේ බිල් කඩන පොෂ් පැළැන්තියේ රෝහල් වලින් අසරණ රෝගීන්ට ලබා දෙන සේවය මේකදැයි සිතාගත නොහැකිව අපි තෘෂ්ණීම්භූතව බලා සිටිමු.
    _______________________________________________________________

    මූලාශ්‍රය:gossiplankanews
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වගේ තව සිද්ධියක් උනා නේද ටික කාලෙකට කලින්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Old news. If you go to a private hospital you should be prepared to pay your bills. Private hospitals are not charity organizations
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිල ගෙවල ලෙඩාව ගෙනියන්න ඕනෙ. පුන්‍යායතන නෙවෙයිනෙ. බිල නොගෙව ලෙඩාව ගෙනිච්චොත් සල්ලි ගන්නෙ ගෙදර හොයාගෙන ගිහිල්ලද
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පොෂ් පැලැන්තියෙ උන් විතරක් නෙමෙ බන් ඔව්වාට යන්නෙ
    ඊයෙ පෙරෙයිදා සල්ලි අතපත ගාපු උනුත්, රජයෙ ජොබ් කරන අරමුදල් වරප්‍රසාද තියෙන එවුනුත් ඔව්වාට යනවා. යන්නෙ ලොකුකම පෙන්වන්න මිසක් ලෙඩෙ හොඳකරගන්න නෙමෙ

    ප්‍රයිවට් එව්වායෙ සල්ලි ගෙවලා යන්න ඔනි. සල්ලි නොගෙවා යන්න එව්වා පුන්‍යායතන නෙමෙ නෙ
    අනික් දෙ තමා ප්‍රයිවට් එව්වායෙන් වැරැද්දක් උනොත් අවුලක් උනොත් ආයෙත් රජයෙ එව්වාටම කරකවලා එවනවා.
    ලංකාවෙ හෙල්ත් කෙයාර් සිස්ටම් එක මාරම අවුල් බන් .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ලංකාවේ ඩොක්කුන්ට විරුද්ධව දාන පැමිණිලි වලින් උන්ට කෙලවුනා කියලා අහලවත් තියනවද තොපි??කේස් ලොකුවටම ඇදෙනකොට මේ පිලිබද විධිමත් පරීක්ෂණයක් පවත්වනවා කියලා කියනවා ඒ පරීක්ෂනේ පවත්වන්නෙත් තවත් ඩොකෙක්ම තමයි ඉතිං හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ තමා මතකනෙ අර බීලා ගිය ඩොකී බීලා කියලා ඇස්පනාපිට ඔප්පුවෙලා තියෙද්දිත් ඒකි බීලා නෑමයි කියලා ඩොකීව චෙක් කරපු ඩොකා පොලවෙ හැපුන හැටි ලංකාවේ ඩොකාලගෙ සංගමේ කියන්නෙ මාෆියා එකක් වගේ උන්ගෙ උන් කොච්චර වැරදි කරත් උන්ව සුද්ද කරනවා කොහොමහරි මට ඩොක්කු එක්ක පෞද්ගලික කේස් එකක් නෑ ඇහින් දැක්ක දේවල් මේ කියන්නෙ මේවා හැම ඩොකාටම අදාල නෑ මනුස්සකම් දන්න ‍රත්තරං ඩොකාලත් ඉන්නවා ලංකාවේ ඩොක්කුන්ගෙ කෙරුවාව දැනගන්න ඕන්නං ඩොක්ට රුවන්ගෙ බ්ලොග් එක කියවහල්ලා ලංකාවේ සමහර ඩොක්කු හිතාගෙන ඉන්නෙ උන් අහසින් පාත්වෙච්ච දෙවිවරු සෙට් එකක් කියලා ඩොකෙක්ගෙ බලු වැඩ හින්දා උබලගෙ ලගම කෙනෙක් නැති උනොත් ඔය කරනවා කියන පරීක්ෂණ ගැන සතපහක විශ්වාසයක් තියන්න එපා කේස් එකේ සැර අඩු වෙනකං කල් අරින්න විතරයි ඕවා තියෙන්නෙ උබලාගෙ කෙනෙක් එහෙම 100%ක්ම ඩොකෙක්ගෙ බලු වැඩ හින්දා නැති උනානං අනිවා පොඩ්ඩක් ඒරියා එකේ තග් සීන් එකේ ඉන්න කොල්ලො සෙට් එකකට කියලා මතක හිටින ගේමක් දීලා හමන්නලා ගනිං

    ප.ලි:- මරවන්න කොටන්න යන්න එපා උන් ලව්වා ඊටවඩා මතක හිටින සැර ගේමක් " හීන් සැරෙයෙන්" දෙන්න පුලුවන්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    Pvt hospital ehema thamai ban. Api yanna oone e risk eka aragena. Godak aya pvt yanne salli thiyena nisa, pahasukam thiyena nisa, ikmanata wade karaganna puluwan wage hethu nisa. Salli ekka manussakam naha ban
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවේ ඩොක්කුන්ට විරුද්ධව දාන පැමිණිලි වලින් උන්ට කෙලවුනා කියලා අහලවත් තියනවද තොපි??කේස් ලොකුවටම ඇදෙනකොට මේ පිලිබද විධිමත් පරීක්ෂණයක් පවත්වනවා කියලා කියනවා ඒ පරීක්ෂනේ පවත්වන්නෙත් තවත් ඩොකෙක්ම තමයි ඉතිං හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ තමා මතකනෙ අර බීලා ගිය ඩොකී බීලා කියලා ඇස්පනාපිට ඔප්පුවෙලා තියෙද්දිත් ඒකි බීලා නෑමයි කියලා ඩොකීව චෙක් කරපු ඩොකා පොලවෙ හැපුන හැටි ලංකාවේ ඩොකාලගෙ සංගමේ කියන්නෙ මාෆියා එකක් වගේ උන්ගෙ උන් කොච්චර වැරදි කරත් උන්ව සුද්ද කරනවා කොහොමහරි මට ඩොක්කු එක්ක පෞද්ගලික කේස් එකක් නෑ ඇහින් දැක්ක දේවල් මේ කියන්නෙ මේවා හැම ඩොකාටම අදාල නෑ මනුස්සකම් දන්න ‍රත්තරං ඩොකාලත් ඉන්නවා ලංකාවේ ඩොක්කුන්ගෙ කෙරුවාව දැනගන්න ඕන්නං ඩොක්ට රුවන්ගෙ බ්ලොග් එක කියවහල්ලා ලංකාවේ සමහර ඩොක්කු හිතාගෙන ඉන්නෙ උන් අහසින් පාත්වෙච්ච දෙවිවරු සෙට් එකක් කියලා ඩොකෙක්ගෙ බලු වැඩ හින්දා උබලගෙ ලගම කෙනෙක් නැති උනොත් ඔය කරනවා කියන පරීක්ෂණ ගැන සතපහක විශ්වාසයක් තියන්න එපා කේස් එකේ සැර අඩු වෙනකං කල් අරින්න විතරයි ඕවා තියෙන්නෙ උබලාගෙ කෙනෙක් එහෙම 100%ක්ම ඩොකෙක්ගෙ බලු වැඩ හින්දා නැති උනානං අනිවා පොඩ්ඩක් ඒරියා එකේ තග් සීන් එකේ ඉන්න කොල්ලො සෙට් එකකට කියලා මතක හිටින ගේමක් දීලා හමන්නලා ගනිං

    ප.ලි:- මරවන්න කොටන්න යන්න එපා උන් ලව්වා ඊටවඩා මතක හිටින සැර ගේමක් " හීන් සැරෙයෙන්" දෙන්න පුලුවන්

    අපෝ ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන් . සමහර ඩොකාලා හෙන පණ්ඩිතයි . ඔළුව ඉදිමිලා . මොකද ඔය සමහර එවුන් පොඩි තැන් වල ඉදන් එන්නේ . සල්ලි අතගෑවම ඔළුව වැඩි වෙනවා . ලෙඩ්ඩු පව් .
    මම දන්න කෙනෙක්ගේ අත operation කරන්න ගිහිල්ලා අතේ වැරදි නහර වගයක් කපලා ආසිරි එකේ . සල්ලිත් අපරාදේ . අන්තිමට සිංහල බෙහෙත් කරලා අත ගොඩ දාගත්තේ . තව ටිකෙන් අත ගන්න දෙයක් නැති වෙනවා .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දේශීය වෙදෙක්ගෙන් ඔහොම සීන් එකක් වුනානම් ඔක්කොම උන් බනින්නේ වෙදාටත් වඩා වෙදකමට.. මේ සිද්දිය බැලුවම වැඩියෙන්ම බනින්නේ බටහිර වෙදකමටත් වඩා ඩොකාට සහ ඉස්පිරිතාලේට..2019 අපි සුද්දන්ගෙන් පැවතෙන හරිම අමුතු වහලුන් පිරිසක් :cool:මේන්න මේ වහල්කම නැතිවුන දවසට රට දියුණු වෙයි:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,208
    772
    113
    ඔය වගේ තව සිද්ධියක් උනා නේද ටික කාලෙකට කලින්

    ඔව් අසිරි hospital එකේ ගෙවල් දොරවල් උගස්තියලා operation එකට සල්ලි හොයන තිබ්බේ අනිතිමට ලෙඩා මලා ළමයින්ටයි බිරිදට යන එනමන් නැති උනා බොඩි එක දුන්නෙත් නැ room charges ගෙවන කන් පව් බන් අසිරි hospital එකෙන් case එක යට ගැහුවා​
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    දේශීය වෙදෙක්ගෙන් ඔහොම සීන් එකක් වුනානම් ඔක්කොම උන් බනින්නේ වෙදාටත් වඩා වෙදකමට.. මේ සිද්දිය බැලුවම වැඩියෙන්ම බනින්නේ බටහිර වෙදකමටත් වඩා ඩොකාට සහ ඉස්පිරිතාලේට..2019 අපි සුද්දන්ගෙන් පැවතෙන හරිම අමුතු වහලුන් පිරිසක් :cool:මේන්න මේ වහල්කම නැතිවුන දවසට රට දියුණු වෙයි:yes:

    :lol: පුක දෙන්නැතුව සයිඩ් එකෙන් වාඩි වෙලා ඉන්න පීස්.
     
    • Like
    Reactions: ElaMalli
    Dec 31, 2018
    332
    22
    0
    කාලකන්නි. ඇයි බන් රජයේ රෝහල් වලට යන්නැත්තෙ මිනිස්සු ? සල්ලි ගෙවලා අනාත වෙලා හුකාගෙන තමයි රජයෙ රෝහල් වලට යන්නෙ. රජයෙ රෝහල් හොඳයි බන්. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කාලකන්නි. ඇයි බන් රජයේ රෝහල් වලට යන්නැත්තෙ මිනිස්සු ? සල්ලි ගෙවලා අනාත වෙලා හුකාගෙන තමයි රජයෙ රෝහල් වලට යන්නෙ. රජයෙ රෝහල් හොඳයි බන්. :yes:

    :(:(:(:yes::yes::yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රජයෙ රෝහල් හොඳයි බන්. :yes:

    ඔබතුමා රජයේ රෝහලකට ගිහින් තියෙනවද? දවසක යන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට. ඩෙංගු හැහුනු එකයි, පපුවෙ අමාරුව තියෙන එකයි, බෝවෙන රෝගියයි, තුවාලකාරයයි ඔක්කොම එක වාට්‍ටුවෙ, එක ඇඳේ දෙන්න ගානෙ, තවත් ලෙඩ්ඩු වැඩි වෙලාවට ඇඳ යට පවා ඉන්න හැටි බලල එන්න. දොස්තරගෙ, නර්ස්ලගෙ විතරක් නෙවි ඇටෙන්ඩන්ගෙ පවා ලොකුකම් බලල උන්ගෙන් බැනුම් අහල එන්න. එහෙම ඇවිත් මෙතන කමෙන්ට් දාන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔබතුමා රජයේ රෝහලකට ගිහින් තියෙනවද? දවසක යන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට. ඩෙංගු හැහුනු එකයි, පපුවෙ අමාරුව තියෙන එකයි, බෝවෙන රෝගියයි, තුවාලකාරයයි ඔක්කොම එක වාට්‍ටුවෙ, එක ඇඳේ දෙන්න ගානෙ, තවත් ලෙඩ්ඩු වැඩි වෙලාවට ඇඳ යට පවා ඉන්න හැටි බලල එන්න. දොස්තරගෙ, නර්ස්ලගෙ විතරක් නෙවි ඇටෙන්ඩන්ගෙ පවා ලොකුකම් බලල උන්ගෙන් බැනුම් අහල එන්න. එහෙම ඇවිත් මෙතන කමෙන්ට් දාන්න.

    වාට්ටු බෙදල තියෙන්නේ. එකම වාට්ටු තියෙන්නේ ග්‍රාමීය රෝහල් වල.
    කළුබෝවිල වෙන වෙනම වාට්ටු තියෙනවා

    ඩෙංගු හෝ වෙනත් බෝවෙන් වසංගත කාලෙට තමයි එක ඇඳේ 2-3 දාන්නේ
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    වාට්ටු බෙදල තියෙන්නේ. එකම වාට්ටු තියෙන්නේ ග්‍රාමීය රෝහල් වල.
    කළුබෝවිල වෙන වෙනම වාට්ටු තියෙනවා

    ඩෙංගු හෝ වෙනත් බෝවෙන් වසංගත කාලෙට තමයි එක ඇඳේ 2-3 දාන්නේ

    මම ගියා කලුබෝවිල පපුවෙ අමාරු හැදුනු ලෙඩෙක් බලන්න. මගෙ ලෙඩාගෙ ඇඳේම තව වයසක පණ අදින සීය කෙනෙක්. එක ඇඳේ ලෙඩ්ඩු 2යි. මම ඇහුව මේ වාට්‍ටුවෙ ඉන්න ඔක්කොම පපුවෙ අමාරු කාරයොද කියල. නෑ. අර ඉන්නෙ ඩෙංගු හැදුනු කෙනෙක් කියල එකෙක්ව පෙන්නුව. දොස්තරල ඉන්නෙ ලෝඩ්ල වගේ. මහ රජ්ජුරුව වගේ ඉන්නෙ. ලෙඩ්ඩු යන්න ඕනෙ දෙකට තුනට නැමිල ඔලුව කස කස. එහෙම ගියෙ නැත්නම් උන්ට තද වෙනව.
     
    • ලංකාවෙ තියෙන නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී දේ නැති කරන්නෙ උබල වගේ පොන්නයො තමයි.
     
    Dec 31, 2018
    332
    22
    0
    ඔබතුමා රජයේ රෝහලකට ගිහින් තියෙනවද? දවසක යන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට. ඩෙංගු හැහුනු එකයි, පපුවෙ අමාරුව තියෙන එකයි, බෝවෙන රෝගියයි, තුවාලකාරයයි ඔක්කොම එක වාට්‍ටුවෙ, එක ඇඳේ දෙන්න ගානෙ, තවත් ලෙඩ්ඩු වැඩි වෙලාවට ඇඳ යට පවා ඉන්න හැටි බලල එන්න. දොස්තරගෙ, නර්ස්ලගෙ විතරක් නෙවි ඇටෙන්ඩන්ගෙ පවා ලොකුකම් බලල උන්ගෙන් බැනුම් අහල එන්න. එහෙම ඇවිත් මෙතන කමෙන්ට් දාන්න.

    කලින් කොමෙන්ට් එකේ බැන්නට සමා වෙන්න. අසරණ දුප්පත් මිනිස්සු මොනා කරන්නද ? සල්ලි නැත්තම් රජයේ රෝහල් වලට තමයි යන්නෙ. දැන් ගොඩක් අය සල්ලි තිබ්බත් නැතත් රජයෙ රෝහල් වලට තමයි යන්නෙ. ඉස්සරට වඩා දැන් ඒවා ගොඩක් හොඳයි. ගැටලුවකට තියෙන්නෙ ආචාරශීලී නැති කම. මිනිස්සුන්ගෙ මානසික මට්ටම හැදුවම හරිනේ. දවල්ට කෑම එකක් දෙනවා. බිත්තර එක්ක. උබ ඒ කෑම එක කාලා තියේද ? මට නම් හරිම රසයි. කටට කෙළත් ආවා. මාළුත් තියෙනවා සමහර දවස්වල. :D